IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


මානව හිමිකම් - සංහිඳියාවට - වගවීමට තවත් වසර දෙකක්

(තිළිණි ද සිල්වා)
 
මානව හිමිකම්, සංහිඳියාව සහ වගවීම විෂයෙහි තවදුරටත් ප‍්‍රගතිය අත්කර ගැනීම සඳහා 2021 මාර්තු දක්වා වසර දෙකක දිගුවක් ලබාදීම ලංකාවේ දේශපාලනික කැපවීමත්, 2015 වසරේ සිට රජය විසින් දැනටමත් ගෙන ඇති ප‍්‍රගතිශීලී පියවරත් පිළිගැනීමේ සළකුණක් වශයෙන් ශ්‍රී ලංකා රජය සළකන්නේ යැයි විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සඳහන් කර සිටී.

ලංකාව පිළිබඳ ජිනීවා යෝජනාව පෙරේදා (21) මානව හිමිකම් කවුන්සිල 40 වැනි සැසිවාරයේ දී සම්මත වීමෙන් පසුව එහි සාමාජික රටවල් අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.

මානව හිමිකම් සම්බන්ධයෙන් බිම් මට්ටමේ ඇති කරුණු තහවුරු කරගැනීමට දේශීය ආයතන සහ ජාතික මානව හිමිකම් කොමිසම ඇතුළු ස්වාධීන ආයතන සමඟ සමීපව කටයුතු කරන්නැයි ද මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට ඇරයුම් කරන බවද විදේශ අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.

එහිදී අමාත්‍ය තිලක් මාරපන මහතා මෙසේ ද පැවසීය.

‘‘මෙම කවුන්සිලයේ වැඩකටයුතු කෙරෙහි ශ්‍රී ලංකාව සතු විවෘත සහ ඵලදායී ප‍්‍රවේශය ඉතා හොඳින් හඳුනාගනු ලැබ තිබෙනවා. අපි ප‍්‍රධාන මානව හිමිකම් ගිවිසුම් සංවිධාන හතක් සහ විශ්ව කාලාන්තර සමාලෝචනය සමඟ සහසම්බන්ධයෙන් කටයුතු කර තිබෙනවා. මානව හිමිකම් විශේෂ නියෝජිතයන් සහ ස්වාධීන විශේෂඥයන් විසින් කරන ලද ශ්‍රී  ලංකා සංචාර අටකට ද පහසුකම් සපයා දී තිබෙනවා. එමගින්, ශ්‍රී ලංකාව කඩිනමින් ක‍්‍රියාත්මක කළ යුතු  1000 කට අධික නිර්දේශ සංඛ්‍යාවක් ලැබී තිබෙනවා. 

මා ඉකුත් 20 වැනි දින ප‍්‍රකාශ කළාක් මෙන්, අප අපගේ ප‍්‍රමුඛතාවන් නිවැරදිව සකස් කරමින් රටේ උත්තරීතර නීතිය වූ ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවෙන් සැපයෙන ප‍්‍රතිපාදන වලින් මාර්ගෝපදේශනය ලැබ, රටේ ජාතික අභිලාෂයත් එක හා සමානව සියලූ ලාංකිකයන්ගේ සුබ සාධනයත් ආරක්ෂා කිරීම පිණිස නව්‍ය හා ප‍්‍රායෝගික විසඳුම් සෙවීමට කැපවී සිටිනවා. 

ලංකාව අත්කරගෙන ඇති ප‍්‍රගතිය පිළිබඳවත්, එය මුහුණදෙන සැබෑ අභියෝග පිළිබඳවත් යථාර්ථවාදී තක්සේරුවක් ඊළඟ වසරේ මෙම කවුන්සිලයට ඉදිරිපත් කිරීම සඳහා මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයට ඉන් රුකුලක් ලැබේ. 

පොදු එකඟත්වයෙන් මෙම යෝජනාව සම්මත කරගැනීමට සහයදීම සම්බන්ධයෙන් මෙම කවුන්සිලයේ සියලූම සාමාජිකයන් වෙත ස්තූතිය පළ කරන්නටත් ශ්‍රී ලංකාව මෙය අවස්ථාවක් කර ගන්නවා යැයි ද විදේශ අමාත්‍යවරයා කියා සිටියේය.
 
