IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සේවයට වාර්තා කරන්නයි හෙද හෙදියන්ට ලිපි යවයි

(සනත් ගමගේ)

හම්බන්තොට නව මහ රෝහලේ නේවාසිකාගාරවල පැවැති අර්බුදය හේතුවෙන් වැඩවර්ජනයක නිරතව සිටින සියලු හෙද හෙදියන් වහාම සේවයට වාර්තා කරන ලෙස දන්වා පෞද්ගලිකව ලිපි යැවීම සිදුකළ බව හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රවින්ද්‍ර අබේසූරිය  මහතා පැවසීය.

ඉකුත් 5 දා සේවයෙන් ඉවත් ගිය සියලුම හෙද හෙදියන් අද (8) වනවිටත් දින තුනක් රෝහලේ සේවයට වාර්තා කර නොමැති අතර 450 ක ප්‍රමාණයක් ඉක්ම වූ හෙද හෙදියන් සේවා මුර යටතේ රෝහලට සේවය සඳහා පැමිණිය යුතු වුවද ‍ගත වූ දින තුන තුළදී හෙද  හෙදියන් සේවයට වාර්තා නොකළේය.

නමුත් විශේෂඥ වෛද්‍යවරුන්, සාමාන්‍ය වෛද්‍යවරුන්, අතුරු වෛද්‍ය සේවාවේ නියැලී සිටින නිළධාරීන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සහයෝගයෙන් රෝහලට පැමිණෙන රෝගීන් ප්‍රතිකාර සේවා සිදු කරමින් පවතින බවද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

හම්බන්තොට නව මහ රෝහලේ නේවාසිකාගාරවල පැවැති අර්බූදයක් හේතුවෙන් හෙද හෙදියන් හා අතුරු වෛද්‍ය සේවාවේ නිළධාරින් අතර ඇති වූ අර්බූදයක් හේතුවෙන් හම්බන්තොට මහ රෝහලේ සේවා කටයුතු දෙපාර්ශ‍වයේ වැඩවර්ජන හේතුවෙන් ඇණ හිට තිබිණි.

හම්බන්තොට මහ රෝහලේ පවතින අර්බූදකාරී තත්ත්වය හමුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අහිංසක රෝගීන්ට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් වහා සොයා බලා පියවරක් ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය වෙත හදිසි ලිපියක් යැවීමට කටයුතු කළ බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ බන්දුල හරිස්චන්ද්‍ර මහතා කීය.

හෙද හෙදියන් අද (8) දහවල් වෘත්තීය සමිති  නායකයින් හා නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් හම්බන්තොට දී පැවැත්වීමට ක‍ටයුතු කර ඇති බව හම්බන්තොට රෝහලේ හෙද සංගමයේ ප්‍රකාශයෙක් පැවසීය.

 



අදහස් (6)

සේවයට වාර්තා කරන්නයි හෙද හෙදියන්ට ලිපි යවයි

najith Friday, 08 November 2019 10:14 AM

ගියපාර අපි හැමෝම ඡන්ද දුන්නේ පංචවිද ක්‍රමයෙන්. රට සංවර්ධනය වුනාම කාර් එකක් ගන්න. මේ පාර එජාපයේ පන්චවිධ ක්‍රමය තියෙනවද නැද්ද කියල දන්නා කෙනෙක් කියනවද?

:       94       580

sanjuSunday, 10 November 2019 02:01 AM

ප්‍රේමදාස කාලේ ගම් උදාව කරකර හිටිය මිසක් මිනිස්සුන්ට කිසිම සහනයක් දුන්නේ නැහැ . 1992 පරිප්පු කිලෝ එකක් රු 72. විජේතුංග ඒක දකුණු පළාත් සැබෑ ඡන්ද පැරදුමෙන් පස්සේ රු 30 බැස්සුවා.

:       1       0

mangala Friday, 08 November 2019 11:07 AM

කෝ මේ දොස්තරලට බනින එවුන්...

:       0       528

සෙනෙවිරත්න Saturday, 09 November 2019 01:54 AM

දොස්තරලගේ ආදර්ශයයි මේ. අන්න පාදෙනිය කඩේ යනවා. සම්මන්ත්‍රණ තිය තිය... කරාපිටිය හන්දියේ ගහපු කටවුට් එක බලන්න. ඩිංග බැරිවෙනකොට ස්ට්‍රයික් කරනවා.

:       249       44

kariyawasam Saturday, 09 November 2019 03:19 AM

යහපාලනයෙන් වෙච්ච දේ ඩඩ්ලිට ලංකාව පුරා හෝටල් හදන්න පුළුවන් වෙච්ච එකයි. කුමාරසිංහට නිකන් ඉඳලා ලංකාවේ ලොකුම පඩිය ගන්න ලැබුණු එකයි, අයියට ලංකාවේ ලොකුම ගෙදර ලැබුණු එකයි විතරයි.

:       1       114

සෙනෙවිරත්න Saturday, 09 November 2019 04:52 PM

ඊට පෙර පාලනය අමතකද? දළදා මාළිගාව ලග කාර් රේස් තවත් තියෙනවා.

:       0       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site