IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘විපක්ෂයේ භූමිකාව එජාපයෙන් ඉටුවෙන්නේ නෑ’

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය වෙන වෙන  න්‍යාය පත්‍ර පස්සේ දුවනවා මිස විපක්ෂයක් ලෙස රටට ජනතාවට සේවය කරන බවක් පෙනෙන්නට නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතා පැවසීය.

ශක්තිමත් විපක්ෂයක් නොතිබීමෙන් රටට ඉදිරියේ දි භයානක ප්‍රතිඵල වලට මුහුණ දිමට සිදුවිය හැකි බැවින් නිලතල බෙදාගැනිම පසෙක තබා ප්‍රබල විපක්ෂයක් ගොඩනගා ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනා කැපවිය යුතු බවත්  ගුණවර්ධන  මහතා සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රාජගිරියේ දී කැඳවූ මාධ්‍ය හමුවකට අද (27) එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතා මෙසේ ද කීය.

  “රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන ආණ්ඩුවේ වැරදි  ගැන කතා කරන්න අද විරුද්ධ පක්ෂයක් අපට නැහැ. විරුද්ධ පක්ෂය වෙන වෙන  න්‍යාය පත්‍ර පස්සේ දුවනවා මිසක් අපේ රටට ජනතාවට සේවය කරන බවක් පේන්න නැහැ.

එක්සත් ජාතික පක්ෂයේ  පිරිස්  අතර තිබෙන මේ ඇනකොටා ගැනීම මෙයට හේතු වී තිබෙනවා. එකට  එකතුවෙලා මේ ප්‍රශ්ණය විසදාගන්න කියලා විද්වතුන් වශයෙන් විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් වශයෙන් එජාප සියලුම ජ්‍යෙෂ්ඨයන්ගෙන් අපි ඉල්ලා සිටිනවා.

ප්‍රබල විපක්ෂයක් නොතිබුනොත්  ඒකේ ආදීනව ජනතාවට ඉතාම භයානක ලෙස විඳ දරා ගන්න සිදුවේවි. විශාල ජනවරමක් ඇවිත් විරුද්ධ පක්ෂය දියාරු වෙච්ච  රටවල ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ආර්ථික, සංවර්ධනයක් නැහැ. අපේ වගේ රටවලට මේ තත්ත්වය සුබවාදී වෙන්නේ නැහැ. ඒ නිසා රටට ප්‍රබල  විපක්ෂයක් අවශ්‍යයි.

මේ පක්ෂය ඇතුලේ  තියෙන අභ්‍යන්තර අර්බුද ඉක්මනින්ම විසඳගන්නේ නැත්නම් මේ පක්ෂය දෙකඩ කැඩිලා නව පක්ෂ බිහිවෙලා අන්තිමට  පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 30-40 ක් වගේ සීමාවෙලා ගැටලු ඇති විය හැකියි. ඒ නිසා මේ පිළිබඳ සියලු දෙනා අවධානය යොමු කළ යුතුයි” යැයිද ඔහු එහිදී පැවසීය.



අදහස් (0)

‘විපක්ෂයේ භූමිකාව එජාපයෙන් ඉටුවෙන්නේ නෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site