(අජන්ත කුමාර අගලකඩ)
ජල සම්පාදන හා නගර සැලසුම් ඇමැති රාවුෆ් හකීම් මහතා ඔහුගේ මාධ්‍ය ඒකකයේ 30 දෙනෙකුගෙන් පමණ යුත් පිරිසක් තෝරාගෙන තමාට එරෙහිව ප්‍රචාර ගෙන යන බවට කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා අද (23) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
ජල සම්පාදන මණ්ඩලය පාඩු ලබන්නේ එවැනි සේවකයින්ට වැටුප් ගෙවීම නිසා බවද ඇමැති බදියුදීන් මහතා පවසා ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවැසේ.
රිෂාඩ් බදුයුදීන් ඇමැතිවරයාගේ චෝදනාවට පිළිතුරු දී ඇති රාවුෆ් හකිම් ඇමැතිවරයා බදියුදීන් ඇමැතිවරයා නගන චෝදනා සම්පුර්ණයෙන්ම අසත්‍ය බව පවසා ඇත.
රිෂාද් බදියුදීන් ඇමැතිවරයා තමාට එරෙහිව මාධ්‍ය ප්‍රචාර ගෙනයන බවට ද හකීම් ඇමැතිවරයා චෝදනා කර ඇති බව පැවැසේ.
COMMENTS
රටේ ජාතික වැදගත්කමකින් යුක්ත ප්‍රශ්න වෙනුවෙන් මේ ඇමතිවරු කැබිනට් මණ්ඩලය තුළ ගැටෙනවා නම් එය තේරුම් ගන්න පුලුවන්... නමුත් මේ ඇමැතිවරු තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න, එදිරිවාදිකම් පිරිමහා ගන්න කැබිනට් රැස්වීම් පාවිච්චි කරනවා නම් තමන්ගේ නැහැදිච්ච කමයි, නුසුදුසුකමයි තමයි එ් ප්‍රදර්ශනය කරන්නේ කියලා හිතාගත්තොත් හොඳයි.
බොරුවට ගැටෙති.. විල්පත්තුවේදී නොගැටෙති.