(රංජන් කස්තුරි)
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට පහරදුන් බව කියන එම විශ්වවිද්‍යාලයේම සිසුන් පස්දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටවූ බව උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංහ මහතා පැවැසීය.
නවකවදයට විරෝධය දැක්වීමක් සම්බන්ධයෙන් එම සිසුවාට පහරදී තිබෙන බවද උපකුලපතිවරයා කීය.
මේ අතර විශ්වවිද්‍යාලයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවද මහාචාර්ය සම්පත් අමරතුංහ මහතා සඳහන් කළේය.
COMMENTS
මෙවැනි අයගේ ශිෂ්‍යභාවය සදාකාලිකව අත්හිටවිය යුතුයි. නවක වදය තවමත් සරසවි වල පවතින්නේ මෙවැනි විනය කඩ කිරීම් වලට නිසි දඬුවම් නොදීමයි.
තාවකාලිකව නොවේ සදහටම අහෝසි කරන්න. දැඩි නීති නැත්නම් ඔය අය රටේ ලොකු පුටුවලට ආපු දවසට රටම ඉවරයි.
ඔය දාමරිකයන්ව සදහටම විශ්වවිද්‍යාලෙන් නෙරපා දැමිය යුතුය.
විශ්වවිද්‍යාලවල මේ වගේ දාමරිකයන් විශ්වවිද්‍යාල වලින් නෙරපන්න කටුතු කිරීම සුදුසුයි.
වෙන්න බැහැ..වෙන්න බැහැ. මේක මේ මහාචාර්ය වරයාගේ බොරුවක් වෙන්නම ඕනේ. මොකද මේ තුන් ලෝකෙම තියෙන දැනුම් සම්භාරයම තිබෙන මෙවන් උගත්, බුද්ධිමත් දරුවන් එහෙම තුට්ටුදෙකේ වැරදි කරයි ද? මෙම මහාචාර්යවරයාගේ බේගල් නිසා අසරණම අසරණ කුරා කූඹියෙකුටවත් වරදක් නොකරන මේ දරුවන් කීපදෙනාගේ අනාගතේ සම්පූර්ණයෙන්ම විනාශ කරන්නයි මේ යන්නේ... ඉරිසියාව ඉරිසියාව වෙන මුකුත් නැහැ...
කොළඹ සරසවියේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකෙත් ඔය මානසික ලෙඩ්ඩු තවමත් නවක වදය දෙනවාලු. දැන් නම් නවකයින්ගේ සීමාව ඉක්මවා ගිහින් බව ආරංචියි. නවකයින් කිහිපදෙනෙක්ම වධකයින්ට විරුද්ධව එළිපිටම චැලේන්ජ් කරනවාලු."පිස්තෝලයක් ගෙනත් හය හත් දෙනෙක්ව එලොව ඇරලා මාත් මැරෙනවා බං.." කියපු නවකයෙක් ගැනත් ආරංචියි. විශ්ව විද්‍යාලයේ සිටින පාලක මණ්ඩලයටයි මේ කියන්නේ... අපේ දරුවෙකුට එහෙම ඔය මොලේ අමාරුවෙන් පෙලෙන පිස්සෙක් අතක්වත් තියලා තිබුනොත්.. එදාට අපි දෙමව්පියෝ ඔය විශ්ව විද්‍යාලය ඇතුළට කඩා වැදිලා නවකවදය දෙන " වධකයින් " වද දීලාම එලොව යවන බව හොඳට මතක තියාගන්න. ඒ වගේමයි වධකයින්ගේ දෙමව්පියන් හඬා වැලපෙන තත්වයට පත් කිරීමට කලින් මේ අමන පාලක මණ්ඩලය වහාම ක්‍රියා මාර්ගයක් ගතයුතුයි. ඔබට පිස්සන්ව විශ්ව විද්‍යාලයෙන් එළවීමට නොහැකි නම්.. අපි පිස්සන්ව මේ ලෝකයෙන්ම තුරන් කරලා දමන්න සූදානම්....
මේවට වැඩියෙන්ම සම්බන්ධ වෙන්නෙ, ඔය අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කියලා කියා ගන්නා අය ටිකයි. ඒ නිසා මුලින්ම කරන්න ඕනි මේ සංවිධානය තහනම් කරලා දාන්න.
නවකවදය යනු හීනමානයයි. තමන්ට නැති සමාජ තත්වයක් , ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාවක් හෝ නගරබද පාසලක යමෙකු දැක්කොත් මේ තත්වය බලා ගත හැකියි. මේ මානසික රෝගය අඩු වශයෙන් රැකියාවක් කරද්දී රාජකාරි කරන තැනවත් අන්තිමේ මැඩ පවත්වා ගත නොහැකිය. එතනත් තමන් සමග එකට වැඩ කරන උදවියට කල හැකි සියලුම කරදර කරයි. එම නිසා මේ නවකවදකාරයන්ගේ මව්පියන් තමන්ගේ ළමුන් හික්මවීම , උප කුලපතිට පොලිසියට උසාවියට හෝ සමාජයට භාර නොකර තමන්ම කරන්න. තමන්ගේ දරුවා උගතෙකු මිස මානසික ලෙඩෙකු නොකර සමාජගත කිරීමේ වගකීම ඔබ සතුයි. මේවාට පවතින සමාජ ක්‍රමය , ආණ්ඩුව හෝ රටේ ආර්ථිකය නිදහසට හේතු නොවේ.