(රොමේෂ් මධුෂංඛ)
වවුනියාව යාපනය ඒ-9 පාරේ පිහිටුවා තිබූ පොලිස් ඩමියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවකයින් දෙදෙනෙකු වව්නියාව පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
පොලිස් රථවාහන අංශය මගින් වවුනියාව යාපනය පාරේ මෙම ඩමිය ස්ථාපිත කරන ලද්දේ රියදුරන්ගේ වේගය සීමා කිරීමේ හා රියදුරන්ගේ අවධානය යොමු කරවීමේ පියවරක් වශයෙනි.
එහිදී අදාළ පොලිස් ඩමිය ඉදිරියට ගිය එක් තරුණයකු පොලීසියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් ඩමියට උසුළු විසුළු කරමින් හැසිරෙන අන්දමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලය වෙත යොමු කර තිබිණි.
මේ පිළිබඳව අවධානය යොමු කළ වවුනියාව පොලීසිය මෙම සිද්ධිය ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට දැන්වීමෙන් පසුව එම දර්ශන වීඩියෝ ගත කරණ ලද පුද්ගලයාත් දර්ශන වලට පෙනී සිටි පුද්ගලයාත් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.
පොලීසිය සමච්චලයට ලක් කිරීම, පොලීසියට අපහාස කිරීම, මහජනතාව තුළ පොලීසිය පිළිබදව වැරදි චිත්‍රයක් නිර්මාණය කිරීම හා පොලීසියට අල්ලස් ලබාදීම සදහා ජනතාව පෙළඹවීම යන චෝදනා ඔවුන් දෙදෙනා වෙත ඉදිරිපත් කරමින් වවුනියාව පොලීසිය එම තරුණයින් දෙදෙනාව අත්අඩංගුවට ගෙන වවුනියාව දිසා අධිකරණය ඉදිරිපත් කිරීමට පියවර ගැණිනි.

COMMENTS
මෙය තනිකර අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට කරන ලද බාදාවක්. පොලිසිය සමච්චලයට ලක් කිරීමේ ගැටලුව කුමක්ද? ඔනෑම පුරවැසියෙකුට අදහස් ප්‍රකාශ කරීමේ අයිතිය තිබෙන අතර එයින් මහජනයාට පිඩාවක් නොවේ නම් පොලිසිය ක්‍රියාත්මක වී ඇත්තේ කුමන නීතියක් යටතේද? පොලිසියට අල්ලස් දීමට මෙම වීඩියෝව තුලින් ජනතාව පොළඹවා ඇත්තේ කෙසේද? මෙම අත්අඩංගුවට ගැනීම නියම කල නිලධාරින් එම තනතුරට සුදුසුද යන්න සොයා බැලිය යුතු අතර පොලිසියට බඳවා ගන්න නිලධාරීන්ට අනිවාර්යෙන්ම මානව හිමිකම් ඇතුලි නිතිය ඉගැන්විය යුතුයි. මෙම නිලධාරීන්ට විරුද්ධව අනිවාර්යෙන්ම උසාවියේ නඩු පැවරිය යුතුයි.
ඕනෑම ආයතනයක " අවංක නිලදරුවන් " සිටිනවා මෙන්ම" වංක නිලදාරීන්" සිටීම නොරහසකි. නමුත් මෙම ක්‍රියාව හිතාමතාම ශ්‍රීලංකා පොලිසියට අපහාස කිරීමක් බැවින් මේ අයට උපරිම දඩුවම් ලැබෙවා !! මෙමගින් පොලිසියේ සිටින " ඉතාමත්ම අවංකව සේවය කරන නිලදරුවන්හට" අපහසුවක් උවානම් අප පුරවැසියන් හැටියට කනගාටු වන්නෙමු.
මේ වනේ රටේ සිද්ධවෙන ලොකුම අපරාධ.
"මහජනතාව තුළ පොලීසිය පිළිබදව වැරදි චිත්‍රයක් නිර්මාණය කිරීම"
පොලිසියට විහිළුවක් තේරුම් ගන්න බැරි හැටි.
ඇත්ත කියනකොට පොලිසේ මහත්තරුන්ට අමාරුයි වගේ
දඩ කොලයක් ලියලා දුන්නනම් හරි !
ශ්‍රී ලංකා පොලිසිය නැතිනම් අපට වෙන දේ සිතීම වටී. අනික් රැකියා මෙන් නොව ඉතාම දුෂ්කර සේවයක් තමයි මේ අය කරන්නේ. ඔවුන්ගේ මේ සේවය ඇගයීමට ලක් කිරීම කාගේත් යුතුකමක්.
මොන මල විකාරයක්ද ? ඩමියක් තිබ්බොත් මිනිස්සු ඔහොම කරනවා තමයි! ඒක බලාපොරෝත්තුවෙන් තමයි තියන්නත් ඕනෙ.
