IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


‘ආර්ථිකයේ දියුණුවට කාන්තා සහභාගීත්වය අනිවාර්යයි’


(අංජුල මහික වීරරත්න)
 
ආර්ථිකයක් දියුණුවීමට නම් ඒ සඳහා කාන්තා සහභාගීත්වය අනිවාර්ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී අද(26) පැවැසීය.
 
පළාත් සභාවල සහ ප්‍රාදේශීය සභාවල කාන්තා නියෝජනය නිසි පරිදි තිබේනම් පාර්ලිමේන්තුවටත් එම නියෝජනය තෝරාගැනීම අසීරු කටයුත්තක් නොවන බව කී ආග්‍රාමාත්‍යවරයා බොහෝ විරෝධතා නොතකා කාන්තා නියෝජන පනත සම්මත කරගැනීමට තමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමට හැකියාව ලැබුණු බවද සඳහන් කළේය.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ධනාභිමානී කාන්තා සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
 
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය එක්ව මෙම සම්මේලනය සංවිධානය කළේය.
 
‘සමෘද්ධිමත් මෙහෙවරකට - ලක්වනිතාවන්ගේ හෙට දිවියට’ යන තේමාවෙන් මෙම සම්මේලනය සංවිධානය කර තිබිණි.

ඡායාරූප  - ශාන්ත රත්නායක



අදහස් (16)

‘ආර්ථිකයේ දියුණුවට කාන්තා සහභාගීත්වය අනිවාර්යයි’

Hafeel Tuesday, 26 March 2019 11:46 AM

ඔව් ඔව්. අපිටත් තේරනවා කොළඹ පුරපතිනිගේ අයවැය කියවීමේදී. එයාව මුදල් ඇමති කරන්න. රවිව පරද්දල ලෝකේම හොඳම මුදල් ඇමති වෙනවාමයි.

:       0       1

ranga Tuesday, 26 March 2019 11:54 AM

මොනවා කියයිද දන්නේ නැහැ හෙට අනිද්දා වෙනකොට

:       0       1

මාවිල්මඩ වජිර හිමි Tuesday, 26 March 2019 12:04 PM

දැනටමත් අපේ රටේ ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දෙන්නේ මැද පෙරදිග වහල් සේවයේ නිරත කාන්තාවන්, වත්තේ දළු කඩන, කිරි කපන කාන්තාවන් හා ඇගලුම් කර්මාන්ත ශාලාවේ දහදිය වගුරවන කාන්තාවන් තමයි. අපේ රටේ පිරිමි ලජ්ජා වෙන්න ඕන. බිරිඳ දුක් විඳලා හම්බ කරන දෙයින් කසිප්පු බිබී හන්දි ගානේ රස්තියාදු වෙන පිරිමි ඉන්න රටක් මේක.

:       0       1

RaveendraWednesday, 27 March 2019 01:41 PM

මාවිල්මඩ වජිර හිමි... අවසරයි අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේගේ වටිනා අදහස් අප ඉහළින්ම අගය කරන්නෙමු. අවාසනාවකට අපගේ මාතෘභූමිය පාලනය කරන්නේ අමනුෂ්‍යයින් බැවින් එවන් කුම්භාණ්ඩයන්ට පුදු ජනතාවගේ අදහස් කියවීමට හැකිද? යන්න ගැටළුවක් නොවේද?

