(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් විහාරස්ථානයක් වෙනුවෙන් ඉදිකර දුන් ජල පෙරන පද්ධතියක විවෘත කිරීමේ සමරු ගල් පුවරුව සඳහා රුපියල් ලක්‍ෂ හත හමාරක මුදලක් වැය කර ඇති බව කෝප් කමිටුව හමුවේ අනාවරණය විය.
ලක්‍ෂ හත හමාරක් වැය කර ගල් පුවරුවක් ඉදිකර ඇත්තේ ඒ වෙනුවෙන් නාවික හමුදාව විසින් සවි කර තිබූ පුවරුව ඉවත් කර බව ද එහිදී හෙළි විය.
එම ව්‍යාපෘතියට වැය වී ඇත්තේ රුපියල් ලක්‍ෂ 15ක් බවත් ඉන් අඩකටක් අධික මුදලක් ගල් පුවරුවක් වෙනුවෙන් වැය කිරීම අනුමක කළ නොහැක්කක් බව කෝප් කමිටු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා මෙහිදී ප‍්‍රකාශ කළේය.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා ඇතුළු එහි නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය.
සභාපති අසේල ඉද්දවෙල මහතා එහිදී පැවසුවේ සමරු ඵලකය වෙනුවෙන් එතරම් මුදලක් වැය කළේ එය ජල පෙරන ඉදිකිරීමේ ව්‍යාපෘතියේ 500 වැන්න වීම නිසා විශේෂයක් කිරීමට බවයි.
එමෙන්ම භූ විද්‍යා පතල් කැණීම් කාර්යාංශය පසුගිය වසරේදී සමාජ සත්කාර වියදම් බව කියමින් රුපියල් ලක්‍ෂ 79කට වැඩි මුදලක් වැය කර ඇතැයි කී සුනිල් හඳුන්නෙත්ති මහතා එය එම ආයතනය දැරිය නොයුතු තරමේ වියදමක් බව විගණකාධිපතිවරයා විසින් පෙන්වා දී තිබියදී මෙම වසරේදීත් සමාජ සත්කාර වියදම් ලෙස රුපියල් ලක්‍ෂ 350ක් වෙන් කර තිබෙන බව ද හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේය.
කෝප් කමිටු සාමාජික කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ඉන්නම හිතෙන රටක්...
නෙලුම් කුළුණක් ගිලින්න පුළුවන් යක්කුන්ට අග්ගලාවක් කජ්ජක්ද?
අපි නිකමටද සෑම වෙලාවේම මේ එක එක මුල්ගල් තැබීම, විවෘත කිරීම්වලට විරුද්ධව හඬ නගන්නේ? කරුණාකර මධ්‍යස්ථව බලන්න මොනතරම් සහගහන අපරාධද මේවා? මූලික අරමුණ මේ මූසලයින්ගේ නම් ගම් කොටාගැනීම හැර වෙන කුමක් බලාපොරොත්තු වන්නේද මෙම කාලකන්නි දේශපාලුවන්? අප දියවන්නාවේ ඉන්න 225ටම මෙම චෝදනාව නගන්නේ එකෙක්වත් මෙම අපරාධ නැවැත්වීමට කිසිඳු පියවරක් නොගැනීම නිසා නොවේද? මේ මුදල් විනාශ කරන්නේ තමන්ගේ අම්මගේ, අප්පාගේ බූදලෙන් වියදම් කරනවා වගේ නොවේද? කාලකන්නි 225ත්, ඒ පවුල් වලටත් සාප වේවා...!!! මේ පාපකර්ම වලට. මෙම අදහස් කිසිදු වෙනසකින් තොරව හැලිවඳුරන් 225 ටම කියවීමට හැකි වේවා !!!
මෙම අලාභය අදාල පුද්ගලයින්ගෙන් (මෙය යෝජනාකල නිර්දේශ කල හා අනුමත කළ සියළුදෙනා) අයකර ගතයුතුය. අය කිරීමේදී ගතවූ කාලයට අනුව මුදලේ අව ප්‍රමාණයට සමාන පොලියත් අයකර ගැනීම කරන්න.
