IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලාංකිකයන් 5 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ බාරයට

 

ත‍්‍රස්ත සංවිධානයක සාමාජිකයින් පිරිසක් ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැමිණ ඇති බවට ලද තොරතුරු මත සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙකු ඇතුළු සැක කටයුතු පුද්ගලයින් 6 දෙනෙකු  ඉන්දීය ආරක්ෂක අංශ බාරයට ගෙන ඇතැයි එරට පළවන ‘‘ඉන්දියා ටුඩේ ’’ පුවත්පත අද ( 25) වාර්තා කර තිබිණි.

ගතවු දින දෙක තුළ ඉන්දීය ආරක්ෂක අංශ සිදුකළ එම සෝදිසි මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගනු ලැබූ පකිස්ථාන ජාතික කාන්තාවක් ඇතුළු ලාංකික දෙමළ ජාතිකයින් පස් දෙනා ප‍්‍රශ්න කිරීම සඳහා කේරළ හා කොයිම්බතූර් පොලීස් බාරයට ගෙන ඇති බවද එම පුවත් වෙබ් අඩවි වාර්තාවේ සඳහන් වේ.

ආසියාවේ ව්‍යාප්ත වී තිබෙන ත‍්‍රස්ත සංවිධානයක් වන ලෂ්කාර් - ඊ- ටයිබා සංවිධානයේ සාමාජිකයින් වන මෙම  ශ්‍රී ලාංකිකයින් දෙමළ , මුස්ලිම් සම්භවයක් සහිත අයවන බවද එහි සඳහන් වේ.

ඔවුන් පස් දෙනා සහ සහ පාකිස්ථාන ජාතික කාන්තාව ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැමිණ ඇති බවට එරට බුද්ධි අංශ ඉකුත් 23 වැනිදා  අනතුරු ඇඟවීමක් කර තිබුණි.

මේ හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු, කේරළ ඇතුළු ප‍්‍රාන්ත කිහිපයක ආරක්ෂාව තර කර සෝදිසි මෙහෙයුම් සිදුකිරීමට ඉන්දීය ආරක්ෂක අංශ පියවර ගනු ලැබීය.

ඒ අනුව එම ත‍්‍රස්ත සංවිධානයකට සම්බන්ධ පිරිසක් තමිල්නාඩුවට සහ කේරළයට ඇතුළු වී ඇති බවට ඉන්දීය ආරකෂක අංශ තහවුරු කර ගත් අතර එම අනතුරු ඇගවීමෙන් පසුව සැකපිට මෙම ලාංකිකයින් 5 දෙනා සහ පකිස්ථාන ජාතික කාන්තාව රදවාගෙන ප‍්‍රශ්න කරන බව ඉන්දීයා ටුඩේ  වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

( 125)



අදහස් (0)

ලාංකිකයන් 5 දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ බාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site