(බිමල් ශ්‍යමන් ජයසිංහ)
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ හා ඉන් පිටත අද බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවන බවට එහි උපකුලපතිවරයාට නිර්නාමික දුරකතන ඇමතුමක් ලබාදුන් එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ සිසුවෙකු අද (15) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ජපානයේ සංචාරයක නිරත උපකුලපතිවරයාගේ ජංගම දුරකතනයට නාඳුනන පුද්ගලයෙකු ඇමතුමක් ලබා දෙමින් එම විශ්වවිද්‍යාලය තුළ හා ඉන් පිටත බෝම්බ පිපිරීම් මාලාවක් සිදුවන බවට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බවට එම විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර සිසුවා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පැමිණිල්ල සමඟ ලබාදුන් දුරකතන අංකය පිළිබඳ නුගේගොඩ අධිකරණයට කරුණු වාර්තාකර අදාල දුරකතන සමාගමින් ලබාගත් ග්‍රාහක වාර්තාව ඔස්සේ සිදුකළ විමර්ශනවලින් තහවුරු කරගත් තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම ව්‍යාජ ඇමතුම හේතුවෙන් විශ්වවිද්‍යාලය හා ඒ අවට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට සිදුවූ බවත් ව්‍යාජ ඇමතුම් ලබා දෙන්නන්ට එරෙහිව නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක කරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
COMMENTS
මේ මීහරකුන් දොස්තරලා වුණු දවසට රෝගීන්ට අබ සරණයි....
පසුගිය කාලයන් පුරාම මහජන මුදල් වියඳම් කරමින් රට රට වල ගියා. අවුරුද්දට යා හැකි වාරගනනටත් වඩා ගියා.
කෝ මේ සරසවි සිසුන් හැර රටේ අනෙකුත් හැමෝම මොලේ නැති බුරුවො කියපු උදවිය.
උපරිම දඬුවන් දෙන්න
මෙම සරසවියට ආරක්ෂක සහ පරික්ෂා වැඩපිළිවෙලක් මගින් මෙවන් කඩාකප්පල් වලට අනුබල දෙන කණ්ඩායම් හදුනාගත යුතුය.
මේ වගේ මිනිස්සුද වෛද්‍යවරු වෙන්නේ? මේ වහේ මිනිස්සු වෛද්‍ය වරු වෙලා මිනිස්සුන්ට ප්‍රතිකාර දෙයිද?
බොර දියේ මාළු බාන මිනිස්සු.
මොහු අනාගතයේ සංගමයේ සභාපති වෙනවා වෙනවාමයි
මෙම සිසුවා එසේ නොකියා සිට ඇත්තටම එහෙම දෙයක් උනානම් ඒත් අත්අඩංගුවට ගනී අනතුර දැනගෙන හෙළිදරව් නොකර සිටියා කියලා.
හලෝ දැනගත්තත් නොකියා ඉන්න. බුද්ධි අංශ දෙන ඔත්තුත් 100% හරිද.?
විභාග ඇති. පව්.!
මේ වගේ මානසික ලෙඩ්ඩු දොස්තරලා වුනොත් රට කොහොම හිටීද? මේ ලෙඩ්ඩු වසර දහයක්විතර හිරගෙදර තිබ්බොත් ලෙඩේ සුව වේවි. බුද්ධිමතුන් ගේ අවධානයට යොමුවේවා.
මෙවන් අවස්ථාවක් විහිලුවට ගත් මොහුගේ ශිෂ්‍ය භාවය අහෝසි කර, මෙතෙක් ඔහු වෙනුවෙන් දැරූ වියදම් අයකරගන්න..
විශ්ව විද්‍යාල දරුවන් කියන්නේ අපි දන්නා තරමින් ඉතාම බුද්ධිමත් දරුවන්...... නමුත් මේ වගේ පහත් වැඩ කරන්න තරම් උවමනාව මොකක්ද?
මේ සිසුවා දැනුම් දුන්න නිසා අනතුර වැළකී ගිය වෙන්න බැරිද? එයින් කෝප වූ ත්‍රස්තවාදය වපුරන දේශපාලකයින් ඔත්තුකරු අල්ල ගන්න දුරකථන ඇමතුම පස්සේ ගියා වෙන්න බැරිද? කලිනුත් ඔත්තු දීපු අය මරා දාපු බව අමතක කරන්න බැහැනේ. පොලිසිය උනත් තොරතුරු දීපු අයව ආරක්ෂා කරනවා නම් හොඳයි.
සමස්ත ශ්‍රී ලංකාවේ ම ජන ජීවිතය අඩාල වී රටේ ආර්ථිකයට පවා බලපෑම් එල්ලවී ඇති සහ රටක් වශයෙන් මෙවන් සංවේගකර අවස්ථාවක රටේ අනාගතය භාරගන්න ඉන්න උගත් යැයි සම්මත අයවලුන්ගේ බුද්ධිමත් භාවය පිළිබඳ ගැටලුව නැවත නැවතත් මතුවේ...
මොනවා කරන්න ඕනෙද මේ වගේ පුද්ගලයන්ට. මේ උගත්තුද? දොස්තර කෙනෙක් වුණාම මොනවා කරාවිද? කාගේ කොන්ත්‍රාත්තුවක්ද?
දේශපාලකයන්ට එක විදියකුත් මොහු සාමන්‍ය කෙනෙක් නිසා නීතිය තව විදියකුත් ක්‍රියාත්මක වෙලානේ. ඔබ 225 කෙනෙක් නම් හෝ ඔවුන්ගේ පවුලේ කෙනෙක් නම් ඕනම කුපාඩි වැඩක් කර බේරෙන්න පුලුවන්
විභාගය කල් දමාගන්න කල ප්‍රයෝගයක් කියලා ආරංචියි. ප්‍රශ්නය මෙවැනි විචාර බුද්ධියක් නැති උගතුන් සමාජයට අනාගතයේ එකතු වෙන මේ රටට යන කල... මොහුගෙන් අනාගතයේ බෙහෙත් ගන්න එන රෝගීන්ට දෙවියන්ගේම පිහිටයි...
මෙවැනි අය තමා අවසානයේදී කට කතා පතුරවමින් රට ගිනි තියන්නේ. මෙවැනි දේ ඉදිරියේදී කරන්නට බලාපොරොත්තු වන අයට පාඩමක් ලෙස, මොහුට දැඩි දඬුවම් පැමිණිය යුතුයි.
ජපුර උපකුලපති රට ......
මොනවා කරන්න ඕනෙද මේ වගේ පුද්ගලයන්ට. මේ උගත්තුද? දොස්තර කෙනෙක් වුනාම මොනවා කරාවිද මේ මෝඩයා? කගේ කොන්ත්‍රත්තුවක්ද?
බුද්ධි අංශ දෙන ඔත්තුත් 100% හරි නොවිය හැකියි. නමුත් රටේ මෙවැනි තත්වයක් පවතින විටක, දන දැනත් බොරු කට කතා පතුරවා ආරක්ෂක අංශ මුලා කිරීම බලවත් වරදක්.
අනේ දඬුවමක් දෙන්න එපා. අනාගත අනාගත දේශපාලනඥයෙක් රටට අහිමි වේවි...