(විනීතා එම් ගමගේ)
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩුව පවතින ආසනවල සංවිධායක ධූර පිරවීම සඳහා අයදුම්පත් කැඳවීමට පියවර ගන්නා බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
ඒ සඳහා මාධ්‍ය දැන්වීම් පල කර අයදුම්පත් කැඳවන බව ද ඔහු කියා සිටියේය.
මේ වනවිටත් විද්වතුන් විශ්ව විද්‍යාල කතිකාචාර්යවරුන් අමාත්‍යංශවල හිටපු නිලධාරින් නීතිඥයන් වැනි පිරිස් වලින් සංවිධායක තනතුරු සඳහා ඉහළ ඉල්ලුමක් ඇතැයි පැවසූ ජයසේකර මහතා මේ පිරිස් අතරින් බොහෝ දෙනෙක් මෙතෙක් ක්‍රියාකාරි දේශපාලනයේ නොසිටි පිරිස් යැයි ද කීය.
එවැනි උනන්දුවක් දක්වන අයට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඉල්ලුම්පත් පක්ෂ කාර්යාලයට ලැබෙන පරිදි එවන්නැයි ද මහලේකම්වරයා කීය.
ඉදිරි මැතිවරණවල දී ඉදිරිපත් වීමට බලාපොරොත්තුවන අයට ද මේ අන්දමින්ම අයදුම්පත් එවිය හැකි යැයි පැවසූ මන්ත්‍රීවරයා පක්ෂය වටා උගත් බුද්ධිමත් පිරිස් එක්වන කාලයක් බවට මෙම කාල සීමාව පත්ව ඇතැයි ද කියා සිටියේය.
ජයසේකර මහතා මේ අදහස් පළ කළේ ශ්‍රීලනිප මූලස්ථානයේ අද (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රිලනිපයේ ආසනවල සංවිධායක ධූර සඳහා අයදුම්පත් කැඳවයි
සේන Thursday, 16 January 2020 05:01 PM
මන්ත්‍රී විශ්‍රාම වැටුප තහනම් කිරීමට, කැන්ටිමෙන් කෑමට හරි මුදල පියවීමට, කාර් පර්මිට් බලාපොරොත්තු නොවීමට. ඒ අය පමණක් ඉදිරිපත් වෙන්න. මොන පක්ෂය එකගද? ඒ අයට අපගේ වටිනා ජන්දය.............