(අමල් වික්‍රමරත්න)
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සිද්ධියක් පිළිබදව නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන දක්ෂිණ නාවික හමුදාභාරයේ තිබු නාවික යාත්‍රාවක් අද(18) දින නැවත පරීක්ෂාකිරීමේදී එහි තිබී හෙරොයින් කිලෝ84යි මිලිග්‍රෑම්925ක ප්‍රමාණයක් සොයාගැනීමට හැකිවී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරීහු මේවනවිට පරීක්ෂණ පවත්වති.
අදාළ යාත්‍රාව ඉකුත් මාසයේ 08 වනදින මිරිස්ස ධීවර වරායෙන් මසුන් ඇල්ලීමට ගොස් සිටියදී එහි තිබී නාවික හමුදා සෝදිසියකදී හෂීෂ් මිලිග්‍රෑම්300ක් සහ හෙරොයින් මිලිග්‍රෑම්300 සොයාගැනීම නිසා නාවික හමුදා අත්අඩංගුවට පත්ව තිබු අතර යාත්‍රාව අධිකරණ නියෝග මත ගාල්ල නාවික හමුදා කදවුර භාරයේ තිබී ඇත.
දැල් ආම්පන්න අතර ඉතා සුක්ෂමව සගවා තිබියදී මෙම හෙරොයින් ප්‍රමාණය සොයාගත් බව නාවික හමුදාව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දෙ කිට්ටුවෙනකොට මේවා තව වැඩි වෙයි. චන්දෙට වියදම් කරන්ඩ සල්ලිත් ඕනෙනේ
කොහොමද යහපාලනය. දැන් කුඩු එන්නේ සිමෙන්ති ගෙන්වනවා වගේ කිලෝ 50 බෑග් වලින්. වෙනස සැපද? අපේ සිංහල කොල්ලන්ට දෙවියන්ගෙම පිහිට තමා...