(අංජුල මහීක වීරරත්න සහ ක්‍රිෂාන් ජීවක ජයරුක් මාතර සිට)
“තමා 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම තව තවත් ස්ථීර බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මාතර දී අද (23) පැවසීය.
එම ජනාධිපතිවරණය අනාගතයේ හැරවුම් ලක්ෂය වනු ඇති බව කී සජිත් ප්‍රේමදාස මහතා මන්දිරවල නොසිට වීදී ගානේ ගොස් ජනතා ශක්තිය සමඟ එක්ව සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහි කරන බවද අවධාරණය කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ මෙවර ජනපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කර ගැනීම වෙනුවෙන් සංවිධානය කරන“සජිත් එනවා”දෙවන ජන රැළියට සහභාගී වෙමිනි.
මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ අද (23) සවස පැවති මෙම ජන රැළිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් පැවැත්විණි.
පැය 15 කට අධික කාලයක් තිස්සේ මාතරට ඇදහැලුණු අධික වර්ෂාව නිසා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනය මඩ ගොහොරුවක් බවට පත් වී තිබුණ ද එය නොතකා අති විශාල ජනකායක් සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
මෙම අවස්ථාවට සුජීව සේනසිංහ, අශෝක අබේසිංහ, එරාන් වික්‍රමරත්න, බුද්ධික පතිරණ, චන්ද්‍රානී බණ්ඩාර, නලින් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමී, හර්ෂණ රාජකරුණා, අජිත් පී.පෙරේරා, හරීන්ප්‍රනාන්දු, නිරෝෂන් පෙරේරා, බන්දුලලාල් බණ්ඩාරිගොඩ, තුෂාර ඉදුනිල්, හේෂා විතාන, ඉන්දික බණ්ඩාරනායක, ආචාර්ය හර්ෂ ද සිල්වා යන මැති ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සිවිල් සංවිධාන නියෝජියෝ සහ පළාත් පාලන නියෝජිතයෝ විශාල පිරිසක් ද රැළියට සහභාගී වූහ.
ඡායාරූප - ශාන්ත රත්නායක


COMMENTS
අනේ අනිච්චං, බදුල්ලට ගිය කට්ටියමනේ මාතරටත් ඇවිත් තියෙන්නේ!!! ආපු සෙනගත් බදුල්ලට ආපු සෙනග ම වෙන්න ඇති...!!!
සමනළයින් එක්කද ඔයාගේ ගමනත්.... මහත්මයා අර බදුර්දීන්, හිස්බුල්ලා, සාලි වැන්නවුන් ගැනත් ඔබගේ අදහස රටට පවසන්න.
කෙහෙල් කොලේ බත් කාලා බෝල්පොයින්ට් පෑනෙන් ලියපු කෙනාම වගේ...
කියන කතා වලින් හිතාගන්න පුළුවන් කෙරුවාව කොහොම වේවිද කියලා...? මෙයා දින්නොත් තව අවුරුදු 5ක් විනෝද සමය බැලිය හැකිය.
මෙයාගේ පියාණන් වගේම මෙයාත් හොඳ ඩබල්ගේම් කාරයෙක් තමයි.
අනේ අනිච්චන්... හම්බන්තොටින්, තිස්සමහාරාමයෙන් එපිටට අඩියක් නොතියපු කෙනෙක් කියනවා ලංකාව පුරා වීදි ගානේ යනවා කියලා. අදට පක්ෂය දෙකට කඩලා 2025දී දිනන්න කියලා ඔය දිරච්ච ලණුව දුන්නේ කවුද කියලා අපි නම් දන්නවා. ඔහොම ඉඳලා එයා අනිත් තරඟකාරයා එයාගේ පක්ෂයෙන් ඉදිරිපත් කරපුදාට තමයි සජිත් මහත්තයට එලොව පොල් පෙනෙන්නේ...
අනේ රජතුමනි,...
අනේ සමනළයෙකුගේ කතාවකට අනිත් සමනල්ලු ටිකත් කට ඇරගෙන බලාගෙන ඉන්නවා. මහත්තයෝ සමනලුන්ට රට දීලා මේ කරගත් වින්නැහිය හොඳටම ඇති නේද? අපේ දේශපාලකයන් බලයට එන්න කලින් කියන දේ ඇවිල්ලා කෙරුණා නම් අද අපේ රටේ දුගී, දුප්පත් ජනතාවක් නැහැ. හැමදාම රටේ ජනතාව මෝඩයින්ට අන්දවන එක තමයි කලේ... ලංකාවේ දේශපාලකයන් ඉතිහාසයේ ඉගෙන ගත් නැති පාඩමක් රටේ ජනතාවගෙන් ඉගෙනගන්නේ මෙදාපාර තමයි.
