IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කාර්යක්‍ෂම - විධිමත් රාජ්‍ය සේවයක් ලබාදීම රාජ්‍ය සේවකයාගේ වගකීමක්

(නාලක සංජීව දහනායක)

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම ඇතුළු පහසුකම් පුළුල් කිරීමට නම් රාජ්‍ය සේවකයන් කැපවී ක්‍රියාකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (19) පැවැසීය.

මහජනතාව දහඩිය මහන්සියෙන් උපයනු ලබන මුදලින් රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් ගෙවන බව කී ජනාධිපතිවරයා එබැවින් කාර්යක්‍ෂම හා විධිමත් රාජ්‍ය සේවයක් ලබාදෙමින් මහජනතාවට සාධාරණය ඉටු කිරීම රාජ්‍ය සේවකයාගේ වගකීම වියයුතු යැයිද කීය.

දිවයින පුරා සිටින රැකියා අපේක්‍ෂිත උපාධිධාරීන් නියෝජනය කරමින් පැමිණි පිරිසක් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (19) පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ සුළු පිරිසක් සිදුකරන වැරදි හේතුවෙන් සමස්ත රාජ්‍ය සේවයම අවඥාවට ලක්ව ඇති බවද පෙන්වා දුන්නේය.

රැකියා අපේක්‍ෂිත සියලු උපාධිධාරීන් ජාතික ආර්ථිකයට ඍජුව දායක කර ගැනෙන පරිදි කඩිනමින් රජයේ රැකියා සඳහා පත්කරන බව කී ජනාධිපතිවරයා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ දෙපාර්තමේන්තුවල පවතින පුරප්පාඩු පිළිබඳව තොරතුරු රැස්කර පුරප්පාඩු සඳහා කඩිනමින් උපාධිධාරීන් බඳවා ගන්නා බවද සඳහන් කළේය.

සියලුම රැකියා ලාභීන්ට නායකත්වය හා රාජ්‍ය සේවය පිළිබඳව විධිමත් පුහුණුවක් සහ අවබෝධයක් ලබාදෙමින් ජනතාවට වගකියන රාජ්‍ය සේවයක් හා රාජ්‍ය සේවකයෙක් බිහිකර ගැනීම තම අරමුණ බවද ජනාධිපතිවරයා එහිදී පැවැසීය.

රටක ඉදිරි ගමනට ඇති විශාලම ශක්තිය මානව සම්පත බව කී ජනාධිපතිවරයා මෙරට බුද්ධිමත් තාරුණ්‍යය නිසි ලෙස කළමණාකරණය කරගනිමින් ආර්ථික වර්ධනයට දායක කරගැනීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.

සෙසු රටවලට සාපේක්‍ෂව ශක්තිමත් පදනමක් සහිත කර්මාන්ත මෙරට ගොඩනැගී නැති බවත් රටට විදේශ විනිමය උපයාදෙන ප්‍රධානතම සාධකය බවට නුපුහුණු ශ්‍රමිකයන් පත්ව තිබෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අනාගතයේදී මෙරට සියලුම දරුවන් රටේ ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත්කර ගැනීමේ අධ්‍යාපන ක්‍රමයක් සැළසුම් කෙරෙමින් තිබෙන බවද ජනාධිපතිවරයා කීය.

එමෙන්ම ලොව සෙසු රටවල රැකියා අවස්ථාවන්ට ගැළපෙන ආකාරයෙන් අධ්‍යාපන ක්‍රමය සකස් කළ යුතු බව කී ජනාධිපතිවරයා තරුණ තරුණියන් රුකියා සොයා යනවා වෙනුවට රුකියා අවස්ථා තරුණ තරුණියන් සොයා එන අධ්‍යාපන රටාවක් කඩිනමින් ස්ථාපිත කළ යුතු බවද සඳහන් කළේය. 

ෂෙහාන් සේමසිංහ, ජානක වක්කුඹුර, කංචන විජේසේකර, කනක හේරත් යන රාජ්‍ය අමාත්‍යවරුන්ද, නිරෝෂන් ප්‍රේමරත්න, ඩී.වී චානක, තේනුක විදානගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතාද මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

 



අදහස් (0)

කාර්යක්‍ෂම - විධිමත් රාජ්‍ය සේවයක් ලබාදීම රාජ්‍ය සේවකයාගේ වගකීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site