IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


‘රජය මහමැතිවරණයේදීත් වතුකම්කරුවන් රවටන්න සූදානම් වෙනවා’

(නිමල කොඩිතුවක්කු)
 
ජනාධිපතිවරණයේදී වතු කම්කරුවන් රැවටූ වත්මන් රජය මහමැතිවරණයේදීද වතු ඔවුන් රැවටීමට සූදානම් වන බවත්, පොරොන්දු වූ රුපියල් 1000 වැටුප ජනවාරි මාසයේ සිට හිඟ වැටුප් සහිතව ගෙවන ලෙසට රජයට බලකර සිටින බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී වඩිවෙල් සුරේෂ් මහතා කොළඹදී අද(27) පැවසීය.
 
ඉදිරි මහමැතිවරණයේදී  සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සංධානය ජයග‍්‍රහණය කිරීමට වතුකරයේ ඡනතාව දෑත් ඔසවා බලා සිටින බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
 
කොළඹ, මාර්ක්ස් ප‍්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව  පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වඩිවෙල් සුරේෂ් මහතා මෙසේද කීය.
       
“ඡන්දය දින්නම වතුකරයේ ජනතාවට රුපියල් 1000ක් දෙනවා කියලා ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවා. දැන් එතුමා ජනාධිපති වෙලා  මාස තුනක් අවසන් වෙලා තියෙනවා. මේ වැටුප් මාර්තු මාසේ ඉදන් දෙනවා කියලා දැන් ආරංචි වෙලා තියෙනවා.  මාර්තු මාසයේ වැටුප ලැබෙන්නේ  අපේ‍්‍රල් මාසයේ 10 වැනිදා. එතකොට මේ ගහන්න හදන ගේම  හොඳටම පැහැදිලියි.
 
දැන් අපේ‍්‍රල් මාසේ මේ වැටුප් දෙන්න  හදනවිට මැතිවරණ  කොමසාරිස් කියයි ඡන්දය ප‍්‍රකාශ  කරලා තියෙන නිසා වැටුප් වැඩි කරන්න නොහැකියි කියලා. පහුගිය කාලේ  රුපියල් 50ට එහෙම වුණා.මේ සැරේ මහැමැතිවරණයේත් වතුකම්කරුවා රවට්ටන්න  තමයි මේ අය හදන්නේ.  රුපියල් 1000 දීමනාව ඡන්ද ගුණ්ඩුවක් වෙන්න බැහැ. 

වතුකම්කරුවන් සඳහා 1000 දීමනාව අමාත්‍ය මණ්ඩලයට දාලා අනුමැතිය ලබාගෙන  තිබෙනවා. ඒ ගැන  අපි ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වෙනවා. අමාත්‍ය මන්ඩලය ගත් තීන්දුව ක‍්‍රියාත්මක කරන්න කියලා අපි වතු  සමාගම් 22 කට කියනවා. සේවකයන් දෙලක්ෂ හතලිස් දහසක් ඉන්නවා. මේ සියලූ දෙනාට ඒ ප‍්‍රතිලාභ ලැබිය යුතුයි.
 
වතුකම්කරුවන් සඳහා දහසේ දීමනාව  රජය නීතිගත කල යුතුයි.  වතු සමාගම් විශාල ලෙස ලාබ ලබමින් තිබෙනවා. නමුත් එහි ප‍්‍රතිලාභ සේවකයන්ට ලැබෙන්නේ නැහැ. ජනවාරි සිට හිඟ වැටුප් එක්ක ගෙවන්න කියලා  අපි රජයට බලකරනවා.
 
වතුකම්කරුවන්  කිව්වම දෙමළ ජනතාව විතරක් නෙමෙයි. මෙතන සියට හැටක් දෙමළ  ජනතාව. අනිත් 40% සිංහල ජනතාවයි. ඒ නිසා  සියලූම නායකයින්ට වගකිමක්  තියෙනවා මේ ජනතාවගේ වැටුප් වැඩි කරන්න.

