IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සංගීත ගුරුවරිය අපයෝජනය කළ ගුරුවරයාට අත්හිටවූ සිර දඬුවම්

(තරිඳු ජයවර්ධන)
 
කොළඹ ප්‍රධානපෙළේ පිරිමි විද්‍යාලයක සංගීත  ගුරුවරියක අපයෝජනය කළැයි  චෝදනා ලබා සිටි එම විද්‍යාලයේ හිටපු ගුරුවරයකුට වසරක සිර දඬුවමක් නියම කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා  එම දඬුවම වසර පහකට අත්හිටුවීමට නියෝග කළේය.
 
එම විද්‍යාලයේ සංගීත කාමරයක් තුළදී බලහත්කාරයෙන් ගුරුවරිය සිප වැළඳගත්තැයි කියමින් මෙම ගුරුවරයාට එරෙහිව නඩු පවරා තිබිණි.
 
තමාගේ පැමිණිල්ලට සාධාරණයක් ඉටුනොවූ  නිසා ඒ ගැන මාධ්‍යයට අදහස් දැක්වී යැයි මෙම සිද්ධියට භාජනය වූ ගුරුවරියද වැඩ තහනමකට ලක් වූවාය. අනතුරුව ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරූ අතර ඒ අනුව ඇගේ වැඩ තහනම ඉවත් කර ඇය යළි සේවයේ පිහිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
 
අපයෝජන නඩුව කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ විභාග වූ අතර මීට පෙර හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා මෙම ගුරුවරයා නිදොස් කර නිදහස් කර තිබිණි. ඊට  එරෙහිව ගුරුවරිය මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර මහාධිකරණය මෙම ගුරුවරයා වැරදිකරු කරනු ලැබ ඔහුට දඬුවම් නියම කිරීමට යළි මහේස්ත්‍රාත් අධිකරණයට එවීමට කටයුතු කළේය.
 
ඒ අනුව අද(21) නඩුව කැඳවූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම ගුරුවරයාගෙන් වන්දි අවශ්‍යදැයි ගුරුවරියගෙන් විමසා සිටියේය. එසේ වන්දි අවශ්‍ය නොවන අතර ඔහුට දඬුවමක් නියම කරන්නැයි ගුරුවරිය ඉල්ලා සිටියාය. 
 
ඒ අනුව ගුරුවරිය අපයෝජනය කිරීමට වැරදිකරු වූ එම විද්‍යාලයේ හිටපු ගුරුවරයකු වන තිළිණ මාලේගොඩ මහතාට වසරක සිර දඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ පෙර වැරදි නොමැති නිසා එම දඬුවම වසර පහකට අත්හිටුවීමට ද නියෝග කළේය. ඊට අමතරව රුපියල් 1,500ක දඩයක්ද නියම කළේය.



අදහස් (13)

සංගීත ගුරුවරිය අපයෝජනය කළ ගුරුවරයාට අත්හිටවූ සිර දඬුවම්

Shehan Thursday, 21 March 2019 06:10 AM

ඔය ගුරුවරයා කියන අමනුස්සයගේ පින්තුරයක් එක්කම දැම්මොත් නේද හොද..

:       12       146

උත්පලා Thursday, 21 March 2019 07:25 AM

නිකම්ම අපයෝජනය කරයිද කියලා හිතෙන්නේ මට විතරද?

:       85       223

wedage Thursday, 21 March 2019 08:17 AM

කලින් නඩුව විබාග කරපු කෙනා අලි හොරෙක් නේ ද ?

:       6       140

Uditha - London Thursday, 21 March 2019 08:38 AM

අපේ දරුවෝ අකුරක් උගන්වන්න ගුරුවරයෙක් ලඟට යවන්න දෙපාරක් හිතන්න වෙනවා... දරුවන්ගේ ඇස් පාදන ගුරුවරු මිහිපිට ඉන්න දෙවිවරු.. අපේ කාලේ අපේ පාසල් වල අපිට උගන්වපු ගුරුවරු කොච්චර චරිතවත් මිනිස්සුද? එහෙම මිනිස්සුන්ගේ ඇසුර ලබන්න අපි පින් කලා... ඒකට හරියන්න දැන්..