 



අදහස් (10)

මානව හිමිකම් - සංහිඳියාවට - වගවීමට තවත් වසර දෙකක්

Bamunuarachchi Friday, 22 March 2019 08:53 AM

කාටද සංහිඳියාවක් ඕනේ... අපිට නම් එපා... දමිලයින් පිට සුළුජන වාර්ගිකයක් පමණයි...

:       320       310

senaFriday, 22 March 2019 09:33 AM

බමුණුආරච්චි මහත්තයා නිතරම 2ක් දාගෙන ඉන්නේ කිව්වට, මට පේන්නේ හයක් විතර දාගෙන ලියන්නේ සුළු ජන කොටසක් වුණාට ඒ මිනිස්සුන්ටත් ස්වාභිමානයෙන් යුතුව ජීවත් වෙන්න අයිතියක් නැද්ද? ලෝක ජනගහනයෙන් සිංහලයින් වන අපි කොයිතරම් සුළු ජන කොටසක්ද? ඉතින් මුළු ලෝකයාම සුළු ජන කොටසක් හැටියට අපිව නොසලකා හැරියොත් අපි කොච්චර අසරණ තත්වයකට වැටෙනවාද?

:       136       64

diasFriday, 22 March 2019 10:00 AM

දූපත් මානසිකත්වයෙන් සිටින උදවියට මෙවැනි දේ සාමාන්‍යයෙන් පෙනෙන්නේ නැහැ...

:       82       53

BamunuarachchiFriday, 22 March 2019 01:07 PM

අනේ අපේ සිංහල කොල්ලෝ බුරුතු පිටින් මැරුනේ මේ සිංහලයින්ට මේ රට බේරා දෙන්නද? අනේ පව්! මට නම් දෙමල්ලු මුසල්මානුවන් ගැන කියන්න දෙයක් නැහැ.

:       30       0

BamunuarachchiMonday, 25 March 2019 10:56 AM

නුඹලාට අපිට බලෙන් සංහිදියාව පටවන්න බැහැ. එක වෙනස් කොරන්න සක්කරයාගේ පුතා වයිමාට බැරිනම් කොහොමද කරන්නේ?

:       0       0

Wasudewa Friday, 22 March 2019 10:56 AM

මේ රජයේ විදේශ ප්‍රතිපත්ති සැලසුම් ඉතාම හොදය.එක්සත් ජාතීන්ගේ සැසිවාරයේදී රටේ යහපත සදහා යහපාලනයෙන් වුන හොද ප්‍රතිපත්ති පැසසුමට ලක්වුණා.එකෙන් පේනවා මේ රජයේ විදේශ ප්‍රතිපත්ති ලෝකය පිළිගන්නා බව.විදේශ ඇමතිතුමාට අපේ ගෞරවය

:       7       9

BamunuarachchiFriday, 22 March 2019 02:55 PM

ලෝකෙට පරකාසේ ගෙදරට මර ගාතේ... සිංහලයා දෙමළාට පාවා දීලා යුද්ධය දිනන රණවිරුවන් යුද අපරාධ කරුවන් කරලා ලෝකේ පැසසුම අගය කරනවා. 2020දී රිටර්න් එක ලැබෙනවා... ඒකේ කතා දෙකක් නැත.

:       30       1

Aris Friday, 22 March 2019 11:01 AM

අවුරුදු දෙකක්? ඒ කියන්නේ යුද්දේ මහින්ද මහත්මයාගේ කර පිටින් ඇරියා වගේ සංහිදියාවත් එතුමාගේ කර පිටින්ම අරින්න නේද හදන්නේ ?

:       0       0

Bamunuarachchi Friday, 22 March 2019 02:51 PM

සිංහලයා තමන්ගේ කර පිටට නොගත්තාම හරි. දැන් ඉන්න පාලකයින්ගේ කරපිටින් වලපල්ලට යවමු.

:       6       0

Deepal Nirosh Saturday, 23 March 2019 10:03 AM

ප්‍ර‍තිඵල කුමක් වුනත් තිලක් මාරපන විදේශ ඇමතිවරයා එදා මානව හිමිකමි කමුටුව ඉදිරියේ රට වෙනුවෙන් කළ කරුණු දැක්වීම ඉතා අගය කළ යුතුයි. රටට අවශ්‍ය මෙවැනි අමාත්‍ය මණ්ඩලයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 716 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 882 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site