IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව පුස්තකාලයක්

(විනීතා එම්  ගමගේ)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ 60 වන සංවත්සර වෙනුවෙන් සංවිධානය කරන මානව පුස්තකාලය මේ මස 27 වැනිදා දවස පුරා විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේදී පැවැත්වේ.

විවිධ අත්දැකීම් බහුල විද්වත්හු ඊට සම්බන්ධ වෙති. එකී මානව කෘති විසින් තම තමන්ගේ අත්දැකීම් හා දැනුම පාඨකයන් වෙත බෙදා දෙනු ලබන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව කෘති ලෙස විවිධ විෂයන් තුළ විද්වතුන්ට ආරාධනා කර ඇතැයි එම විශ්ව විද්‍යාලය කියයි.

ගල්කිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොළඹ නව කෝරලයේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක දිවියාගහ යසස්සි නාහිමියන් එදින පෙරවරු 9 සිට 10 දක්වා හමුවිය හැකිය.

එදින පෙරවරු 10 සිට 12 දක්වා සෞන්දර්ය  කලා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති මෙන්ම රංගන ශිල්පියකු ද වන ආචාර්ය සෞම්‍ය ලියනගේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා අංශයේ අංශ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ  මහාචාර්ය මුදිත විදානපතිරණ, පරිසරවේදී මතුගම සෙනෙවිරුවන්, රංගන ශිල්පිනී කෞශල්‍යා ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීහු සහභාගි වෙති.

වත්මන් ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිල ඇත්තෝ මධ්‍යහ්න 12 සිට පස්වරු 2 දක්වා සහභාගි වෙයි.

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය නාරද වර්ණසූරිය, ජනකලා ශිල්පි සහන් රන්වල, සංගීතවේදිනි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි ඉන්දිකා උපමාලි, පරිසරවේදී තිලක් කන්දේගම සහ ගීත රචක හා නිවේදක වසන්ත දුග්ගන්නාරාල  යන මහත්ම මහත්මීහු එදින පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සහභාගි වෙති.

මෙම මානව කෘති හා එක්ව ඔවුන්ගේ දැනුම බෙදා හදා ගැනීමට පුස්තකාලය ඔබට ද ආරාධනා කරයි. වැඩි විස්තර 011 2758 531 දුරකතනයෙන් හෝ [email protected] වෙබ් අඩවිය මගින් ලබා ගත හැක.

ඒ සඳහා සහභාගි වන්නට පැමිණිම තහවුරු කිරීම අත්‍යවශය බැවින් මේ මස 25 වැනිදාට පෙර විමසන්නැයි ද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉල්ලා සිටියි.



අදහස් (0)

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව පුස්තකාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site