IMG-LOGO

වෝහාරික විගණනය විවෘත කරන්නැයි ජවිපෙ කතානායකගෙන් ඉල්ලයි

(බිඟුන් මේනක ගමගේ )

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ වෝහාරික විගණන වාර්තාව කතානායක බලතල පාවිච්චි කර විවෘත කරන්නැයි කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටින්නට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.

රටම කැළඹූ මහ බැංකු බැඳුම්කර සිදුවීම ගැන දැනගැනීමට රාජ්‍ය මූල්‍ය පාලන බලය හිමි පාර්ලිමේන්තුවට අයිතියක් ඇතැයි ද ඒ අනුව කතානායකවරයාගෙන් මෙම ඉල්ලීම කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කළේ යැයි ද පොදු ව්‍යාපාර කාරක සභාවේ හිටපු සභාපති ජ.වි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිත් හඳුන්නෙත්ති මහතා ‘ලංකාදීප’ යට අද (14) පැවැසීය.

අදාළ වෝහාරික විගණන වාර්තා මෙම අවස්ථාවේ විවෘත නොකරන හැටියට නීතිපතිවරයා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇතත් පාර්ලිමේන්තුවේ ප්‍රධානියා කතානායකවරයා බැවින් පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන බලයට වගකීමට කරු ජයසූරිය මහතා බැඳී සිටින්නේ යැයි හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා අවධාරණය කර කීය.

මුදල් ඇමැතිවරයා හැටියට අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ද මෙම වාර්තාව ප්‍රසිද්ධ කිරීමට බලය ඇතත් ඔහු ද එම වගකීමෙන් මිදීසිටින්නේ යැයි කී හෙතෙම ඒ වෙනුවට අගමැතිවරයාගේ ආර්ථික උපදේශකවරයකු වන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා එම වාර්තාව ගැන විවේචනාත්මක පුවත්පත් ලිපි රචනා කරමින් සිටින්නේ යැයි ද චෝදනා කළේය.

අගමැතිගේ ආර්ථික උපදේශකවරයා හැටියට කබ්රාල් මහතා කළයුත්තේ පුවත්පත්වලට ලිපි ලිවීම නොව අදාළ වාර්තාව වහාම විවෘත කර ජනතාවට ඇත්ත දැනගැනීමට සලසන්නැයි අගමැතිවරයාට උපදෙස් දීම යැයි හඳුන්නෙත්ති මහතා පැවැසීය.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවලදී අතීතයේ සිට ප්‍රශ්න හටගෙන ඇති බවට නැගෙන චෝදනා හමුවේ ආණ්ඩුව කළයුත්තේ ජනතාවට නොබියව මුහුණ දීම යැයි ද එම පියවර නොගෙන ආර්ථික උපදේශකයන් ලවා වෝහාරික විගණන වාර්තාවට තැලීම සමාන කළහැක්කේ හොරාට කලින් කෙහෙල් කැන වැට පැනීමක් හැටියට යැයි ද හඳුන්නෙත්ති මහතා කීය.

ඒ අනුව අදාළ වෝහාරික වාර්තා තම බලය පාවිච්චි කර විවෘත කරන්නැයි කතානායක කරු ජයසූරිය මහතාගෙන් ලිඛිතවම ඉල්ලා සිටින්නේ යැයි ද හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (3)

වෝහාරික විගණනය විවෘත කරන්නැයි ජවිපෙ කතානායකගෙන් ඉල්ලයි

siri Tuesday, 14 January 2020 02:09 PM

කොහොම හෙළි කරන්නද? එකේ 2015 ට ඉස්සර වෙච්ච මහා පරිමානයේ කටයුතු ගැනත් විස්තර ඇතුලත් වෙලා කියලනේ කියන්නේ. ඕකත් හරියට අර "රන්ජන්ගේ හඬපට ප්‍රචාරය කරන එක නවත්වන්න කියල දේශපාලඥයෝයි හාමුදුරුවරුයි කියන්න පටන් අරගෙන තියෙන්නේ ඒගොල්ලොන්ගේ කතාත් පටි ගත වෙලානිසා වත්ද " කියල කියන එක වගේ තමයි ඉතින්.

:       0       1

Mahee Tuesday, 14 January 2020 02:43 PM

අපොයි දෙවියනේ ලෝකේ ලොකුම කිල්ලෝටේ කොහොම එලියට දාන්ඩද? ඕකෙ හුණු නැත්තේ සමහරවිට ජ,වී,පෙ ට විතරක් වෙන්න පුළුවන්. බැඳුම්කරේ මොකක්ද කියලා හිතෙයි.

:       0       1

Rohana Wednesday, 15 January 2020 04:29 AM

රුපියල් කෝටි 150ක් වියදම් කරලා වෝහාරික විගණනයක් කලේ මොකටද? කාගේ හරි කීමට මේක යට ගහන්න හදනවා නම් මෙය ජාතික අපරාධයක්... තමන් නිවැරැදි නම් කලින්ම මේ ගැන පුවත් ප්‍රකාශ නිකුත් කරන්නේ නැතිව අධිකරණය ඉදිරියේ තම නිර්දෝෂීබව ප්‍රකාශ කළ හැකියි නේද? එතකොට සේවකයින්ට අයත් සේ. අ. අරමුදලටත් සාධාරණයක් ඉටුවෙනවා නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 93 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 641 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site