(අංජුල මහික වීරරත්න)
ආර්ථිකයක් දියුණුවීමට නම් ඒ සඳහා කාන්තා සහභාගීත්වය අනිවාර්ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී අද(26) පැවැසීය.
පළාත් සභාවල සහ ප්‍රාදේශීය සභාවල කාන්තා නියෝජනය නිසි පරිදි තිබේනම් පාර්ලිමේන්තුවටත් එම නියෝජනය තෝරාගැනීම අසීරු කටයුත්තක් නොවන බව කී ආග්‍රාමාත්‍යවරයා බොහෝ විරෝධතා නොතකා කාන්තා නියෝජන පනත සම්මත කරගැනීමට තමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමට හැකියාව ලැබුණු බවද සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ධනාභිමානී කාන්තා සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය එක්ව මෙම සම්මේලනය සංවිධානය කළේය.
‘සමෘද්ධිමත් මෙහෙවරකට - ලක්වනිතාවන්ගේ හෙට දිවියට’ යන තේමාවෙන් මෙම සම්මේලනය සංවිධානය කර තිබිණි.
ඡායාරූප - ශාන්ත රත්නායක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව්. අපිටත් තේරනවා කොළඹ පුරපතිනිගේ අයවැය කියවීමේදී. එයාව මුදල් ඇමති කරන්න. රවිව පරද්දල ලෝකේම හොඳම මුදල් ඇමති වෙනවාමයි.
මොනවා කියයිද දන්නේ නැහැ හෙට අනිද්දා වෙනකොට
දැනටමත් අපේ රටේ ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දෙන්නේ මැද පෙරදිග වහල් සේවයේ නිරත කාන්තාවන්, වත්තේ දළු කඩන, කිරි කපන කාන්තාවන් හා ඇගලුම් කර්මාන්ත ශාලාවේ දහදිය වගුරවන කාන්තාවන් තමයි. අපේ රටේ පිරිමි ලජ්ජා වෙන්න ඕන. බිරිඳ දුක් විඳලා හම්බ කරන දෙයින් කසිප්පු බිබී හන්දි ගානේ රස්තියාදු වෙන පිරිමි ඉන්න රටක් මේක.
ඇත්ත ඇත්ත සර්, කාන්තාවෝ නැතුව මුකුත් කොරන්න බෑ
වැඩිය සංවර්ධනය පස්සේ යන්න ගියොත්, ඊට පස්සේ වෙන්නේ පිටරටවල් වලින් මිනිස්සු ගෙන්න ගන්න. කාන්තාවන්ට දරුවෝ හදන්න නිවාඩු ගන්න පුලුවන් ඇති... එ්ත් ඒක අමාරු වැඩක්. ලංකාවේ භූමියට ගැලපෙන ක්‍රමවේදයක් වුණොත් හොඳයි. මගේ අත්දැකීම අනුව කාන්තාවෝ තමා ගොඩක් වැඩ කරන්නේ. පිරිමින්ට ශක්තිය තිබුණට එක දිගට වැඩ කිරීමේ හැකියාව තියෙන්නේ කාන්තාවන්ට... නමුත් දිගට වැඩ කරන්න පුරුදු වුණාම ගෙදර වැඩවලට කාලය යොදවන්න අමාරුයි. සමාජීය වශයෙන් ප්‍රශ්න ඉදිරියේදී ඇතිවෙයි. දැනට ලංකාවේ ඉන්න ජනතව මිලියන 20යි. තට්ටු ගෙවල් හදලා මිලියන 50ක් වත් වෙනවා නම් රට තුළ භාණ්ඩ හා සේවාවන්ට ඉල්ලුම වැඩිවෙයි... ජනගහනයේ මිලියන 20න් විදේශ වලට ගිය ලාංකිකයෝ කොපමණ ඇතිද?
අලුත්ම අලුත් සොයා ගැනීමක්... නරකද ආකිමිඩිස් වගේ යුරේකා යුරේකා කියකියා පාර්ලිමේන්තු පාරේ දිව්වා නම්...
කෝ.......... ඉතින් මෙච්චර සහභාගිත්වයක් තිබිලත් තාම දියුණු නැහැනේ...............
අම්මපා ....!!!
දන්නේ නැති නිසා අහන්නේ. සංවර්ධනයට සමනලයෝ ඕනේ නැද්ද? රන් සමනලයෝ, පුංචි කැකුලියෝ දේදුන්නේ නැගල කියලා කියන්නේ.
අනේද කියන්නේ.....කොළබ මහා නගර සභාවේ ගාණක්වත් කියව ගන්න බැරි බවලත්තු ඉන්නකොට කොහොමද රටේ දියුණුවට දායකත්වය දෙන්නේ ......
දැනටමත් අපේ රටේ ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දෙන්නේ මැද පෙරදිග වහල් සේවයේ නිරත කාන්තාවන්, වත්තේ දළු නෙලන, කිරි කපන කාන්තාවන් හා ඇගලුම් කර්මාන්තශාලාවේ දහදිය වගුරවන කාන්තාවන් තමයි. අපේ රටේ පිරිමි ලජ්ජා වෙන්න ඕන. බිරිඳ දුක් විඳලා හම්බ කරන දෙයින් කසිප්පු බිබී හන්දි ගානේ රස්තියාදු වෙන පිරිමි ඉන්න රටක් මේක.
දැන් දැන් කාන්තාවන්ගේ ලොකුම සහභාගීත්වය තියෙන්නේ මොනවාටද කියලා දන්නවානේ....
අර කොළඹ මහ නගර සභාවේ අයවැය කියපු රෝසි නොනාව මුදල් ඇමති කරන්න. රටේ ආර්ථිකය දියුණුවීමට කටයුතු කරාවි.
අනේ මේවා අහලා කන් පැලිලා තියෙන්නේ අපේ....