IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විදුලිබල ලේකම් කෝප් කමිටුව මගහරී

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ) 

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවේ අද (23) පෙනී සිටින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතාට දැනුම් දී තිබියදීත් ඔහු එය මගහැර විදේශ ගතවී ඇති බව එම කමිටුවේදී අනාවරණය විය.

ඒ සම්බන්ධයෙන් කෝප් කමිටුව අප්‍රසාදය පළ කළේය.

කෝප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අද පස්වරුවේ රැස්විය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ නිලධාරීන් ඒ වෙත කැඳවා තිබුණේ ගල් අඟුරු ජෙනරේටර් 50 ක් මිලදී ගැනීම, හදිසි අවස්ථා යටතේ විදුලිය මිලදී ගැනීම ආදී කටයුතු රැසකදී සිදුව ඇති දූෂණ වංචා සම්බන්ධයෙන් කරුණු විමසීමටය.

මේ සඳහා ලේකම්වරයා වෙනුවට වැඩබලන ලේකම්වරිය පැමිණ සිටියද අදාළ කරුණු සම්බන්ධයෙන් විමසීමට බටගොඩ මහතා සිටිය යුතු බව තීරණය කළ කමිටුව ඔහු ඔක්තෝබර් 8 වැනිදා කැඳවීමට තීරණය කළේය.

ඒ අනුව එම අමාත්‍යාංශයේ නිලධාරීන් එදිනට කෝප් කමිටුව හමුවට පැමිණීමට නියමිතය.

 



අදහස් (5)

විදුලිබල ලේකම් කෝප් කමිටුව මගහරී

රවින් Friday, 23 August 2019 11:58 AM

කොහොමත් ඉස්සර ඉඳලම මේගොඩ හොඳට පොහොසත් වුණාය කියලා තමයි ආරංචි... තව තවත් ලොකු රෑට නිදියගත්ත තැන අමතක අයගේ රහස් එළිවෙයි කියලා යන්න කියන්න ඇති... ඕකේ ඇතුලේ නියම ගැරිල්ල කියලත් ආරංචියි.

:       0       27

kolam boss Friday, 23 August 2019 01:10 PM

මේක මාධ්‍යයට ඇරපු එකෙන් දැන් රාජ්‍ය සේවය කැළඹිලා ඉන්නේ. අපි ඊයේ දැක්කා සතොස නිලධාරීන් ටික මොනවද කරලා තියෙන්නේ කියලා. සතොසේ අකාර්යක්ෂම තාවය, නොසැලකිල්ල, වංචාව, රාජකාරිය පැහැර හැරීම තදින්ම වෙනවා කියලා ඔවුන්ම පිළිගත්තා. දැන් විදුලිබල ලේකම්තුමා කැළඹිලා ඇති...

:       0       1

Kumar Friday, 23 August 2019 04:00 PM

ඔය කොමිටි කාලේ නාස්ති කිරීමක් පමණයි. කෝ ඉතින් එන්න කිව්ව කෙනා ඒ කොමිටිය ගණන් අරගෙන නැහැනේ. මම ඉන්න රටේ නම් නොපැමිණියොත් සිතාසි නිකුත් කරනවා.

:       4       0

ශ්‍රීSaturday, 24 August 2019 04:37 AM

ඔයා ඔය රටටම වෙලා ඉන්න අපි මේවා බලාගන්නම්...

:       0       6

ranasinsha Friday, 23 August 2019 06:22 PM

කෝප් එකට ඡන්දයක් එනකන් හිටියා.. විගණකාධිපතිතුමාගේ නිර්දේශ ටික විභාග ක‍රන්න දැන් සාක්ෂි විනාශ වෙලා ඉතිරිවෙන්නේ නාටකයකුයි, මහා හැලි ටිකකුයි විතරයි.

:       12       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 401 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 231 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site