(ඉන්දිකා රාමනායක)
වයඹ පළාතේ ඉකුත් දා සිදු වූ ප‍්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් 78 දෙනෙකු අද (15) වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මින් පුද්ගලයන් 62 දෙදෙනෙකු 13 සහ 14 යන දිනයන් වලදී අත්අඩංගුවට ගෙන සිටි බවද පොලිසිය කීය.
සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු හා වීඩියෝ පට හරහා සිදුකළ පරීක්ෂණ අනුව මෙම පිරිස අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
මෙම පිරිස අතර රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල සේවකයන් පිරිසක් ද සිටින බවත් ඉදිරියේ දී එම ආයතන වලට මොවුන් සම්බන්ධයෙන් දැනුම් දී මොවුන්ට එරෙහිව ආයතන සංග‍්‍රහය යටතේ පියවර ගැනීම ද එම ආයතනවල බලධාරීන්ට දැනුම් දෙන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
වයඹ පළාතේ ස්ථාන කිහිපයක ඇති වූ ප‍්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එහි සාමය ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවට අමතරව පොලිස් නිලධාරීන් 5500 ට අධික නිලධාරීන් ප‍්‍රමාණයක් රාජකාරි සඳහා යොදවා ඇති බවද ඒ මහතා කීය.
දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වලට අයත් රථවාහන සැරසීම සඳහා, මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා , ජාතික ආරක්ෂාව සඳහා ,පැමිණිලි විභාග කිරීම සඳහා, අධිකරණ කටයුතු සහ අපරාධ විමර්ශන සඳහා සිටි නිලධාරීන් මෙලෙස වයඹ පළාතට කැඳවීමට සිදු වූ බවද රුවන් ගුණසේකර මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වයඹ පළාතේ ප‍්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ 78 ක් අත්අඩංගුවට
B Wednesday, 15 May 2019 02:16 PM
අන්තවාදීන්ට හා ජාතිවාදීන්ට උපරිම දඬුවම් ලබාදෙන්න.