(චන්ද්‍ර සේන ගමගේ)
උතුරු නැගෙනහිර සමහර කොටස් මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකර සිටීමේ වැඩ පිළිවෙළක් පිළිබඳව තමන්ට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අම්බලන්තොට රිදියගම අද (20) පැවති පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැළියකදී පැවසීය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
‘‘මේ වෙන කොට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා උතුරු නැගෙනහිර මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙමින් සිටිනවා.
මෙවර මැතිවරණයේදී උතුරු නැගෙනහිර ජනතාව ගේ කැමැත්ත වෙනදාට වඩා තම ජනාධිපති අපේක්ෂකයාට ලැබෙන්නට ඇති ඉඩකඩ වැඩි වී ඇති බව පෙනෙන්නට තිබෙනවා.
හම්බන්තොට දිස්‍රතික්කයේ ජනතාවට කිසිදු යුතුකමක් නෑ එජාපටට ඡන්දය දෙන්න. මොකද හම්බන්තොටට මේ රජය කිසිවක් සිදු කළේ නෑ.හම්බන්තොට වාරය විකුණලා මේ රජය ගත්ත සල්ලි වලට මොනවාද වුණේ කියල මේ වන තුරුත් මේ රටේ ජනතාව දන්නේ නෑ.
මම අගමැති වෙලා සිටි දින 51 තුළ මේ රටේ ගොවි ජනතාවට පොහොර සහනාධාරය දෙන්න කටයුතු කළා.නමුත් ඒ වැඩපිළවෙල දිගට කරගෙන යන්න අපට ඉඩ දුන්නේ නෑ. ලෝක ඉතිහාසයේ පලමු වරට කැබිනට් මණ්ඩලයට තීන්දු ගන්න එපා කියල අධිකරණය අපට නියෝග කළා.
මේ මැතිවරණය එජාපය දිනන්න හදන්නේ බොරු ප්‍රචාරය කරලා.ඇල්පිටියේ සමෘද්ධිය බෙදුවා සල්ලි බෙදුවා . සිමින්ති බෙදුවා නමුත් බෙදාපු සිමෙන්ති කොට්ට ගාණටවත් ඇල්පිටියේදී ඡන්දය ගන්න එජාපයට බැරි වුණා.
අද අපි එකතු වී තිබෙනවා. එකට සිටිය අපි දැන් එකතු වෙලා මේ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා කැපවීමෙන් වැඩ කරමින් යනවා.‘‘
COMMENTS
මොන ගේමක් දීලා හරි 2005 දී වගේ වර්ජනය කරවමු. කළා නම් ගොඩම තමයි.
2005දී මහින්ද වැඩි ඡන්ද 70000ක් අරගෙන දිනුවේ ප්‍රභාකරන්ගේ පිහිටෙන්... එදා උතුරු, නැගෙනහිර දෙමළ මිනිස්සු ඡන්දෙ දැම්මා නම් රනිල් වැඩි ඡන්ද ලක්ෂ 5 කින් දිනනවා. මේ පාරක් මහින්ද ට්‍රයි කරන්නේ කොහොම හරි දෙමළ ඡන්ද නතර කරන්න.
එක වතාවක් බර ගාණක් වියදම් කරලා කරගත්තු දෙයක් මේපාර නිකම්ම සිද්ධ වෙන්න යනවා වගේ නේද අපේ මහත්තයෝ? රටටම එපාවෙලා හිටිය හිස්බුල්ලා උන්නැහේ දැම්මෙත් රට පුරාම එක්කෙනෙකුට ෂුවර් මුස්ලිම් ඡන්ද කඩන්න කියලත් කතාවක් ප්‍රචාරය වෙනවා. මොකද නැගෙනහිර විතරක් නෙවේ.. රට පුරාම තියෙන්නේ ඔය දිගට දිගේ තියෙන ඡන්ද කෝලමනේ. ඒ අස්සේ අර කළුතර පැත්තේ සිංහයෙක් වගෙයි කියන කෙනා හොයාගන්න එයාගේ නිදන කාමරේට කඩා පැන්නාය කියන " කඩා පනින හමුදාවක් " ගැනත් දැන් දැන් සමහරු ඕනෑ නැති කතා පතුරවනවා ඔන්න. ඇත්තද මන්දා? ප්‍රධාන අපේක්ෂකයින් කියන අයගේ රැස්වීම් වලනම් එතරම් සෙනඟ ඉන්න බවක් පෙනෙන්නේ නැහැ. අර විකල්ප අපේක්ෂකයින් වැඩේ දෙයි වත්ද?
අනුන්ගේ ඡන්ද අයිතිය සැහැල්ලුවට ගන්න එපා තමන්ගේ වාසියට මිනිස්ස්සු අද වෙනදට වැඩ බුද්ධිමත් කියන එක වත් තෙරුම් ගන්න
2015 දීත් ඔහොම සිහින ලෝකෙක හිටියා නේද? අන්තිමේදී චන්ද ප්‍රතිපල කියලා ඉවර වෙන්නත් කලින් ආණ්ඩුවෙන් හෙලිකොප්ටරයක් ඉල්ලගෙන ගමට යන්න සිද්ද උනා. දැන් හිතෙනවා ඇති අනේ අපරාදේ ප්‍රභාකරන්ව මැරුවේ තියා ගත්තා නම් සල්ලි කියක් හරි දීලා මේ පාරත් චන්දෙ වර්ජනේ කරවා ගන්න තිබුනනේ කියලා. හැබැයි එහෙම වුනා නම් මේ වෙනකොට දකුණට විකුනන්න යුධ ජයග්‍රහණයක් නැති වෙනවා. 2015 දී මහින්ද නොදීපු ඡන්දයක් මේ සැරේ උතුරෙන් ගෝටාට ලැබෙන්න නම්කි සිම හේතුවක් නැහැ. 2010 දී උතුරු නැගෙනහිරෙන් මහින්දට වඩා ෆොන්සේකාට චන්ද ලැබුනා. හම්බන්තොට වරාය වික්කේ නැහැ. අවුරුදු 99 ක ඒකාබද්ද බදු ගිවිසුමකින් පාලනය වෙන ක්‍රමයක් ඇති කලේ. එහෙම කරන්න සිද්ද උනේ 2019 මුලදී ගෙවන්න තිබුන අධික ණය වාරිකය ගෙවන්න සල්ලි හොයා ගන්න. ඒ ණය ගත්තෙත් ඔබතුමන්ලාම තමයි.
