(නිමල කොඩිතුවක්කු)
ලංකා බැංකුව, මහජන බැංකුව සහ ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ගත් තීරණය පිළිබඳ සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිත පිරිසක් ජනාධිපතිවරයා මුණ ගැසිමට තීරණය කර තිබේ.
යහපාලන රජයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු දෙදෙනෙකු යටතේ ක‍්‍රියාත්මක වන ආයතන තුනක අදාළ අමාත්‍යවරුන් විසින් පත්කරන ලද අධ්‍යක්ෂ මණ්ඩල ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
ලංකා බැංකුව සහ මහජන බැංකුව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යටතේ පවතින ආයතන වන අතර ලංකා ආයෝජන මණ්ඩලය අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා යටතේ පවතියි.
ලංකා බැංකුව, මහජන බැංකුව සහ ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල ඊයේ (17) මධ්‍යම රාත‍්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් විසුරුවා හරිනු ලැබීය.
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බැංකු ආයෝජන මණ්ඩලය විසුරුවා හැරීමට ගත් තීරණය ගැන සාකච්ඡාවකට සැරසෙයි
irondi Thursday, 18 October 2018 03:15 PM
එදා චන්ද්‍රකා කළ දේම අද මෙයත් කළා වගේ ..
kamil Thursday, 18 October 2018 03:17 PM
මේවා දකිනකොට සුභ සහ යස නාඩගම මතක් වේ .
ROHAN DAYADARA Paris Thursday, 18 October 2018 03:32 PM
විධායක ජනාධිපති ව්‍යවස්ථාව 78 ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති තුමා හදුන්වා දෙනකොට . ඩබල් ඩොක්ට . එන් .එම් . පෙරේරා මහතා කළා මේ ව්‍යවස්ථාවේ බලතල මිනිහෙක් ගැනියෙක් විතරයි කරන්න බැරි හැබැයි ජේ .ආර් . වැනි උගත් , පළපුරුදු , බුද්ධි මතෙකුට සුදුසුයි..... නමුත් නුසුදුයි අයෙකුට ගියෙත් භයානකයි යන වග .
kamal Friday, 19 October 2018 07:12 AM
මේ සියල්ල පසුපස ඉන්නේ බැසිල් කියා හිතේ