IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කසල ටිපර් වලට එල්ල වූ ගල් පහරින් පොලිස් රියකටත් හානි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
අරුවක්කාඩු කසල අංගනයට කසල ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ සඳහා ආරක්ෂාව ලබාදෙමින් ගමන් කළ පොලිස්  කැබ් රථයකට අද (24) ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ ගල් ප්‍රහාරය එල්ල වී ඇත්තේ පුත්තලම මූලස්ථාන පොලිසියේ එල්.ඩි.6907 අංක දරණ මුර සංචාරක කැබ් රථයට බව කියයි.

කොළඹ සිට අරුවක්කාඩුවට කසල ප්‍රවාහන කරමින් තිබු ටිපර් රථ සදහා ආරක්ෂාව ලබා දෙමින් ගමන් කරමින් තිබු මෙම පොලිස් කැබ් රථයට ප්‍රහාරය එල්ල වි ඇත්තේ පුත්තලම තිල් අඩිය ප්‍රදේශයේදී බව කියයි.

තිල් අඩිය ප්‍රදේශයේ සැඟවී සිටි පිරිසක් කසල රැගෙන යමින් සිටි ටිපර් රථවලට ගල් ප්‍රහාරයක් එල්ල කරමින් සිටියදී මෙම පොලිස් ජීප් රියටද එකවර ප්‍රහාරය එල්ල වූ බව කියයි.

එසේම මෙම ගල්ප්‍රහාර වලින් කසල ප්‍රවාහන කරමින් තිබූ ලොරි රථයකටද ගල් ප්‍රහාරයක් එල්ල වී තිබු අතර එහි ඉදිරියේ ප්‍රධාන වීදුරුවට හානි සිදුව ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධව ගල් ප්‍රහාරය සිදුවූ අවස්ථාවේදිම සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීහු සමත්වූහ.

අත්අඩංගුවට ගත් සැකකරු වාහනවලට පහර දීමට සඟවාගෙන තිබූ ගල් කීපයක්ද පොලිසිය ඒ සමගම අත්අඩංගුවට ගෙන ඇති බව කියයි. මෙම කසල ප්‍රවාහන ටිපර් රථ වෙනුවෙන් ස්ථාන ගණනාවක යුද හමුදාවද ආර්ක්ෂාවට යොදවා ඇති බවද කියයි.

අත් අඩංගුවට ගත් සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.  
 

 



අදහස් (11)

කසල ටිපර් වලට එල්ල වූ ගල් පහරින් පොලිස් රියකටත් හානි

ලුම්බිණි Saturday, 24 August 2019 08:39 AM

විරෝධතා පලකළ යුත්තේ මිනිසුන් විදියට විනා වන සතුන් විදියට නොවේ.

:       156       313

GihanSaturday, 24 August 2019 06:02 PM

සතුන්ටත් අන්ත මිත්‍යා මත දරන මිලේඡ්ච පිරිසකගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.

:       0       28

DilanSunday, 25 August 2019 02:53 AM

මේකට සාමකාමීව විරෝධය පළ කළා නේද. ඒත් පලක් වුනේ නැහැ. සාමකාමී උද්ඝෝෂණ ආණ්ඩුවට පේන්නේ නැහැ.

:       30       0

athuraMonday, 26 August 2019 04:45 AM

අනිවා ඩිලාන් කියන්නෙ කොළඹ කුණු කදු ගොඩ ගහපු කෙනාට කඩේ යන කෙනෙක්.

:       0       0

sirimal Saturday, 24 August 2019 11:29 AM

"විද්දේ හාවට වැදුනේ පොලිසියට" අනුමානයක් නැහැ ඕක නම් හිතාමතාම කරපු වැඩක්... අපේ පොලිසියට මහ ජනතාව එ් තරමටම ආදරෙයිනේ... එ්කයි එහෙම හිතුනේ.

:       107       51

රවින් Saturday, 24 August 2019 12:37 PM

නීතිය බල්ලට ගියාද? ගරු අධිකරණ නියෝග තියනවා නේද අවහිර නොකරන්න කියලා. ආරක්ෂක හමුදාවේ නිලදරුවනි තියන්න වෙඩි. එතකොට පිටපස්සේ ඉඳන් අහිංසකයින් මෙහෙයවන දේශපාලකයෝ එළියට එයි.

:       45       118

Arama Saturday, 24 August 2019 01:08 PM

මිනිසුන් විදිහට විරෝධතා ඉදිරිපත් කළත් එයට සාධාරණ විසඳුමක් නොලැබෙද්දී සත්තු විදිහට හැසිරෙන්න වෙනවා.

:       127       73

Amila Saturday, 24 August 2019 02:18 PM

දියවන්නාවේ මහල්ලෙකුට ඔහොම ගලක් ගැහුවා නම් අද ඔබ ජාතික වීරයෙක්.. හැමදේම වැරදි තැනින් පටන් ගන්නේ නේද?

:       1       76

Perera Saturday, 24 August 2019 07:51 PM

කුණු වලටය් ජරාව කන එවුන්ටය් පොලිස් ආරක්ෂාව ඇතුව පාරේ යන්න සලස්වන ලෝකෙම එකම රට ලංකාවද????

:       0       1

jayath Sunday, 25 August 2019 04:07 AM

අතීතයේ මේ වගේ අවස්ථාවලදි වෙච්ච දේවල් මතක් කරලා බැලුවොත් ඇත්ත තේරෙනවා .1 කන්දලමට මරාගෙන මැරෙන විරෝධතා ආවා. ගිනිතියාගන්නවා කිව්වා. අන්තිමේදී මොකද උනේ ? 2 ඉරණවිල ඇමෙරිකන් හඬ මතකද තිබිච්ච සද්දේ ? දැන් කෝ ඒවා? 3 නොරච්චෝලේ - කී තැනකට අරන් ගියාද ? පහුගිය ආණ්ඩුවට කොන්දක් තිබුනා එක හදන්න. නැතිනම් අපට විදුලිය දෙන්නේ ඕව පිටිපස්සේ ඉන්න උදවියද? . මෙතන කතාවත් එ්කමයි.

:       0       6

Akila Sunday, 25 August 2019 04:51 AM

තවම පරිණාමය නොවූ මිනිසුන් සිටින පළාතක් වගේ .

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 22 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 703 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site