IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ප්‍රහාරයෙන් පසු කටුවපිටිය දේවස්ථානයේ පළමු දේවමෙහෙය අද

(පුෂ්පකුමාර මල්ලවආරච්චි, ඩබ්ලියු. හියුබට් ප‍්‍රනාන්දු සහ සීදූව එන්.ඒ නිශ්ශංක )

පාස්කු ඉරිදා ත‍්‍රස්ත‍්‍ර ප‍්‍රහාරය හේතුවෙන් විනාශයට පත් මීගමුව කටුවපිටිය ශූද්ධවූ සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානය ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසු නැවත කැප කිරීමේ දිව්‍ය යාගය හා ප‍්‍රහාරයෙන් මියගිය පිරිස් වෙනුවෙන් දිව්‍ය පූජාව  අගරදගුරු අතිඋතුම්  මැල්කම්  කාදිනල් රංජිත්  හිමිපාණන්ගේ  ප‍්‍රධාතත්වයෙන් අද ( 21 ) පෙරවරුවේ සිදු කෙරිණි.

පෙරවරු 8.00 ට කාදිනල්තුමන් සහායක රදගුරුතුමන්,  පියතුමන් ඇතුලූ පිරිස ජනතාව මහත් හරසරින් යුතුව පිළිගෙන දේවතයින්ගේ පෙරහරින් නවීකරණය කෙරුණු දේවස්ථානයේ ඉදිරිපස මණ්ඩපය වෙත කැදවාගෙන එනු ලැබීමෙන් අනතුරුව කාදිනල්තුමන් ඇතුලූ පියතුමන්ලා දේවස්ථානයට වැඩම කරවීමෙන් පසු දිව්‍ය පූජාව ආරම්භ විය.  කාදිනල්තුමන් හා සහායක රදගුරුහිමිවරුන් දිව්‍ය පූජාව පැවැත්වූහ.

විශාල ජනතාවක් දේවස්ථානය ඇතුළත හා පිටත දිව්‍ය පූජාව සදහා සහභාගිවීම සදහා  එක්රොක්ව සිටි අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් තුවාල ලැබූවන් මෙන්ම තවදුරටත් ප‍්‍රතිකාර ලබමින් පසුවන පිරිසක්ද මේ අතර වූහ. බෝම්බ ප‍්‍රහාරයට ලක්වූ එක් කාන්තාවක ගිලන් ඇදේ සිටියදීම දේවස්ථානයේ ප‍්‍රථම පූජාව සදහා කැදවාගෙන එනු ලැබ තිබීම විශේෂත්වයක් විය. දිව්‍ය පූජාව පැවැත්වෙද්දී ඊට සහභාගිව සිටි පිරිසි මියගිය තම ඥාතීන් සිහිපත් කරමින් කදුළු වගුරවනු ද දක්නට ලැබිණි.

ප‍්‍රතිසංස්කරණය කෙරුණු දෙව්මැදුර කැප කිරිම මෙම දිව්‍ය පූජාව අතරදී සිදුකෙරිනි.  දිව්‍ය පූජාව අවසන්වීමෙන් පසු කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමන් හා නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ සහභාගිත්වයෙන් පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මියගිය 263 දෙනා වෙනුවෙන් දේවස්ථාන භූමියේ ඉදි කරනු ලැබූ සිහිවටන එලකය විවෘත කරනු ලැබීය. සෙබස්තියන් දේවසථානයේ සිදුවූ ප‍්‍රහාරයෙන් මියගිය අයගේ නාමලේඛනය මෙම සිහිවටන ඵලකයේ ඇතුළත් කර ඇත.

කාදිනල් තුමන් ඇතුලූ පියතුමන්ලා, නිවාස ඉදිකිරීමේ  හා සංස්කෘතික ඇමති සජිත් පේමදාස මහතා ඇතුලූ ආරාධිතයෝද මියගිය අයගේ ඥාතීහූ ද මල් කළඹ තබා පුෂ්පෝපහාර පවත්වනු ලැබූහ. අනතුරුව ස්මාරකය සමීපයේ ඉටි පහන් දැල්වනු ලැබීය.

දේවස්ථාන භූමියේ  ඉදිකෙරෙන දහම් පාසල් ගොඩනැගිල්ලේ මුල්ගල ආසිරි ගැන්වීම හා මුල්ගල තැබීම අනතුරුව සිදුවිය. විපතට පත්වූ හා හානියට පත්වූ පවුල්වල සාමාජිකයන් ගේ දරුවන් 140 දෙනෙකුට ශීෂ්‍යත්ව ප‍්‍රදානය, විපතට පත් පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීමට සැලසුම්කර ඇති ස්වශක්ති මානව සංවර්ධන වැඩ සටහනේ ප‍්‍රතිලාභ ලබාදීමද මෙහිදි සිදුවිය.

අවසානයේ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් මියගිය පිරිසගේ දේහයන් තැන්පත් කළ සුසාන භූමියේ යාඥාවක්ද පැවැත්වීමෙන් කටයුතු අවසන් කෙරිණි.

පොලීසිය හමුදාව, ගුවන් හමුදාව ප‍්‍රදේශයේ ආරක්ෂක කටයුතු තර කර තිබූ අතර කටුවපිටිය මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමා ඇතුල් පියතුමන්ලා කන්‍යා සොහොයුරියන් ගම්පහ දිසාපති සිනිලූ ජයලත් මහතා ප‍්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුලූ විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

(ජායාරූප  පුෂ්පකුමාර  මල්ලවආරච්චි)



අදහස් (2)

ප්‍රහාරයෙන් පසු කටුවපිටිය දේවස්ථානයේ පළමු දේවමෙහෙය අද

Raveendra Sunday, 21 July 2019 11:35 AM

බලලොබය නමැති මිහරකාගේ අං තට්ටුව වෙනුවෙන් තම යුතුකම්, තම රාජකාරිය පහර හරිය මෙන්ම වචනයකින් හෝ මේ මහා පාපකර්මයට උදව්කල එම පාපතරයන්ට සාප වේවා!!! මෙම විපතේදී මිල කළ නොහැකි නැතිවුණු අපගේ සියලුම කිතුනු බැතිමතුන් හට නිවන්සුව අත්වේවා...!! තුවාල ලබා අනේක විද දුක්විදින සියල්ලෝටම ඉක්මන් සුවය අප හදවතින්ම ප්‍රර්ථනා කරන්නෙමු. " හරින් නමැති ආත්මාර්ථකාමී ඇමතියව " අප ඉතාම ඕනෑකමින් මතක් කරන්නෙමු . එමෙන්ම අප එම " ඇමතියාගේ " ආදරණිය මෑණියන්දාවද පියානන්ද ආදරයෙන් මතක් කරන්නෙමු.

:       4       678

Raveendra Sunday, 21 July 2019 12:33 PM

දහසක් පැතුම් හිතේ දරාගෙන ආ පිරිස...// නොසිතු ලෙසට හැරයන්නට උවා සියල්ලම..// ඒ දැක සිනහසුණු නොමිනිස් තිරිසනුන් හට ..// ලැබෙනවා දඩුවම අද හෙටටම යුක්තිය තිබෙනතුරු..//

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 40 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 341 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 362 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site