IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රත්නපුර ඡායාරූප ගත් තිදෙනා රඳවා ප්‍රශ්න කරන්න අවසර

(අප්සරා යෝසිත් විජේසූරිය)

වෙසක් පෝයට පසුදින (19) රත්නපුර නගරයේ ඡායාරූප ලබාගත්තේ යයි ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධ යයි සැකපිට අත් අඩංගුවට ගත් තරුණයන් තිදෙනකු රත්නපුර වැඩබලන මහෙස්ත්‍රාත් මල්කාන්ති වැකුණගොඩ මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී  පැය 72ක කාලයක් රඳවාගෙන එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ අවසරය ලබාදෙමින් නියෝගයක් නිකුත් කළාය.

ඒ අනුව මෙම සැකකරුවන් තිදෙනා 23 වැනිි දින යලි අධිකරණයට ඉදිරිපත් කිරීමටද වැඩ බලන මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

මෙසේ අධිකරණයට ඉදිරිපත් කළ පසුව රැඳවුම්භාරයට පත් සැකකරුවන් වූයේ රත්නපුර නගරයේ පදිංචි  රත්නපුර නගරයේ පදිංචි මොහොමඞ් නශීර් මොහාමඞ් නෆ්රාත්, මොහොමඩ් පවුස් මොහොමඞ් අවුසාන්, යන මුස්ලිම් ජාතික තරුණයන් දෙදෙනා සහ කේ. අනුෂ්ක දිල්ශාන් කළුපහන නැමැති සිංහල තරුණයෙකි.

සැකකරුවන් ඉදිරිපත් කළ අවස්ථාවේදී පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමට ඉඩ ලබාදෙමින් මහේස්ත්‍රාත්වරිය එසේ රඳවාගැනීමේ නියෝගය නිකුත් කළේය. එසේම මෙම සැකකරුවන්ගේ ජංගම දුරකථන දත්ත පිලිබඳව කොළඹ විශ්ව විද්‍යාලයේ හෝ මොරටුව විශ්ව විද්‍යාලයේ ජංගම දුරකථන දත්ත විශ්ලේෂණයට අදාල අංශ වලින් වාර්තා කැඳවීමටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙම තරුණයින් තිදෙනා ඊයේ (19) දින රත්නපුර අංගම්මන පල්ලෙකන්ද රක්‍ෂිත ප්‍රදේශයේ ඡායාරූප ගත් බවට ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන මෙසේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

සැකකරුවන් භාවිතකලේ යයි කියන අධිතාක්‍ෂණික කැමරා 2ක්, යතුරුපැදි සහ අංක තහඩු 2ක්, හමුදා හිස්වැසුමක්, ජංගම දුරකථන සැකකරුවන් සන්තකයේ තිබූ බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තාකර තිබුණි.

මේ සම්බන්ධව 1979 අංක 48  දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 7වැනි වගන්තියට අනුව රත්නපුර පොලිසිය නීතිය බලගැන්වීමේ ඒකකය ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලයනල් මහතා විසින් අධිකරණයට කරුණු වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි.

 

මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි කළ පැමිණිලි පාර්ශවයේ රත්නපුර ප්‍රදේශවාසීන් වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත්වෙමින් කරුණු දැක්වූ විෂාන් මෛත්‍රීපාල, ජනක සුමේධ යන නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරුවන්ගේ ඡායාරූප ගැනීමේ ක්‍රියා කලාපය  සහ  මහජන ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි බැවින්ද සැකකරුවන් සතු ආමි කැප් එක අංක තහඩු ආදිය පිළිබඳව සැකසහිත බැවින්ද සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසයි.

තුන්වන සැකකරුවන අනුෂ්ක දිල්ශාන් වෙනුවෙන් ඉදිරිපත්වූ නීතීඥවරයා කියා සිටියේ තම සේවාදායකයා වෙසක් දිනයේ නගරයේ ඡායාරූප ලබාගත්තේ නගරය ආලෝකමත්වූ දර්ශන ඡායාරූප වශයෙන් ලබාගැනීමේ අදහසින් බවයි.

මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී රත්නපුර ප්‍රදේශවාසීන් විශාල පිරිසක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට රැඳී සිටිනු දක්නට ලැබුණි.



අදහස් (2)

රත්නපුර ඡායාරූප ගත් තිදෙනා රඳවා ප්‍රශ්න කරන්න අවසර

jayath Tuesday, 21 May 2019 02:31 AM

මේක දැන් පුදුම රටක් වෙච්චි අර මනුස්සසය ඇත්තටම නගර අලංකාරය ඡායාරූප ගත කරන්න ඇති . නමුත් ගිනිපෙනෙල්ලෙන් බැටකාපු අපි දැන් කළා මැදිරියට බය වෙන එක ත් සාදාරනයි.

:       110       121

janahitha Tuesday, 21 May 2019 06:19 AM

නැගෙනහිර පරික්ෂා කරන්න ඔය උනන්දුව නැහැනේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site