(තිළිණි ද සිල්වා)
පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ වූයේ උසස් අධ්‍යාපනය ලත් , ආර්ථික වශයෙන් සමෘද්ධිමත් පවුල් වල තරුණයින් යැයිද ඉන් එක් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබීමෙන් පසුව ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලද අයෙකු බවත් කීවේය. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මේ බව පැවසූයේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විදේශ මාධ්‍යවේදීන් පිරිසක් සඳහා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී විදෙස් මාධ්‍යවේදියෙකු තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හස්මි සිටින්නේ කොහේදැයි ප‍්‍රශ්න කළ අතර රාජ්‍ය අමාත්‍යවරයා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ බුද්ධි අංශ රැසක් දුන් තොරතුරු අනුව එම තැනැත්තා මෙම කැඞී ගිය කණ්ඩායමේ නායකයා බවත් ඔහු මෙම ප‍්‍රහාරයත් සමඟ සිය දිවි නසා ගෙන ඇති බවය.
ෂැන්ග‍්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරෙන ප‍්‍රහාරය කළ තැනැත්තා කවුරුන්ද යන්න විමර්ශන අවසන් වනතුරු අනාවරණය නොකරන බවද විජයවර්ධන මහතා කියා සිටියේය.
විදෙස් මාධ්‍යවේදීන් හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ජාත්‍යන්තර සංවිධානයක ආධාර ඇතිව මෙම ප‍්‍රහාරය සිදුකළා දැයි තවදුරටත් පරීක්ෂණ පවත්වන බවයි.
මීට පෙර ලංකාවේ ස්ථාන කිහිපයකදීම බුද්ධ ප්රතිමා විනාශ කරන ලද්දේ මෙම කල්ලිය විසින් යැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
අද ලෝකේ මෙවැනි ප්‍රහාර වලින් වන්නේ ප්‍රහාරක කල්ලි ඇති වීම පමණයි.
මනුස්සයන් වෙනුවට යන්ත්‍ර බිහිවීමේ විපාක.
මේක හින්දා ලංකාවේ මුස්ලිම් අයට වෙන රටවල ඉගෙනීමට විස ගැනීම සැහෙන්න අමාරුවෙයි ඉදිරියේදී
බුද්ධ ප්රතිමා විනාශ කරද්දී ඒකට දඩුවම් නොකිරීමේ ප්‍රතිවිපාක ......
බුදු පිළිම විනාශ කරපු එකේ පරීක්ෂණ දිගටම කරා නම් මේ වගේ විපතක් වෙන්නේ නැහැ .... මාරු සහජීවනය??
මෙතන තිබෙන්නේ දුප්පත් පොහොසත් භේදයක් හෝ දේශපාලන මතවාදයක් නොවෙයි. මෙය ලංකාවට පමණක් අදාළ ප්‍රශ්ණයක් නොවෙයි ලෝකෙටම බලපාන ප්‍රශ්නයක්.
ඒවා කලානම් මුස්ලිම් ඡන්ද ටික නැති වෙනවනේ ළමයෝ