:       0       0

smith Tuesday, 26 March 2019 12:48 PM

ඇත්ත ඇත්ත සර්, කාන්තාවෝ නැතුව මුකුත් කොරන්න බෑ

:       0       1

menna Tuesday, 26 March 2019 01:39 PM

වැඩිය සංවර්ධනය පස්සේ යන්න ගියොත්, ඊට පස්සේ වෙන්නේ පිටරටවල් වලින් මිනිස්සු ගෙන්න ගන්න. කාන්තාවන්ට දරුවෝ හදන්න නිවාඩු ගන්න පුලුවන් ඇති... එ්ත් ඒක අමාරු වැඩක්. ලංකාවේ භූමියට ගැලපෙන ක්‍රමවේදයක් වුණොත් හොඳයි. මගේ අත්දැකීම අනුව කාන්තාවෝ තමා ගොඩක් වැඩ කරන්නේ. පිරිමින්ට ශක්තිය තිබුණට එක දිගට වැඩ කිරීමේ හැකියාව තියෙන්නේ කාන්තාවන්ට... නමුත් දිගට වැඩ කරන්න පුරුදු වුණාම ගෙදර වැඩවලට කාලය යොදවන්න අමාරුයි. සමාජීය වශයෙන් ප්‍රශ්න ඉදිරියේදී ඇතිවෙයි. දැනට ලංකාවේ ඉන්න ජනතව මිලියන 20යි. තට්ටු ගෙවල් හදලා මිලියන 50ක් වත් වෙනවා නම් රට තුළ භාණ්ඩ හා සේවාවන්ට ඉල්ලුම වැඩිවෙයි... ජනගහනයේ මිලියන 20න් විදේශ වලට ගිය ලාංකිකයෝ කොපමණ ඇතිද?

:       0       1

Bamunuarachchi Tuesday, 26 March 2019 01:58 PM

අලුත්ම අලුත් සොයා ගැනීමක්... නරකද ආකිමිඩිස් වගේ යුරේකා යුරේකා කියකියා පාර්ලිමේන්තු පාරේ දිව්වා නම්...

:       0       1

chinthaka Tuesday, 26 March 2019 06:33 PM

කෝ.......... ඉතින් මෙච්චර සහභාගිත්වයක් තිබිලත් තාම දියුණු නැහැනේ...............

:       0       1

Bandara Tuesday, 26 March 2019 08:59 PM

අම්මපා ....!!!

:       0       1

udaya Tuesday, 26 March 2019 10:34 PM

දන්නේ නැති නිසා අහන්නේ. සංවර්ධනයට සමනලයෝ ඕනේ නැද්ද? රන් සමනලයෝ, පුංචි කැකුලියෝ දේදුන්නේ නැගල කියලා කියන්නේ.

:       0       1

jayasekara Wednesday, 27 March 2019 05:04 AM

අනේද කියන්නේ.....කොළබ මහා නගර සභාවේ ගාණක්වත් කියව ගන්න බැරි බවලත්තු ඉන්නකොට කොහොමද රටේ දියුණුවට දායකත්වය දෙන්නේ ......

:       0       1

UAE Sanath Wednesday, 27 March 2019 05:09 AM

දැනටමත් අපේ රටේ ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දෙන්නේ මැද පෙරදිග වහල් සේවයේ නිරත කාන්තාවන්, වත්තේ දළු නෙලන, කිරි කපන කාන්තාවන් හා ඇගලුම් කර්මාන්තශාලාවේ දහදිය වගුරවන කාන්තාවන් තමයි. අපේ රටේ පිරිමි ලජ්ජා වෙන්න ඕන. බිරිඳ දුක් විඳලා හම්බ කරන දෙයින් කසිප්පු බිබී හන්දි ගානේ රස්තියාදු වෙන පිරිමි ඉන්න රටක් මේක.

:       0       258

vipula Wednesday, 27 March 2019 06:13 AM

දැන් දැන් කාන්තාවන්ගේ ලොකුම සහභාගීත්වය තියෙන්නේ මොනවාටද කියලා දන්නවානේ....

:       10       0

Hafeel Wednesday, 27 March 2019 08:25 AM

අර කොළඹ මහ නගර සභාවේ අයවැය කියපු රෝසි නොනාව මුදල් ඇමති කරන්න. රටේ ආර්ථිකය දියුණුවීමට කටයුතු කරාවි.

:       0       2

chamath Wednesday, 27 March 2019 09:10 AM

අනේ මේවා අහලා කන් පැලිලා තියෙන්නේ අපේ....

:       0       0

BamunuarachchiWednesday, 27 March 2019 09:43 AM

අනේ මේවා අහලා කණේ කරගැට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 282 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 409 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site