( රංජන් කස්තුරි )
පූර්ව මැතිවරණ සමයේ නීතී රීතී උපරිම ආකාරයෙන් පිළිපදින්නැයි විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ට මැතිවරණ කොමිසම දැනුම් දී තිබේ.
විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් අද (9) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා එම උපදෙස් ලබා දී තිබේ.
මැතිවරණ සමයේදී අනුගමනය කළ යුතු මාධ්‍ය උපමාන පිළිපදින්නෙකු එසේ කළ නොහැකිනම් ඒ බව දන්වා මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දෙන්නැයිද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එහිදී සඳහන් කළේය.
නීතී රීතී උල්ලංඝණය කරමින් සිදු කරන ප්‍රචාරණ කටයුතු සහ සජීවී විකාශන බලතල භාවිත කර තහනම් කරන බවද නිලධාරීන්ට එරෙහිව තදින් නීතීය ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන්ට දන්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම රාජ්‍ය සේවකයෙක්... පිටකොන්දක් නැති පෞරුෂයක් නැති දෙකට, තුනට නැමෙන දීනයින්ට ආදර්ශමත් නිලධාරියෙක්...
ඔව්වා කියලා වැඩක් නැහැ. බිරිඅලියට වීණා ගායනා කරනවා වගේ තමයි. කලදුටු කල වල ඉහගන්නේ නැතුව මාධ්‍ය කියලත් වෙන මොනවා කරන්නද? අපේක්ෂකයන් අත දිගහැරලා දැන්වීම්වලට ගෙවන කාලෙනේ...
ඡන්දෙන් පස්සෙවත් පොඩි විවේකයක් එහෙම අරන් රැවුල පොඩ්ඩක් අඩුකර ගත්තොත් හොඳයි නේද? මොකද රටේ වැදගත්ම තනතුරක් නේද දරන්නේ... මතක ඇතිව කටවටේ ගෑවිලා තියෙන බුලත් කෙල ටිකත් හෝදලා දාන්න අමතක කරන්න එහෙම එපා හොඳේ...