අද කිව්වා කියලා ලියලා තියාගන්න. මෙයා ජනාධිපති වුණොත් සිරිසේනට වඩා හපන් කෙනෙක් වෙනවා ඒකේ දෙකක් නැහැ. මෙයා ජනාධිපති වුණු ගමන් ආධාර සමුළුවක් තියලා මේ රට දුප්පත් හිඟන රටක් කියලා පෙන්නලා ආධාර අරගෙන රට සුඛිත මුදිත කරනවලු. දෙයියනේ මෙච්චර අවම මානසිකත්වයක් තියෙන කෙනෙක්ද? මේ ජනාධිපති කරන්න දඟලන්නේ...
රටට හොඳක් වෙනවා නම් පක්ෂ, පාට අපිට වැඩක් නෑ. හොඳ නායකයෙක්...
වීදි ගානේ යන්නේ යාචකයෝනේ? ප්‍රතිපත්ති හදලා ක්‍රියාත්මක කරන්න පුළුවන් කරන කෙනාට මන්දිරයේ බැරි නම් ගුහාවක ඉඳන්හරි...
ඇනස්ලි ඩයස්, සැමුවෙල් රොඩ්රිගූලව මතක් වෙනවා. ඒ ගොල්ලෝ නැති නිසා දැන් කව්රුහරි ඉන්න එපෑයෑ ජනතාව හිනස්සන්න...
අහසේ තරුත් ගෙනත් දෙනවා. මුහුදේ මඩත් ගෙනත් දෙනවා.
පුංචි සිරිසේන..
ලංකාවේ ගොඩ දෙනෙක් අමාරුවෙන් ගත කරනවා කියලා හිතෙන්නේ මට විතරද? මහින්දත් හිටියේ ඔහොම තමයි.
මේවට අහුවෙන මෝඩයන් තවමත් ඉන්නවා. යො ජනපති වුනොත් ඒ එන්නෙත් මේ කාලකණ්ණි ආංඩුවම තමයි කියල මේ මෝඩයන්ට නොතේරේද?
ඔබතුමාට දුප්පත් ජනතාවගේ සහයෝගය අසිර්වාදය හදපත්ලෙන්ම ලැබෙනවා. මේ රටේ සියට 50 ට වැඩිය ඉන්නේ දුප්පත් ජනතාව. අදහස් පළකරන්නට පරිගණක ඔවුන් ළඟ නැහැ. ඔවුන්ගේ හදවත් වලින් ඔබට අසිවාදයක් මිස මඩ ගැසිලි නැත. මෙතන ලියපු සමහර ය මම හොඳට දන්නවා පක්ෂය ඇතුලේ ඉඳන් සෑම නරක වැඩක්ම කරලා ඔබතුමාගේ චරිතයටත් මඩ ගහන්න ඒ අය දක්ෂයි රටට සේවය කරන ඔබතුමා නොසැලී ඉදිරියට යන්න
“සජිත් එනවා” ආමර් විදියට...!!!
සජිත් මොනවා කිව්වත් අන්තිමට කුමාර වෙල්ගම යූ.එන්.පී. කොඩියෙන් ආවොත් පුදුම වෙන්න එපා. ගියසුමානේ වෙල්ගමගේ සහෝදරයාගේ අයි.ඩී.එල්. මහින්ද්‍රා කාර් ෆැක්ටරිය විවෘත කළේ රනිල්... වෙල්ගම ඉන් පස්සේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා එයා ජනාධිපතිකමට ඉල්ලන්න බලාපොරොත්තු බව කිව්වා. හිරුනිකා විවාහවෙලා ඉන්නෙත් වෙල්ගමගේ ලඟම නෑයෙක් එක්ක. අන්තිමට රනිල් වෙල්ගමව දානකම් දන්නෙම නැහැ.
දැන් ඔය මහින්දව වීරයෙක් වගේ කරේ තියන් යන මිනිස්සුන්ට අමතකයි 2000, 2001 ආසනෙත් පැරදුණු ටෙලි ප්‍රොම්ටර් දාගෙන කතාකරපු මනුස්සයෙක් කියලා මහින්ද. නමුත් 2004න් පසු ඔහු දක්ෂ කථිකයෙක් වුණා වගේම නැවතිලා තිබුණු වැඩ... ඒවත් කරා. කොහොමත් රටට වැඩක් කරේ සේනානායකලා, ප්‍රේමදාසලා සහ මහින්ද රාජපක්ෂලා විතරයි. බණ්ඩලා, ජයවර්ධනලා, වික්‍රමසිංහලා කරේ රට කාපු එකයි. සජිත්ගේ වයසත් එක්ක බලද්දී ඔහුට අනිවාර්යයෙන්ම අවස්ථාවක් දෙන්න ඕනෑ. ගෝඨාභය කියන්නේ 70ත් පැනලා.. සිරිසේනටත් වඩා භයානකයි. අනික තනියෙන් වැඩක් කරලා කිසිම පලපුරුද්දක් නෑ. ඒවගේම විකල්ප බලවේග කියලා එන අයත් කිසිම පලපුරුද්දක් නැති අය.
