IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සීගිරිය දින තුනක් නොමිලේ නරඹන්න අවස්ථාවක්

(විනීතා එම් ගමගේ)
 
සීගිරිය පුරාවිද්‍යා පරිශ‍්‍රය හා කෞතුකාගාරය මේ මස 18, 19, 20 තෙදින පුරා දේශීය සංචාරකයන්ට නොමිලයේ නැරඹීමට අවස්ථාව සලසා දී ඇතැයි  මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.  

වෙසක් උත්සවය හා ජාතික කෞතුකාගාර දිනයට සමගාමීව මෙම අවස්ථාව දේශීය සංචාරකයන් සඳහා ලැබෙන අතර එම දිනයන් තුළදී සීගිරියේ කැණීම් තුළින් හමු වූ පුරාවස්තු ප‍්‍රදර්ශනයක් හා අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් ද කි‍්‍රයාත්මක කෙරෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

වැඩි සංචාරක ආකර්ෂණයක් ඇතිවන අයුරින් සහ පරිසර හිතකාමී කලාපයක් ලෙස වර්තමානයේ දී සීගිරිය පුරාවිද්‍යා පරිශ‍්‍රය සංවර්ධනය කර ඇතැයි කී එම නිලධාරියා නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙන බව ඔහු සඳහන් කළේය.   



අදහස් (2)

සීගිරිය දින තුනක් නොමිලේ නරඹන්න අවස්ථාවක්

Prabha Wednesday, 15 May 2019 10:31 AM

ඔන්න අර සීගිරි යන්න වෙලාවක් නෑ කිව්ව කෙනාට චාන්ස් එක....

:       0       0

Niluka Wednesday, 15 May 2019 10:55 AM

නොමිලේ නරඹන්න දුන්නට කමක් නෑ. පොලිතීන් ප්ලාස්ටික් අරන් ගිහින් සීගිරි උයනේ ලස්සන නැති කරන්න එපා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 75 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 936 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site