ගියමාසේ 14 වෙනිදා මගේ කකුල එඬේරමුල්ල ස්ටේෂන් එකේ ප්ලැට්ෆෝම් එකේ වැදුණා. මා ගාව හිටිය දෙන්නෙක්ගෙත් වැදුණා.. රස්සාවට යන එක පැත්තක තියලා අපි තුන්දෙනාම රාගම ඉස්පිරිතාලයට ගිහින් බෙහෙත් දාගෙන ගෙවල්වලට ගියා. ආසාවට නෙවෙයි ෆුට්බෝර්ඩ් එකේ ගියේ. පඩිය දවස්ගානෙන් බෙදුවාම දවසට රු.1380 යි.. මෙව්වා දකිද්දි අපිට පොළව මතුපිට නෙවෙයි ඉන්න හිතෙන්නේ... අඩි දහයක් විතර යටට වෙලා.
පාර්ලිමේන්තුවේ ඉන්න හැම කෙනෙක්ගේම ෆොටෝ එකක් 2 x 2ක මීටර බෝඩ් ගහන්න මේ තක්කඩින්ට තියෙන්නේ පුදුම වුවමනාවක්. දවසක් බස්නාහිර හිටපු මහා ඇමති වංගුවට දාන කණ්ණාඩියක් විවෘත කරන්න කියලත් උත්සවයක් තිබ්බා. මරණාධාර සමිතියට හට් දීලත් නම ගහන අයයි ඉන්නේ... පාර්ලිමේන්තු මැතිවරණයට ඉල්ලන යට IQ ටෙස්ට් එකක් අනිවාර්ය කරන්න ඕනේ. නැතිනම් මන්ද මානසික, මදාවි අය ගිහින් කරන්නේ මේ වගේ වැඩ තමයි.
එහෙම කරන්න බැහැ කියලා රටේ නීතියක් නැතිනම් ඔය මොන කමිටුව කොච්චර කැස්සත් වැඩක් නැහැ.
මෙම වියදම දරලා තියෙන්නේ මූල්‍ය රෙගුලාසි අනුගමනය කරමින් නම් සහ අදාල ප්‍රසම්පාදන පිළිවෙත් අනුගමනය කරලා නම් කෝප් සභාපතිගේ මතය මේකයි කියලා වැරදියි කියන්න බෑ. මොකද එහෙම නම් රජයේ ආයතන සියල්ලගේම හැම වියදමක්ම දරන්න පෙර කෝප් එකට එවන්න වෙනවා. හැකි නම් හොයලා බලන්න ඔය අනුන්ගේ වැරදි හොයන විගණකාධිපති දෙපාර්තමේන්තුවේ අය සිය ගානක් වසර ගණනාවක් තිස්සේ එකම පුහුණු වැඩසටහනට එකම රටේ එකම ආයතනයට කෝටි ගාණක් වියදම් කරමින් යැව්වේ ඇයි කියලා. අඩු තරමේ වෙනස් පුහුණු වැඩසටහන් වලට යවන්න තිබ්බා.
ඕක වගේම තව වැඩක් කරලා තියනවා. ඔය දේ කලාට පසුව සොරොව්ව දෙපැත්තේම විශාල ගල් පුරුවල ලෝකේ ඇති හැම කෙනාගේම නම් ලියලා. කිසිම ඉංජිනේරුවෙකුගේ නමක් සඳහන් වෙලා නැහැ . මම ඔය බැම්ම බඳින කාලේ කීප සැරයක් ගියා බලන්න, මම පොඩි කාලේ දරු ඔයේ කොපමණ නාල තියනවද ? මගේ හදවතෙහි දරු ඔයත් ඓයනායක දෙවියන් පිළිඹඳ සංකල්පයත් කිසිවිටක ගිලිහිලා යන්නේ නෑ. අද අපි නාපු තොටුපොල ජලයෙන් පිරිලා . එතන වැඩ කළා දමිල ඉංජිනේරු මහතෙක් එතුමා සමග කතා කරපුහම එතුමාගේ ඇස් වල කඳුළු පිරිලා මට කීවේ එතුමා කොපමණ අසාවෙන් එම වැඩය හරියාකාරව කරලා ඉදිකිරීම ඉවරවෙන කම් නොඉවසිල්ලෙන් බලා ගෙන ඉන්නව කියලා. අහිංසක උගත් මිනිසෙක්. එ් වගේ කොපමණ මිනිසුන් වැඩ කරන්න ඇතිද? කිසිම සඳහනක් නැහැ. දරුවනේ මේ යන ක්‍රමය වෙනස් කිරීමට කාලය ඇවිල්ලා .
මම කලින් ලිව්වේ දැදුරු ඔය ව්‍යාපෘතිය ගැන .