(ඉන්දිකා රාමනායක)

ජනාධිපතිවරණ මැතිවරණයට අදාලව නිල ඡන්ද පති‍්‍රකා  මුද්‍රණය කරන රජයේ මුද්‍රණාලයට පොලිස් නිලධාරීන් 41 දෙනකුගෙන් සමන්විත විශේෂ පොලිස් මුරපොළක් ස්ථාපිත කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා  කීය.

මෙම මුරපොළ පැය 24 පුරා කි‍්‍රයාත්මකව පවතින බවත් බොරැල්ල පොලිසිය ඇතුලු කොළඹ නගරයේ පොලිස් ස්ථාන කිහිපයක රාජකාරී කරන පිරිස් මේ සඳහා අනුයුක්ත කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

රජයේ මුද්‍රණාලය විසින් පොලිස් ආරක්ෂාව යටතේ නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණ  කටයුතු ආරම්භ කර ඇති බවත් ඉදිරියේ පොලිස් ආරක්ෂාව යටතේ එම ඡන්ද පති‍්‍රකා බෙදා හැරීම සිදුකර බවත් පොලිස් ආරංචි මාර්ග කියයි.