(අජන්ත කුමාර අගලකඩ)
ගල්, වැලි සහ පස් ප්‍රවාහනයේදී ක්‍රියාත්මක වූ බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය අද (4) තීරණය කර ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර එය හෙට (5) සිටම ක්‍රියාත්මක විමට නියමිතය.
ගල්, වැලි සහ පස් ප්‍රවාහනයේදී ජනතාව මුහුණ දෙන දැඩි අපහසුතා සැලකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගත් බව රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ප්‍රකාශ කළේය.
මෙම අමුද්‍රව්‍ය ප්‍රවාහනයේදී සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ගැටළු අද පැවති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවත් ඒ අනුව බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමටත් තීරණය කළ බව හෙතෙම කීවේය.
ගල්, වැලි සහ පස් ලබා ගන්නා ස්ථාන සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පරිසර අමාත්‍යාංශයේද සහභාගීත්වය ඇතිව කමිටු කිහිපයක් පත්කිරීමටද තීරණය වූ බව ඔහු පැවැසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.