(තිළිණි ද සිල්වා)
නව හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් බව ඒ සම්බන්ධයෙන් චෝදනා කරන ජාත්‍යන්තර පාර්ශව සැලකිල්ලට ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නීත්‍ය නියෝජිත ඒ.එල්.ඒ අෂීස් මහතා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දී තිබේ.
මේ වන විට අන්තවාදයට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති පසුබිමක රාජ්‍ය නායකයා සිය ස්වෛරී අභිමතය පරිදි නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් කරන චෝදනා පිළිගත නොහැකි බව ඒ.එල්.ඒ අෂීස් මහතා මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දුන් බව ජිනීවා තානාපති ආරංචි මාර්ග කියා සිටී.
මේ දිනවල ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ 42 වන සැසිවාරයේ පොදු විවාදයේ කරුණු දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පරිපාලන ක්‍රියාවලීන් සඳහා විවිධ ජාත්‍යන්තර පාර්ශව බාහිර මුහුණුවරයන් මගින් යුද හමුදාපතිවරයා පත්කිරීම පිළිබඳ ප්‍රකාශ හා විවිධ ස්ථාවරයන් නිකුත් කිරිම කණගාටුදායක බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ප්‍රකාශ කර ඇත.
එය ස්වභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි බවත් කරන චෝදනා පදනම් විරහිත බවත් එහිදී ඔහු ප්‍රකාශ කර තිබේ.
වෛරී සිදුවිම් හා ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන්ට සිදුවන සියලු ආකාරයේ අපරාධවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා රජය කිසිදු අවස්ථාවක පසුබට නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නීත්‍ය නියෝජිත ඒ.එල්.ඒඅෂීස් මහතා ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ලබාදී ඇති පොරොන්දු වලට අනුකූලව මූලික අයිතිවාසිකම් සහතික කිරිමට ශ්‍රි ලංකා රජය තවදුරට බැදී සිටින බව ඒ.එල්.ඒ අෂීස් මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යාන්තම් එහෙම හරි අදහසක් ආව එක. ඒ එක්කම අහන්න තිබුනේ ඒ ලියුමේම ඔහෙලා කියන්නේ කාවද හමුදාපති හැටියට ලක්රජයේ නායකයා පත්කළ යුත්තේ? එසේත් නැත්නම් නම් කීපයක් යෝජනා කරන්න කියලත් අහන්න තිබුනේ. උත්තරයක් දෙයි ම්ලේච්ච ප්‍රභාකරන්ගේ මස්සිනා කෙනෙක් හරි සම්බන්ධන් ගොයියාගේ හරි විගියගේ හරි කෙනෙක් පත්කරන්න කියලා...
මොනවට දැනුම් දුන්නද? අනික රටක හමුදාපතිවරයා පත්කිරීමටත් ඇඟිලි ගහන කවුන්සිලේක මොනවට සාමාජිකත්වයක් අරන් ඉන්නවද..?
මෙය තමයි විය යුත්තේ... කොයි ආණ්ඩුවක් බලයේ හිටියත්, රටක ජාතික ආරක්ෂාව, ජාතිය, ප්‍රතිපත්ති නොවෙනස් විය යුතුයි.
මානව හිමිකම් කවුන්සිලය හිතාගෙන ඉන්නේ අපේ රටේ හමුදාපති කව්ද කියලා තීරණය කරන්නේ දෙමල ඩයස්පෝරාව කියලා. ඇයි ඉතින් කෙනෙක් පිළිගත්තනේ අපි යුද්ධ අපරාධ කළා කියලා.