මෙයාගේ බොළඳ දේවල්වලට ජනතාව රැවටෙන්නේ නැහැ. ගල්යුගයේ හිටිය 20%ක් විතර සිංහල මෝඩයන් තවමත් ලංකාවේ ඉන්නවා. එයාලා හැමදාම රැවටෙනවා.
වීදි කොනේ මාවත අද්දර හඬනා කිරි දරුවෝ...
තව සූත්තර පුංචෙක් රට කන්න දඟලවා වගේ. මෙයා ආවොත් යන්න වෙන්නේ හොම්බෙන්.
නාගානන්දගේ පුවත් එහෙම නැද්ද ?
සජිත් ආවොත් රටේ ඉතුරු ටිකත් ඉවරයි. ආයේ දෙකක් නැහැ. අපි අනාථයි මෙයා ආවොත්...
අනිත් අමාත්‍යවරුන්ට වඩා මෙතුමා අවංකව යම් කාර්යයක් කළ බව පැහැදිලිය. අපේ පුංචි රටේ ඉඩම් සීමා සහිතයි. ඒ නිසා ගම්උදා, ව්‍යාපෘති පවා විනාශවීමට ඉඩ ඇත. එබැවින් චීනයේ මෙන් මහල් නිවාස සංකීර්ණ ඉදි කරනවා නම් වඩාත් සුදුසුයි. එමෙන්ම එතුමා ජනාධිපතිව දේශීය කර්මාන්ත සඳහා දිරිගැන්වීම රටේ ආර්ථිකයට මෙන්ම රැකීරක්ෂා ප්‍රශ්නයට විසඳුමක් විය හැක.
අනේ එච්චර දුර ඇවිදින්න පුළුවන්ද? කකුල රිදේවි නේද? මේ අවුරුදු හතරෙන්ම කළ දේවල්වලට මහන්සිත් ඇතිනේ, ලොක්ක දේවිද නොවරදවාම?
ගෝඨාට වඩා නම් ඉදිරියෙන් ඉන්නවා. මිනිස්සු පෙට්ටි ගෙවල් ගැන කථා කරනවා. එහෙමවත් ගෙයක් ලැබෙන එක දුප්පත් මිනිහෙක්ට මදිද? පෙට්ටි ගෙවල් ගහලා හොරා කාලා තියෙනවද? තමන්ගේ අම්මා, අප්පාගේ සොහෙනෙන් හොරා කාපු අයට වඩා නම් හොඳයි. ජයවේවා අනාගත ප්‍රේමදාස යුගයකට...!!!
මෙවැනි කථාවක් මට කළිනුත් ඇහිලා තියේ...!!
ඔයා රැස්වීමට අපේ නැන්දා කෙනෙකුත් ගියා . එයාව එක්කගෙන ගිහින් තිබුණේ සමෘධි ලිස්ට් එකට නම දාලා. ඔය ඉස්සරහ හුරේ දාන ගොඩක්අ ය මාතර අය නෙමෙයි . ස්ටේජ් එකේ ඉන්න අය එයාලගේ පැතිවලින් ම එක්කන් ආපු අය. ලැජ්ජයි . කාවද මේ රවට්ටන්නේ
හැබැයි ගම පලාත්වලට ගියාම ඒදඬුවල යන්න තිබෙනවා. ඒදඬුවල යන්න පුලුවන්ද? ඒදඬුවල ගිය හැටි අපි දැක්කා. ඒදඬුවල යන්න ඇඟ බැලන්ස් කරගන්න බැරි එකා කොහොමද රටක් බැලන්ස් කරගෙන යන්නේ කියලා මට හිතෙනවා.
බිෂාන්ට ප්‍රේමදාස යුගයක් ඕනෑවෙලා.. ටයර් එකක් උඩ යන්න ඔච්චර ආසද?
මෙයා ඔක්කොම දෙනවලු දෙසැම්බර් වලින් පස්සෙ... යල් පැනපු පොරොන්දු දීල දිනන්න... හිතන් ඉන්නෙ පාවෙන ඡන්ද මෝඩයන්ගෙ ඒව කියල නම් ඔයා ට වැරදිල පුතේ....