මේ නඩුව උසාවියට ගෙනිහිල්ලා අනාගන්නවා සිකුරුයි. පොලිසිය කියන්නේ නීතිය හා සාමය රැකීමට තියන රාජ්‍ය ආයතනය මිසක් පාරවල් දිගේ රූකඩ අටවන්න හෝ නටවන්න තියන ආයතනයක් නොවේ. මහජන යහපත සඳහා ලිඛිත දැන්වීම් පලකිරීමට (උදා ; 'ප්‍රවේශමෙන් රිය පදවන්න වැනි' වැකි) පාරවල් අයිනේ සවි කලාට මෙවැනි නාඩගම් නීතියට අනුකුල යැයි පෙන්වීම ලේසි වෙන්නේ නැහැ. ඒ විතරක් නොවේ, මේවා නීතියට පටහැනි බවත්, මේ රූකඩ ඉවත් කලයුතු බවටත් තීන්දුවක් නොලැබුනොත් පුදුමයි. පොලිස් රූකඩයක් පාර අයිනේ තබා 'මහජනයා රැවටීමට ලක් කිරීම' මොන චේතනාවකින් කලත් නීතිය ඉදිරියේ එය සාධාරණීකරණය කළ නොහැකි බව මගේ හැඟීමයි
පොලිසිය කරන්නේ මහ එවුන්ගේ කටු කන එක. නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ කීයෙන් කීදෙනාද? පොලීසියේ පගා ගැහිල්ල හොඳට දන්නවා බස් හිමියෝ... පොඩි වාහන විතරයි එයාලට පේන්නේ වැරදි කරනවා. අනිත් ඒවාට නොදැක්කා වගේ ඉන්නවා. ලංකාවේ පොලීසිය පොලිස් නමටත් නින්දාවක්...
එහෙම පගාව ගන්නේ නැහැනේ නේද? එ් නිසා එ්ක වරදක්..., කාට කියන්නද මේ අවනඩු?
දැන් එතකොට පොලිසිය අල්ලස් ගන්නෙම නැද්ද?
අපෝ... පුදුම රටක්, විහිළුවක් වත් තේරෙන්නේ නැහැනේ...
නිකමට අහන්නෙ. ඩමියකට නෙවෙයි කෙලින්ම පොලිස් නිලධාරියෙක්ට ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහ කනට ගැහුවම පොලීසියට අපහාස වෙන්නෙ නැද්ද?
පාරේ ඉන්න බල්ලෙක් ඔතැනින් ගියා නම් අනිවාර්යයෙන් එ්කා කරන දෙය අපි දන්නවා. එතකොට මොකක්ද බල්ලට කරන්නේ...?
සුළු දෙටක් ,අවවාද කර නිදහස් කරනවා
දැන් එතකොට චිත්‍රපටි, ටෙලිනාට්‍ය, නාට්‍ය වැනි කලා කටයුතු වල තියෙන දේවල් වලටත් නඩු දානවද?
අහිංසක ජීවිත ලක්ෂ ගණන් බිලිගත් තිස්වසරක කුරීරු ත්‍රස්තවාදී යුද්ධය නිමාකළ මහින්ද මැතිතුමාගේ රුවකට දෙමල ත්‍රස්තවාදීන් සෙරෙප්පු වලින් ගහපු වෙලාවේ එහෙම නීතියක්වත්, විරෝධයක්වත් තිබුනේ නෑනේ..
පොලිස් රූපයක් අන්දපු කාඩ්බෝඩ් කෑල්ලකට පොලිසිය කියන්න තරම් අපේ පොලිසියේ ඉන්නේ ගොන්නුද? මේ විදියට ගියොත් අර නාට්‍ය වල ඉන්න පොලිස් නළුවෝ සේරම හිරේ දාන්න වෙනවා. උසාවිය ගැනනම් කියලා වැඩක් නැහැ. කරන දේවල් බලපුවම කින් කැකිල්ලේ මතක් වෙනවා. අපි තවම ඉන්නේ ගල් යුගයේ... ලෝකය ඉන්නේ අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන්. වෙන රටවල නීතිය කියන්නේ සම්මත කර ඇති පනවා ඇති නීතියට විතරයි. කෙනෙක් නීතිය කියා හිතන දේට නීතිය කියන්නේ නැහැ. ඒ නිසා සම්මත වී නොමැති නීති පොතේ නැති දෙයකට කෙනෙකු වරද කරුවකු සේ අත්අඩංගුවට ගන්නේ මොන ම්ලේච්ඡයින්ද? පොලිස්පති අරහේ බයිලා ගහනවා, ගෝලයෝ මෙහෙ පිස්සු කෙලිනවා.
නිකන්ද පොලිසියේ ඉන්නේ හරක් කියන්නේ? ...
වැඩේ කැතයි ඔය කියන නිදහස, අයිතිය මොන දේ තිබ්බත් නැතත්...
එහෙනම් කොස්තාපල් පුඤ්ඤසෝම වගේ චිත්‍රපට වලටත් නඩුදාන්න ඕනෑ..
දැන් ඉන්න පොලිස්ලෝක්කො ඉස්සර හිටියානම් අර " සර්ගොයිය හරිමිනිහ " කියාන සින්දුව චිත්‍ර පටිගතකල අයට හිරේ යන්න වෙන්නෙ.
ලංකාවේ කෝලම් සම්ප්‍රදායේ පොලිස් කෝලම කියල එකකුත් තියනවා දැන් එක නැටුවත් හිරෙදානවද?.
අපේ රටේ නීතිය බල්ලට ගිහිල්ලා. පොලිසිය බල්ලට ගිහින් නෙවේ... බල්ලා පොලිසියට ගිහින්... ලෝකේ අනිත් රටවල ඔය වගේ දේවල් කරන්න ඕන තරම් නිදහස තියෙනවා. අපේ රටේ මිනිස්සුන්ට ඒකවත් නැහැ. මේවට වග කියන්න ඕනෑ ගොන් දේශපාලකයින්...