IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


මොනරාගල - හම්බන්තොට - අම්පාර යා කෙරෙන සංචාරක සංස්කෘතික ත්‍රිකෝණයක්

(අයි. ආර්. ඉන්දික)

මොනරාගල, හම්බන්තොට හා අම්පාර දිස්ත්‍රික තුන කේන්ද්‍ර කරගෙන තවත් පුළුල් සංස්කෘතික සංචාරක වැඩසහනක් ආරම්භ කිරීමට කටයුතු සැලසුම්කර ඇති බවත් සුපුරුදු සංචාරක ත්‍රිකෝණය ක්‍රියාත්මක වෙන අතරතුර මෙම දිස්ත්‍රික්ක තුන කේන්ද්‍ර කරගනිමින් අලුත් සංචාරක සංස්කෘතික ත්‍රිකෝණක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම්කර ඇති බවත් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රෙමදාස මහතා පැවසීය.

ඓතිහාසික වැල්ලවාය බුදුරුවාගල විහාරස්ථාන පරිශ්‍රයේ රුපියල් ලක්ෂ 473ක වියදිමින් ඉදිවන සංචාරක පොදු පහසුකම් ඒකකය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට පෙරේදා (11) එක්වෙමින් අමාත්‍යවරයා ඒ අදහස් පළකර සිටියේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ කීය.

"ඉපැරණි සිද්ධාස්ථාන සංරක්ෂණය ආරක්ෂා කිරීම ගොඩගැනීම සුරක්ෂා කරලා අපේ උරුමය මතුපරම්පරාවට පරිත්‍යාග කළ යුතුයි. ඒ අතර අපි බලාපොරොතු වෙනාව සංචාරක කර්මාන්තතය ප්‍රවර්ධනය කරලා වැඩිදියුණු කරලා යටිතල පහසුකම් ඇතිකරලා පූජනීය ස්ථාන රටට දැයට ආදායම උත්පාදිත ස්ථාන බවට පත්කරලා එහි ප්‍රතිලාභ අවට ගම්මානවල ජීවත්වෙන අයට  ලබාදෙන්න නිර්මාණය කිරීම සඳහා ලක්ෂ නවසියයක් වෙන්කරගෙන තියෙන්නේ.

ඉතාම ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන සංස්කෘතික ත්‍රිකෝණය අනුරාධපුර පොලොන්නරුව නුවර යන බලප්‍රදේශ කේන්ද්‍රකරගෙන ක්‍රියාත්මක වෙනවා. ඒක සුපුරුදු විදිහට ක්‍රියාත්මක වෙනකොට අලුත් සංචාරක ත්‍රිකෝණය  මේ වයඹ චතුරශ්‍රය හරහා පුත්තලම කුරුණැගල දිස්ත්‍රික්ක කේන්ද්‍රකරගෙන ජාතික වැඩසටහනක් හැටියට අපි ක්‍රියාත්මක කරනවා.

මේ හැම වැඩසටහනකින්ම අපි බලාපොරොතුවෙන්නේ ඉපැරණි සිද්ධස්ථාන එක පැත්තකින් සංරක්ෂණය කිරීම, එක පැත්තකින් ආරක්ෂා කිරීම, ගොඩනැගීම, රැකබලා ගැනීම මතුපරපුර වෙනුවෙන් ඓතිහාසික සිද්ධස්ථාන සුරක්ෂාකරලා අපේ උරුමය මතුපරම්පාවට පරිත්‍යාග කිරීමයි. 

සංචාරක සංවර්ධන කටයුතු ආරම්භ කරන්නවත් ඉදිරි සති කිහිපය තුළ අපි පැමිණෙනවා. ශාසනික සේවාවක් වගේම සංචාරක සංවර්ධනයක් පොදුජනතාවගෙ අතමිට සරුවන වැඩසටහන් බවට පත්කිරීමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

කවුරුත් නොසිතු මොහොතක ජාත්‍යන්තර ත්‍රස්ත ප්‍රහාරයකට මුහුණ දුන්නා මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත රැසක් අහිමිවුණා. අප ඒ ගැන කනගාටුවෙනවා. දැඩිලෙස  ශෝකයට පත්වෙනවා. ජීවිත අහිමි වුණාට පස්සේ මොන දේ කළත් ඒ පාඩුව පිරිමහගන්නට බෑ. විපතට පත්වු පවුල්වලට සීමාමායිම්වලින් තොරව චක්‍රෙල්ඛ රෙගුලාසි නියෝග පැත්තකට විසිකරලා දමලා ඒ හැම පවුලක්ම රැකබලාගැනීමේ වගකීම අපි සතුව තිබෙනවා. ඒ හැම පවුලක්ම අපි ආරක්ෂා කළ යුතුයි. මව්පියන් අහිමිවුණු දු දරුවන්, දු දරුවන් අහිමිවුන දෙමව්පියන්ගේ දුක බෙදා හදා ගන්නවා පමණක් නෙවෙයි ඒ අනාථභාවයට පත්වුණු ජීවික ආරකෂා කරන්නට වගකීම භාරගන්නට ඕනෑ.

මේ ව්‍යපෘතිය අවසන්කරනකොට රුපියල් ලක්ෂ නවසියක් පමණ වැයකරනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාටත් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාටත් දිසාපතිතුමියටත් විශේෂ ස්තුතියක් පුද කළ යුතුයි. මොනරාගල දිස්ත්‍රික් සුරක්ෂිත කිරීමත් සංචාරක ප්‍රවර්ධනය කිරීමත්, ශක්තිසම්පන්න සංස්කෘතික වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා මුල් විම සම්බන්ධයෙන් තුති පළ කළ යුතුයි. ඒ වගේම මාස හයක් වැනි කෙටි කාලයක් තුළ දී මෙම සංවර්ධන ව්‍යපෘතියේ වැඩ අවසන් කිරීමටත් අපි බලාපොරොතුවෙනවා."

මෙම උත්සවය අමතා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර නියෝජ්‍ය කතානයක ආනන්ද කුමාරසිරි යන මහත්වරු ද අදහස් දැක්වූහ.

 



අදහස් (0)

මොනරාගල - හම්බන්තොට - අම්පාර යා කෙරෙන සංචාරක සංස්කෘතික ත්‍රිකෝණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1322 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1242 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 457 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site