(ශාන්ත චන්ද්‍රසිරි)
පස් කන්දක් කඩා වැටීමෙන් නානුඔය ප්‍රදේශයේ පුද්ගලයකු අද (14) මිය ගොස් ඇතැයි නානුඔය පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ නානුඔය පදිංචිව සිටි මුර්ති රාජේන්ද්‍රන් (33) නැමැති දෙදරු පියෙකි.
පස් කන්දක් සමඟ මෙම පුද්ගලයා අඩි 20 ක පමණ පහළින් පිහිටි නුවරඑළිය- හැටන් ප්‍රධාන මාර්ගයේ කොන්ක්‍රීට් කාණුව තුළට ඇද වැටීමෙන් මෙසේ මියගොස් ඇති බව මුලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ස්ථානීය පරීක්ෂණයකින් පසුව අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සදහා මළ සිරුර නුවරඑළිය මහ රෝහල වෙත රැගෙන යාමට පොලීසිය පියවර ගන්නා බව පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd