
(ඡායාරූපය - දයාරත්න ඇඹෝගම)
(උපාලි ආනන්ද)
එස්. එෆ්. ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ නමැත්තාට ටී-56 වර්ගයේ ස්වයං ක්‍රිය ගිනි අවියකින් වෙඩි ප්‍රහාර 8ක් එල්ල කර ඇති බවත්, ඒ සමඟ ම ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථය ගිනි ගෙන මුළුමණින්ම දැවී ගොස් ඇති බවත් අද(05) උදෑසන අනුරාධපුර දහයියාගම හංදිය දුම්රිය හරස් මාර්ගය අසළදි සිදුවූ ඝාතනය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ වලදී අනාවරණය විය.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම කර ඇතැයි සිද්ධිය පිළිබඳව දැනට කර ඇති මූලික විමර්ශනවලදි අනාවරණ වී ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දයාන් සමරකෝන් මහතා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතාට පැවසීය. මහේස්ත්‍රාත්වරයාගේ පරීක්ෂණ වලින් අනතුරුව ගිනි ගෙන දැවී තිබූ මෝටර් රථය එම ස්ථානයෙන් ඉවත් කර අනුරාධපුර - කුරුණෑගල ප්‍රධාන මාර්ගය වාහන ගමනාගමනය සඳහා යලි විවෘත කරන ලදි.
අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ගිය මහේස්ත්‍රාත් සමරසිංහ මහතා එහි තැන්පත් කර තිබු ඉරෝන් රණසිංහ නමැත්තාගේ මෘත ශරීරය පරීක්ෂා කර බලා එම මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඊට අදාළ මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සේනානායක මහතාට නියෝග කළේය.
කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධිය ඇතුළු අපරාධ චෝදනා රැසක විත්තිකරුවෙකු ලෙස නම් කර සිටින එස් එෆ් ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහනාම මහතාට නියෝග කළේය. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එලෙස නියෝග කළේ මෙම වෙඩි තැබීම කළ අනුරාධපුර දහයියාගම හංදිය දුම්රිය හරස් මාර්ගය අසළ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවය.
උතුරු මැද දිශාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ උතුරු මැද පළාත බාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් යන මහත්වරුන්ගේ උපදෙස් මත, අනුරාධපුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලංකා ගීගනගේ මහතාගේ අධීක්ෂණය යටතේ, අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහනාම, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දයාන් සමරකෝන් සහ අනුරාධපුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත රාජපක්ෂ යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
වෙඩි තියලද? මෝටාර් ගහලාද?
ප්‍රවෘත්තියට වඩා පොලිස් නාම ලැයිස්තුව තමයි තියෙන්නේ...
අවිගත්තෝ අවියෙන්ම නසී. මේක තමයි ලෝක ධර්මතාවය..
දෑත් ශක්තිමත් කරන පාතාලයෝ ඇරෙන්න අනිත් හැම පාතාලයටම ශොට් එක වැදෙයි වගේ...
මේවා පෙර නිමිති...
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්... අනේ !!!
ටී 56කින් වෙඩි තියලා දුවන මෝටර් රථයක් ගිනි තියන්නේ කොහොමද කියලා මට නම් වැඩි තේරුමක් නැහැ. ඒ වුණාට උකුස්සොයි, පූසොයි කුඩු හයර් යන රටේ, වරෙන්තු තිබ්බ බන්ධනාගාර අධිකාරිවරයෙක් මීගමුවේ ඉඳන් කුරුණෑගලට කපුටෙක් පිටේ ගිය රටේ, මිනීමැරුම් ඇතුළු අපරාධ රැසක විත්තිකාරයෙක් හිරේ යන්නැතුව පාරේ ගියේ කොහොමද වගේ ප්‍රශ්න අහන්න හොඳ නැහැ. මේ භයානක නායකයා මරපු දෙවිවරු වහාම හොයන්න කියලා දාලා තියෙන උසස් පොලිස් නිලධාරීන් සහිත පොලිස් බල ඇණියේ නම් ටික දැක්කාම, මැරුණත් පොලිසිය තමන්ට සාධාරණය ඉෂ්ඨ කරන්න කොච්චර කැප වෙනවද කියලා ඉතුරු පාතාල නායකයින්ට තමන්ගේ දෑසින්ම දැකලා සතුටු වෙන්න පුළුවන්...
ඔහු අන්අයට කතාකළ භාෂාවෙන්ම ඔහුට පිළිතුරු ලැබීම කවුරුන් කළත් හොඳ දෙයක්.
ඔය සිද්ධිය වූ තැන පාළු තැනකුත් නෙමෙයි. අද දවසේ කොහොමත් පොලිස් සහ ආරක්ෂක අංශ වෙනදාට වැඩියෙන් ගැවසෙනවා. ඉතින් ඔහොම දෙයක් කරලා පැනලා යනවා කියන එක ගැන මිනිස්සුන්ට මහේස්ත්‍රාත් වාර්ථා එනකන් ඉන්න දෙයක් නෑ හිතාගන්න. එක දෙයක් විතරක් කියන්න ඕනේ. කාලෙන් කාලෙට එක එක අයගේ වුවමනා එපාකම් ඉටුකරන මේ වගේ මැරචරිත පාරවල් ගානේ මැරෙනවා අපි දැකලා තියෙනවා. හැබැයි ඒ ලොකුඅය හැමදාම යහතින් ඉන්නවා. ඒ මේ රටේ ඉන්න වහල් මානසිකත්වයකින් ඉන්න මිනිස්සු නිසයි...
මේ මරල දමල තියන විදිහ තමයි ටිකක් අමුතු? වෙඩි තියල තියෙන්නේ, කාරෙක ගිනි ගන්නමයි. ඒකටත් පාවිච්චි කරලා තියෙන්නේ අමුතු විදිහේ ගිනි අවියක් වෙන්න ඕනා. මරලා ඉන්නේ ඔය කියන "එස් එෆ් ලොක්කා" කියන එක අපේ මහත්තුරුන්ට ෂුවර්ද? මැරුණු මිනිස්සුත් පණපිටින් ඇවිල්ලා මිනීමැරුම් කරන්න පුළුවන් යුගයක් මේක? අනේ මන්ද, මිලේච්ඡයෝ බහුතරයක් ජීවත්වෙන රටක මේ වෙන කිසිදෙයක් ගැන කිසිම විශ්වාසයක් නැහැ..
හයිබ්‍රිඩ් මෝටර් රථ අනතුරකදී වහා ගිනි ඇවිලෙන සුළුය.
cctv පවා තිබුණානේද අර කරාටේ මාස්ටර් මරපු එකට... ඉතිං කොහොමද මෙයා එළියෙ ඉන්නේ..
පරීක්‍ෂණ පවත්වන පොලිස් කණ්ඩායම දැක්කාම මට හිතුණා මේ වෙද්දි මිනීමරුවන් අල්ලලා ඇතැයි කියලා.