IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘මහමැතිවරණයට පෙර ආණ්ඩුව ගැන තීරණයක් ගන්නවා’

(නිමල කොඩිතුවක්කු)

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරක්ෂිත රටේ පහුගිය  මාස දෙක ඇතුළත ස්ත‍්‍රී දූෂණ ළමා  අපචාර සිද්ධීන් 142ක් සිදුව ඇති බවත් සුරක්ෂිත රටක් වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙනා ලක්ෂ 69න් දැන් සැපද කියා විමසා සිටින බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝහිනී කවිරත්න  මහත්මිය  පැවසුවාය.

රට සුඛිත මුදිත කිරීමට සහ සුරක්ෂිත කිරීමට බලයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ වත්මන් ආණ්ඩුව මේ රට අනාරක්ෂිත කර ඇති බවත් පැවසූ මන්ත‍්‍රීවරිය ඉදිරි මහමැතිවරණයට පෙර ජනතාව මේ පිළිබඳ තීරණයක් ගත යුතු  බවද සඳහන් කළාය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (28) පැවති  මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඇය මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝහිනී කවිරත්න  මහත්මිය  මෙසේද කීවාය.

‘‘2015 බලයට පත්වූ යහපාලන රජය ගෙනාපු යහපත් දේවල් අතර ආංශික අධීක්ෂණ කමිටු ප‍්‍රධාන තැනක් ගන්නවා. මේ මගින් රටට වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට අපට හැකිවුණා. මම නියෝජනය කරන අධ්‍යාපන ආංශික අධීක්ෂණ කමිටුව මගින් අධ්‍යාපනයට අවශ්‍ය වැදගත් ප‍්‍රතිසංස්කරණ රැසක් කිරීමට අපට හැකිවුණා.

උද්ඝෝෂණ, වැඩවර්ජන නොකරමින් ගුරු උපදේශකවරුන් වසර 62ක් තිස්සේ සේවය කළා.  ඒ අයව සේවාවක්  විදියට  ස්ථාපිත කිරීමට අවශය පියවර අපි ගත්තා. මේ වනවිට ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා.

පුංචි දරුවෙක් අපයෝජනයට ලක්කිරීම සම්බන්දයෙන්  මේ වනවිට විශාල සමාජ කතිකාවක්  ආරම්භ වී තිබෙනවා. මාස දෙකක් පමණ තිස්සේ සමාජ මාධ්‍යවල මේක ප‍්‍රචාරය වුණා. මේ ගැන පැමිණිලි කරලා  තියෙනවා. නමුත්  ජාතික ළමාරක්ෂණ අධිකාරිය නිශ්ශබ්දයි. රටේ  මේච්චර ජනතාව  මේ ගැන කතා කරද්දී පැමිණිලි කරලා තියෙද්දී ළමයින්  ආරක්ෂා  කරන්න ඉන්න අධිකාරියට ඇවිත් මේ ගැන ඇනලා කියන්න  ඕනද කියලා අපි අහනවා.

දැන් පිටිපස්සෙන් ඇවිත් හප්පපුවහම පාඨලී චම්පික රණවක ඇමැතිතුමාව එකපාරටම අත්අඩංගුවට ගන්න පුලූවන්. එහෙම නැත්නම් රන්ජන් රාමනායක  මහතාගේ හඬපටයක්  එළියට ආව කියලා එතුමන්ව  අත්අඩංගුවට ගන්න පුලූවන්.  මේ රටේ අනාගතය වන දරුපරපුරට මෙච්චර හානියක් වෙද්දී නිශ්ශබ්දව ඉන්න මේ රටේ නීතිය මොකක්ද කියලා අපිට අහන්න වෙනවා.

මේ අපරාධය කරලා ඒක සමාජ  මාධ්‍ය්‍යට මුදාහරින්න තරම් හයියක් තියෙන කෙනෙක් මේ විදියට හැසිරෙනවිට ළමාරක්ෂණ අධිකාරිය නිදි කියලා මම අහනවා.

විශාල  දේශපාලන සහ මුදල් බලයක් යොදලා ඒ දරුවව අතුරුදන් කරලා කියලා අපිට ආරංචියක් තියෙනවා. ඒ දරුවාගේ  අනන්‍යතාවය හෙළි කරන්නේ නැතුව, ඒ දරුවා කවුද, මේ අපරාධය කරපු පුද්ගලයා කවුද කියලා හොයා දෙන්න කියලා අපි බොහොම ගෞරවයෙන් මධ්‍යයෙන් ඉල්ලා සිටිනවා.

ගෝඨාභය  රාජපක්ෂ මහතාගේ ඡන්ද වේදිකාවේ බොහෝ නෝනලා කෑ  ගහලා කිව්වා අපිට  සනීපාරක්ෂාව එපා අපිට ආරක්ෂාව  ඕන කියලා. මෙච්චර දෙයක් වෙද්දි  ආරක්ෂාව දෙන්නම් කියපු නෝනලා නිශ්ශබ්ද  ඇයි කියලා අපි අහනවා. මේ රටේ දරු පරපුර වෙනුවෙන් ඒ අය එළියට බහින්න  ඕන.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරක්ෂිත රටේ පහුගිය  මාස දෙක ඇතුලත ස්ත‍්‍රී දූෂණ ළමා  අපචාර සිද්ධීන් 142ක් වෙලා තියෙනවා. ළමා අපචාර 42ක් වාර්තා වෙලා තියෙනවා.  ආරක්ෂාව ලබාදෙන්නම් කියලා ගොඨභය රාජපක්ෂ මහතාව  බලයට ගේනාපු අයගෙන් අපි අහනවා දැන් සැපද කියලා.

මේ රට වෙනුවෙන් දහදිය කදුළු හෙලලා සිය ජීවිතය කැප කළ විශ‍්‍රාමිකයන් සිය දීමනා කප්පාදු  කිරිම වෙනුවෙන් අද පාරට වැටිලා තියෙනවා. අද ඔවුන්  කරකියා ගන්න දෙයක් නැතුව දළදා  මාලිගාව ඉදිරිපිට රැඳී සිටිනවා.

අපේ රජය කාලයේ මේ අයගේ විශ‍්‍රාමික  වැටුපට එක්කළ මුදල ජනවාරි මාසයෙන් පස්සේ අත්හිටුවලා තියෙනවා. රාජ්‍ය සේවකයන්, විශ‍්‍රාමිකයන්  ගෝඨාභය රාජපක්ෂ  මහතා ජනාධිපති කරන්න දැවැන්ත මහන්සියක් ගත්තා. මේ ඒ අයට ප‍්‍රති උපකාර කරන හැටිද  කියලා අපි අහනවා.

 



අදහස් (0)

‘මහමැතිවරණයට පෙර ආණ්ඩුව ගැන තීරණයක් ගන්නවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31256 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13431 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10984 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 86 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 921 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site