IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


තෛපොංගල් වෙනුවෙන් සඳුදා උතුරේ සියලුම පාසල් වසා දැමේ

(රොමේෂ් මධුෂංඛ)

තෛපොංගල් දිනය නිමිත්තෙන්  14 වැනි සඳුදා දිනයේදී උතුරේ සියලුම පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යලය අද (11) නිවේදනයක් නිකුත් කර තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා උතුරු පලාත් අධ්‍යාපන ලේකම් ඇතුළු නිලධාරීන් සමඟ සිදු කරන ලද සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

දෙමළ ජනතාවගේ වසරේ ප්‍රධානම සැමරුමක් වන තෛපොංගල් දිනය සැමරීමට සූදානම් වීම වෙනුවෙන් උතුරේ පාසල් සඳහා තෛපොංගල් දිනට පෙර දිනය නිවාඩු දිනයක් ලෙසට නම් කොට ඇති අතර නිවාඩු දෙන සඳුදා දිනය වෙනුවට සතියේ වෙනත් නිවාඩු දිනයක උතුරේ සියලුම පාසල් කටයුතු පැවත්වීමට දිනයක් දැනුම් දෙනු ලබන බවටද උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පලාත් අධ්‍යාපන කාර්යාල හා කලාප අධ්‍යාපන කාර්යාල වෙත දැනුම් දී ඇත.



අදහස් (8)

තෛපොංගල් වෙනුවෙන් සඳුදා උතුරේ සියලුම පාසල් වසා දැමේ

Bamunuarachchi Saturday, 12 January 2019 12:56 AM

ඉස්කෝල හැමදාම වහලා දාන්නකෝ... අපිට මොකද කියලා බලන්න... දකුණේ ඉස්කෝල වහන්න එපා අනවශ්‍ය හේතුන් උඩ...

:       356       115

sandy123 Saturday, 12 January 2019 04:54 AM

බමුණු මහත්තයෝ. තමන්ගේ ප්‍රධානතම උත්සවයක් බැවින් උතුරේ පාසල් වැසීම මම දකින හැටියට වැරැද්දක් නැහැ. පාසල් පැවොත්තුවොත් වෙන්නේ ඉගෙන ගන්න පාසල් ළමයින් වැඩි ප්‍රතිශතයක් පාසල් නොපැමිණීමයි. එයින් ගුරුවරු සහ පාසල් ළමයින් අමාරුවේ වැටීමයි. ඒ එක්කම මෙතරම් කුහක බව මම දැන ගත්තේ අදයි.

:       28       154

BamunuarachchiSaturday, 12 January 2019 07:54 AM

sandy123 ඇත්ත ඇත්ත ඔබ කියන දේ හරි නමුත් උතුර කීව් ගමන් හිතට එන කේන්තිය කොහේ යවන්නද?

:       116       23

BamunuarachchiSaturday, 12 January 2019 01:00 PM

තමන්ගේ අදහස් කෙලින්ම කියන එක කුහකකම නොවෙයි. කිවයුතු දේ සඟවාගෙන වෙන දෙයක් කීම කුහකකමයි. මොවුනට බොරු ආදරයක් පෙන්වීම තමයි කුහකකම. දැන් කියන්න කව්ද කුහක ඔබද මමද.

:       132       22

sandy123Sunday, 13 January 2019 04:29 AM

මහත්තයෝ බොහොම ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට. තමන්ගේ අදහස කෙලින්ම කියන තරම් දෙයක් තවත් නැත. හිතේ යම් දෙයක් තබා ගෙන තවත් දෙයක් පැවසීම හෝ ලිවීම මම කොහෙත්ම අනුමත කරන්නේ නැත. ඔබට එයට මගේ ප්‍රණාමය. නමුත් පාසල් අධ්‍යාපනය යනු සියලුම දුවා දරුන්වන්ගේ පරම අයිතියක්. එය කව්රු කොහොම කිව්වත් තර්ක කලත් වෙනස් කල නොහැකි සත්‍යයක්. ඒ නිසා උතුර කිවූ පමණින් තමන්ගේ කේන්තිය මෙවන් ආකාරයට පිට කිරීම අනුමැත කල නොහැක. මේක හරියට තමන්ගේ කාර්යාලයේ ප්‍රශ්නයකට තමන්ගේ ගෙදර උන්දැට බැණ වදිනවා හා සමාන දෙයක්. එය කුහක කමක්, වංක කමක් නොවේද? එය යහපත් පුද්ගලයකුට ඔබිනද? පිළිගැනීමේ හෝ නොපිළිගැනීමේ තීරණය ඔබ සතුයි.

:       0       0

NuwanSunday, 13 January 2019 02:39 PM

ඔබ

:       0       0

BamunuarachchiSunday, 13 January 2019 06:05 PM

නුවන් මම ඇසුවේ ඔබද මමද කියා නුවන්ගේ පිලතුර වුයේ "ඔබ" ඒ කියන්නේ මම නොවෙයි නේද? හොඳයි හොඳයි

:       0       0

සමන්ත Saturday, 12 January 2019 09:45 AM

මම දන්න විදිහට තෛපොංගල් දිනය රජයේ නිවාඩු දිනයක් ඉතින් ඇයි අලුතින් පාසල් වහන්නේ...

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 932 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1013 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 404 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site