IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සායනික අපද්‍රව්‍ය බැහැරකිරීම ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂණ

(සනත් ගමගේ)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකට රෝහල් සායනික අපද්‍රව්‍ය නීතිවිරෝධීව බැහැර කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපිකා පටබැඳිගේ මහත්මිය සඳහන් කළාය.

එසේ වුවත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිසිදු රෝහලකින් මෙම සායනික අපදව්‍ය බැහැර කර නැති බවත් අධ්‍යක්ෂකවරිය පැවසුවාය.

හම්බන්තොට එලල්ල ප්‍රදේශයේ කැලයක විශාල වළවල් කපා මෙම අපදව්‍ය වළදමා තිබුණද යම් යම් කොටස් භූමිය මත  දක්නට ලැබුණු හෙයින් රෝහල්  මගින් ඉවත් කරනු ලබන සායනික අපදව්‍ය බව හඳුනාගෙන ඇත. ඊයේ (18) ගොන්නොරුව කැපූ වැව ආසන්නයේ ද රෝහල් අපදව්‍ය පිලිස්සීමක් කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවත්, එම ස්ථානය නිරීක්ෂණය කිරීමට තමා එම ස්ථානයට යන බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.

හම්බන්‍තොට දිස්ත්‍රික්කයේ සියලුම රජයේ රෝහල් වල බලධාරීන්ගෙන් විමසීම් කළ විට කිසිදු රෝහලකින් මෙවැනි සායනික අපදව්‍ය බැහැර කිරීමක් සිදු කර නැති බවත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ   රෝහල්වල මෙතරම් විශාල ප්‍රමාණයක සායනික අපද්‍රව්‍ය එක් රැස් නොවන  බවද අධ්‍යක්ෂවරිය කීවාය.

මෙම  සායනික අපද්‍රව්‍ය හම්බන්තොට දිස්ත්‍රික්කයට පිටත රෝහලකින් රැගෙන එන්නට ඇති බවට සැක කරන අතර, රෝහල් සායනික අපද්‍රව්‍ය මෙලෙස පරිසරයට මුදා හැරීම සම්පූර්යෙන්ම නීති විරෝධි ක්‍රියාවක් බවද, මෙය පරිසරයට, සතා සිව්පාවට මිනිසාට තර්ජනයක් බවද, අධි තාපයකින් යුතුව පිළිස්සිමට සායනික අපද්‍රව්‍ය බැහැරකරන අයට උපදෙස් ලබාදී තිබෙන බවද ඇය සඳහන් කළාය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් රැසකම සායනික අපද්‍රව්‍ය අධි දහනයක් යටතේ පිළිස්සීම සඳහා අවශ්‍ය උපකරණ  සවි කර ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.       



අදහස් (0)

සායනික අපද්‍රව්‍ය බැහැරකිරීම ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පරීක්ෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site