:       1       34

Rama Thursday, 21 March 2019 09:11 AM

කලින් නඩුව අහල තියෙන්නෙත් එම නමම තියෙන කෙනෙක් නේ නමට සලකන්න ඇති

:       3       17

Nihal Thursday, 21 March 2019 09:43 AM

එක් ගමක පාසලක 5 වසරට සිංහල ගුරුවරිය දරුවන්ට කතා කරන්නෙම සත්තුන්ගේ බල්ලා, ගොනා, එළදෙන,බුරුවා වැනි අසිෂ්ට වචන නිසා දරුවන් පාසල් නොයාමට අකමැත්ත නිසා පුළුවන් අය ටික දෙනෙක් වෙනත් පාසල් වලට මාරු කරගන්නවා කව්රුත් පැමිනිලි නොකරන්නේ ඉගෙනීම නොසලකා හරියි කියන බයට

:       0       13

diasThursday, 21 March 2019 09:52 AM

ලංකාවේ ගම් කී දාහක් තියෙනවද. ඔය කියන ගමේ නම කියන්ට ඔය හැටි බය ඇයි?

:       0       92

Sarasi Thursday, 21 March 2019 10:51 AM

දුයිශේන්ලා සිටියේ නවකතාවල පමණක් යයි ,අද කාලයේ සිසුන් සහ මව්පියන්ට වැටහේවා. මේ පුද්ගලයාගේ නම ප්‍රසිද්ධ නොකරන්නේ අනේ ඇත්තට තවත් කාට හරි පන්ති කාමරයක් ඇතුලෙදි වග කියන්න අවස්තාවක් දෙන්නද . එහෙම නැති නම් මේ නඩුව අහලා තියෙන්නෙත් දොර ජනෙල් වහගෙනද ?

:       0       5

wedage Thursday, 21 March 2019 11:02 AM

බලන්න ගුරුවරිය වන්දි එපා කියන්නේ මොනතරම් අනුකම්පා සහිත සහ මානුෂික කෙනෙක්ද

:       1       41

prabha Thursday, 21 March 2019 11:29 AM

උත්පලා වගේ ගැහැනුත් ලංකාවේ ඉන්නවා කියල හිතෙන්නේ මට විතරද?

:       0       9

Raveendra Thursday, 21 March 2019 12:36 PM

ඇත්තෙන්ම උත්පලා මහත්මිය/මෙනෙවියගේ අදහස් පිලිබදව අප අගය කරන්නෙමු. එක අතකින් පමණක අත්පුඩි ගැසීමක් කල නොහැකි බව අප සියල්ලෝම දන්නා කරුණකි. මෙමගින් අප කිසිවිට අදහස් කරන්නේ නැහැ මේ ගුරා නිර්දෝෂී බව. කෙසේ වෙතත් සමාජ විරෝධී කිනම් හෝ කටයුත්තක යෙදුනේ කිනම් පුද්ගලයාද එකාගේ සියලුම විස්තර මෙන්ම ඡායාරුපද ප්‍රසිද්ධ මාධ්‍යය වල පලකිරීමට පවත්නා නීති වෙනස්විය යුතු යන්න අප තරයේ විස්වාස කරන්නෙමු. මක්නිසාදයත් එමගින් යම්කිසි හෝ හොදක් සමාජයට සිදුවන්නේය. අප සැවොම බිය වෙනවා වරදක් උනොත් නම ගම රුපය ප්‍රසිද්ධ වෙනවා අඹු දරුවන්ට, දෙමාපියන්ට සමාජය ඉදිරියේ මහත් ලැජ්ජාවකට පත්වෙනවා යන බිය නිසා වැරදි යම්කිසි තරමට එමගින් අඩුවෙනවා නොවේද ??

:       30       0

Nihal Thursday, 21 March 2019 05:49 PM

බය අපි කාටත් දැනෙන පොදු නියායක්. ඔහොම දේවල් වලට ඉදිරිපත් වෙන දෙමව්පියන්ගේ දරුවන්ගෙන් පලි ගන්නේ. මෑතකදී අවුරුදු 2 හිරේ ගිය ගුරුවරියගේ චරිතය උගත් බුද්ධිමත් විනිශ්චයකාරවරුන් තේරුම් ගත්තා ඒ වෙනකොට පව්ලේම විනාස වෙලා ඉවරයි. මම කියන එම පාසැල තියෙන්නේ මහවිල

:       0       0

ATHU Thursday, 21 March 2019 09:22 PM

කාන්තාව කිව්වා නම් එහෙම කළා කියලා ලෝකෙම පිලිගන්නවා ගුරුවරයාගේ පැත්තට කුවූරුත් නෑ.. ඇත්තට එහෙම දෙයක් නොවී ගුරුවරයාට ලෙඩක් දාන්න බොරුවක් කියන්න පුලුවන්. දැකපු කෙනෙක් වත්. ඔප්පු කරන්න දෙයක් වත් නෑ

:       11       4

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 269 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 64 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 606 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 642 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1077 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1003 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site