ඇමෙරිකාවට අවශ්‍ය ලෙස සියල්ල සිදුවෙමින් සහ සිදුකරමින් තිබේ.
මෙවර ලිත් ගහන්නේ නැතිව, සිල්රෙදී දෙන්නේ නැතිව සිමෙන්ති කොට්ට දුන්නා. එ්ක කොයිතරම් ලොකු දෙයක්ද? නාමල් බේබි උතුරේද ඉන්නේ? තරුණියන් ආරක්ෂා කරන්න වෙනම කට්ටියක් ඉන්නවද? අයියගේ ආසාව ඉෂ්ඨ කරන්න මල්ලිව බිල්ලට දෙන්නයි යන්නේ..
යූඑන්පී එකේ හම්බන්තොටට වැඩ කලේ නැද්ද? ගෙවල් හැදුවා, පාලම්, පාරවල් හදලා කියලා ටීවී එකේ නම් පෙන්නුවා. ඒවායේ පුවරුත් පෙන්නුවා. එතකොට බොරුව කොහෙද?
උතුරේ ඡන්ද වර්ජනය ඔබට වෙස්වලාගෙන එන ආශීර්වාදයක්. 2005 ඒ ආශිර්වාදය ඔබට ලබාදුන්නේ ප්‍රභාකරන්.... එය එයාටම සුවිසයිඩ් බෝම්බයක් වුණා. කාටද ආඩම්බර..?
දෙමළ ජනතාව මේ සැරෙත් කයි..., ගිය සැරේ වගේම එහෙනම්. පාඩම් අමතක වෙලාද?
විකල්ප අයට තව කල්පයක් විතර ඉන්න වෙයි..
හම්බන්තොට වරාය සඳහා ගත්ත ණය ගැන නොකියා විකුණලා මේ රජය ගත්ත සල්ලි කතාව පමණක් කියන්නේ ඇයි...?
මේ නොකියා කියන්නේ වර්ජනය කරපල්ලා කියලා.. මෙයා කියන ඒවා අහන්න තරම් ඒ මිනිස්සු අබ්බගාතයන් නෙමේ.. 2005 එල්.ටී.ටී. යට සල්ලි දීලා ඒ වැඩේ කරවාගෙන ඔවුන් තමන්ටම වින කරගත්ත එක ඒ මිනිස්සුන්ට තවම මතක ඇති...
ගෝටාට උතුරේ උසාවියට යන්න බයයි කිව්වා. වැරදිලා හරි ජනපති වුනොත් යාපනයට යන්නේ නැද්ද?
එහෙනම් ඉතින් මහින්ද ඡන්දෙ දිනයි.
පුතාව ඡන්දෙන් ඈත් කරලා තියන්න. තියෙන ඡන්ද ටිකත් නැති කරලා තමා නවතින්නේ.
කියන කිසිදෙයක් සත 5 කට විශ්වාස කරන්න පුළුවන් මනුස්සයෙක් නෙමෙයි මෙයා. පවුලේ බලය වෙනුවෙන් ඕන වැඩක් කරයි. වහල්ලුන්ට නම් හොඳයි ඉතින්.
ජනාධිපතිවරණ ඔක්කොම තීරණය කරන්නේ දෙමල ඡන්ද. මෙවරත් ඒක එහෙම තමයි .
උතුරු, නැගෙනහිර ඡන්ද වර්ජන ගැන හොඳ අවබෝධයක් තියෙන්නේ මෙයාටයි. 2005දී ඔය වැඩේ සාර්ථක කළා..
ඒ මහත්තයෝ 2005 ඔබතුමා.. එල්.ටී.ටී. යට සල්ලි දීලා ඡන්දේ වර්ජනය කරපු වග රටටම මතකයි.
තමුන් ඔය කතා කරන්නේ කටින් නම් වෙන්න බැහැ. කොටින්ට අල්ලස් දීලා උතුරේ ඡන්දෙ වර්ජනේ කෙරුවේ තමුන් කියලා ලෝකෙම දන්නවා. බලතණ්හාව වෙනුවෙන් තමුන් මොනවද නොකෙරුවේ. දූෂිත පවුල් පාලනයක් ගෙනගිය බලලෝබි තමුන් ගැන මොන කතාද?
ඔබට අතීතය අමතක වුනාට අපිට අතීතය අමතක නැහැ. ඒ වගේමයි මේ රටේ බහුතරයක් මිනිසුන්ටත්.....ඔබලා වැනි නොමිනිසුන් සිටිය යුත්තේ මෙහි නොවේ.
කොහොමත් මේ පාර ගෝඨාභයට හොම්බෙන් යන්න වෙන්නේ.