IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


‘මෙහෙවර පියස’ ජනපති - අගමැති සුරතින් හෙට ජනතා අයිතියට

(විනීතා එම් ගමගේ)
          
කම්කරු දෙපාර්තමේන්තුවේ මෙහෙවර පියස නව ගොඩනැගිල්ල ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් හෙට (20) ජනතා අයිතියට පත්වන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා  අද(19) ප‍්‍රකාශ කළේය.  

මහල් 34 කින් යුත් නව කම්කරු දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල රජයට අයත් උසැතිම ගොඩනැගිල්ල ද වේ. 

2009 වසරේ ඉදිකිරීම් ඇරඹු මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම් ඇස්තමේන්තුව රුපියල් මිලියන 8557 කි. 

කම්කරු මහලේකම් කාර්යාල භූමියේ මුල් ගල් තබා වැඩ එම වසරේ දී වැඩ ඇරඹුවත් එවකට බලාපොරොත්තුව වී ඇත්තේ සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තියන්ගේ බාර අරමුදල් මණ්ඩලයේ මුදල්වලින් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම වේ. 

එහෙත් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් යොදවා ගැනීමේ දී එම භූමියේ අයිතිය මහ බැංකුව සතුවිය යුතු බවට මහ බැංකුව ගෙන ආ නිර්දේශය මත එම ගොඩනැගිල්ල ඉදිකිරීම අතරමඟ නැවතී තිබු බව කම්කරු අමාත්‍යංශයේ අද (19) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ප‍්‍රකාශ කළේය. 

මෙකී  ප‍්‍රශ්නය මත අතරමඟ වැඩ නැවතී තිබු ගොඩනැගිල්ල යළි ඉදිකිරීම් ආරම්භ කිරීමට 2015 බලයට පැමිණි රජය තීන්දු කළ බවත් භාණ්ඩාගාර මුදල්වලින් එය ඉදිකළ බවත් කී අමාත්‍යවරයා බිලියන 8.5ක ප‍්‍රාග්ධනයක් වැයකර එය ඉදිකර අවසන් කළ බව ද කියා සිටියේය.

රටේ ශ‍්‍රම බළකාය සිඝ්‍ර ලෙස වැඩිවෙමින් පවතින බවත් කොළඹ සහ අවට බොහෝ තැන්වල සිට ඔවුන්ට සේවා ලබාදෙන බවත් ඒ සියලූ කාර්යාල එක වහලක් යටට පැමිණිය යුතු බවත් සිතා මෙම ගොඩනැගිල්ල ඉදිකර අවසන් කළ බව ද හෙතෙම සඳහන් කළේය. 

විවිධ අවස්ථාවන්වල දී නොයෙක් ප‍්‍රශ්නවලට මුහුණ දුන්නත් සියලූ අදාළ අංශ සමඟ එක්ව  ඒවා සමනය කර ගනිමින් මෙහි කටයුතු අවසන් කළ බවත් කී අමාත්‍යවරයා ගොඩනැගිල්ලේ බිම් මහල් දෙකක්  හා ඉහළට මහල් දෙකක් වශයෙන් මහල් හතරක රථ ගාලකින් ද සමන්විත වන බව ද පැවසීය. මහල් තුනක් එක් කළ ශ‍්‍රවණාගාරයක් ද ඇතුළු නවීන පන්නයේ සියලූ අංගෝපාංගයන්ගෙන් සපිරි මෙම ගොඩනැගිල්ල රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් තමන් ලැබු ජයක් ලෙස තමන් සළකන බව ද ප‍්‍රකාශ කළේය. 



අදහස් (7)

‘මෙහෙවර පියස’ ජනපති - අගමැති සුරතින් හෙට ජනතා අයිතියට

saman Monday, 19 August 2019 02:34 PM

මොනතරම් ලොකු ගොඩනැගිලි හැදුවත් වැඩක් නෑ. එ්ක ඇතුලේ වැඩ කරන මිනිස්සුන්ගේ වැඩ හරි නැත්නම්. ඒක නිසා මේකෙන් වෙන සේවාවලුත් කව්රුහරි ප්‍රධානියෙක් හරියට අධීක්ෂණය කරන්න.

:       0       242

RaveendraMonday, 19 August 2019 06:03 PM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි. අප වැඩිදෙනෙකු අපේ ආකල්ප වෙනස් නොකරන්නේනම් අප තව තවත් අගාදයට යන ගමන සක්කරයටවත් වැලැක්විය නොහැක.

:       2       138

kolam boss Monday, 19 August 2019 07:02 PM

ඕකේ වැඩ කරන කට්ටිය ඇතුල කිළුටු වෙයි කියල කම්කරුවන්ට ඇතුලට එන්න එපා කියයිද දන්නේ නැහැ

:       0       131

Aris Monday, 19 August 2019 07:19 PM

ගොඩනැගිල්ලේ හැටියට නම නම් ගැලපෙන්නේ නැහැ. කම්කරු පියස කියුවනම් ටිකක් හරි ගැලපෙනවා.

:       0       76

vipula Tuesday, 20 August 2019 06:08 AM

මේ නම ගැලපෙන්නේ නැහැ

:       0       0

sam Tuesday, 20 August 2019 10:09 AM

පගා පියස. තමා හරි නම

:       1       2

කම්කරුවා Tuesday, 22 August 2023 12:41 PM

ඕකේ අවශ්‍යතාවයකට අදාල දුරකථන අංකයක් ගන්න බෑ. ගත්තත් කිසිම ප්‍රතිචාරයක් නෑ. රෙද්දෙ රාජ්‍ය ආයතන. රෙද්දෙ ජනතා ජයග්‍රහණ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1425 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site