ගිය ආණ්ඩුව වේවා  මේ ආණ්ඩුව  වේවා වතුකම්කරුවන් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා. ඡුන්ද ගුණ්ඩු දිලා මේ  අහිංසක ජනතාව රවට්ටන්න  එපා කියලා අපි  පාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

දැන් රුපියල් 1000ට කොන්දේසි දාන්න හදනවා.  තේ කිලෝ වැඩියෙන්  කඩන්න  ඕනලූ. රබර් කිරි වැඩියෙන් කපන්න  ඕනලූ. එහෙම කරන්න මේ මිනිස්සු රොබෝලා නෙමෙයි. මේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ නැතුව කිසිදු කොන්දේසියකින් තොරව මේ වැටුප් වැඩිකිරිම සිදු කල යුතුයි.

වතු කම්කරුවන්ගේ සනීපාරක්ෂක පහසුකම් නැහැ, ආරක්ෂාව නැහැ. මේ අයට විවිධ ගැටලූ වලට මුහන දෙන්න සිදුවෙනවා. මේ වතු කම්කරුවන්ගේ සනීපාරක්ෂක සහ ආරක්ෂාව ලබාදෙන්න කියලත් අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

දවස් 365 ම  අපි මේ වතු කම්කරු ජනතාවගේ ගැටලූ ඉදිරිපත් කරනවා. ඒ ප‍්‍රශ්නවලට ඇහුම්කන්  දෙන්නේ නැති සමහර මැති ඇමතිවරු ඡන්දයක්  ආපු ගමන්  වතුවලට යනවා. මේ අයට තවදුරටත් වතුකම්කරුවන් රවට්ටන්න දෙන්න බැහැ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ  කාලයේ තමයි මේ වතුටික සමාගම් වලට භාර දුන්නේ. ඒ අය වතුටික අරගෙන ව්‍යාපාර කරනවා. රුපියල් 100 දෙන්න වෙනවට  සමහර වතු සමාගම් කියනවා අපිට පාඩුයි කියලා.

මේ අය වතු ටික  අරගෙන වතුකම්කරුවගේ ලාබයෙන්  මාලදිවයිනේ,  මැලේසියිෙවේ හෝටල් හදලා තියෙනවා.  මේ මිනිස්සුන්ගේ ලේ දහඩියෙන් හම්බකරගෙන මේ මිනස්සුන්වම  රවට්ටනවා. වතුකම්කරුවන්ට  1000 දීමනාව ලබාදෙන්න මේ රජය වහාම වතු සමාගම්වලට නියෝගයක් ලබාදිය යුතුයි.

මේ වතු පාඩුනම් ආණ්ඩුවට භාරදෙන්න කියලා අපි කියනවා. මේ වතුවලට ලැබෙන ලාබයෙන් රුපියල් 1000ක් නෙමෙයි ඊටත් වඩා දෙන්න පුලූවන්.

අපි මෙච්චර කාලයක් පිරිසිදු  දේශපාලනය නිරරත වෙලා තියෙනවා.  අපිට බාර් නැහැ, ෂෙඞ් නැහැ, රජයේ ඉඩම් කොල්ල කාලා නැහැ. අපේ දෑත් පිරිසිදුයි. අපි වතුකම්කරුවන් වෙනුවෙන් නෙමෙයි වතු සේවකයන් වෙනුවෙන් අපි ජීවිතය පරදුවට තියාගෙන කැපවෙනවා.

වතු කම්කරුවන්ට අද විශ්වාසයක් තැබිය හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණයි. දැන් බදුල්ලට තවත් ආසනයක් ලැබිලා තියෙනවා.  වතුකර ජනතාවගේ ඡන්ද ලක්ෂ 15ක් තියෙනවා. මේ ලක්ෂ 15 ම එක ඡන්දයක්වත්  එහෙට මෙහෙට වෙන්නේ නැතුව  සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන ඒ සංධානයට ලැබෙනවා.

ලබන අපේ‍්‍රල්  මාසය වනවිට වතුකරයේ ජනතාවගේ ඡන්දයෙන් අපි සජිත් පේ‍්‍රමදාස මහතා අගමැති බවට පත් කරනවා” යැයිද ඔහු එහිදී පැවැසීය.



අදහස් (0)

‘රජය මහමැතිවරණයේදීත් වතුකම්කරුවන් රවටන්න සූදානම් වෙනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 201 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2074 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site