IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


උතුර - නැගෙනහිර එකතු කිරීමට අපි එකඟ නෑ

වසන්ත චන්ද්‍රපාල
 
රජය විසින් සකස් කිරිමට බලාපොරොත්තු වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව උතුරු නැගෙනහිර එකතු කරන්න පුළුවන් උතුරේ සුමන්තිරන්ලා වගේ මන්ත්‍රීවරුත් ඉල්ලන්නේ ඒක නමුත් එයට අපි මුස්ලිම් කොංග්‍රසය වශයෙන් විරුද්ධ බව එක්සත් ජාතික පෙරමුණේ දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී පළාත් පාලන පලාත් සභා  අමාත්‍ය එච්.එච්.එම්.හරේෂ් මහතා පැවසීය.

අම්පාර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව මන්ත්‍රීවරුන් දැනුවත් කිරිමේ වැඩසටහනක දී මෙසේ කීවේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

උතුරු නැගෙනහිර එකතු කරනවා කියන එක අපිට ලොකු අභියෝගයක්. ඒක නිසා අපි සියලු දෙනාම මේකට විරුද්ධ විය යුතුයි. මම මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායකයා හැටියට මේ පිළිබඳව අපි ආණ්ඩුවට කියලා තියෙනවා. මේ වැඩේට අපි විරුද්ධයි කියලා.

යුද්ධයෙන් පස්සේ අපි නිදහසේ ජීවත්වෙනවා. නිදහස් උත්සවය දවසේ විග්නේශ්වරන් මහත්තයා ඒකට විරුද්ධව වැඩ කළා. ඒවාගේම සුරේෂ් ප්‍රේමචන්ද්‍ර ගජේන්ද්‍ර කුමාර පොන්නම්බලන් වගේ අය දැනුත් අපේ රටට විරුද්ධව වැඩ කරනවා. අම්පාර ජනතාව  හැටියට ගත්තොත් අපි සියලුදෙනාම යුද්ධයට මුහුණ දුන්න ජනතාව. අපි සිංහල, මුස්ලිම්,දෙමළ ජනතාව හැටියට එකට සිටිය යුතුයි.

පහුගිය කාලේ අපේ රටේ කුරිරු යුද්ධයක් තිබුණා. ඒ යුද්ධයෙන් රට ආරක්ෂා කර ගැනීමට අපේ රටේ රණවිරුවන් ඒ වගේම පොලිස් නිලධාරින් ඔවුන්ගේ ජීවිත පූජා කළා. ඒක අපි අමතක කරන්න බැහැ. අපේ රණවිරුවන් අපේ රට පාලනය කරපු නායකයින් නිසා අපි නිදහසේ  ජීවත්වෙනවා. ඒක නිසා අපි මේ අවස්ථාවේ ඒ අයට ගරු කළ යුතුයි.

ඒ යුද්ධය නිසා අපේ රටේ විශාල හානියක් සිද්ධ වුණේ උතුර නැගෙනහිර ජනතාවට දැන් ඒක අමතක කරලා අපි ඉන්නවා. අපේ වගකීම අපේ පළාතේ ජනතාවට මොනවා හරි කරන්න ඕනෑ. 

වර්තමාන අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහතා  ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරන්න යනවා ඒක නිසා අම්පාර නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට  ඔබ සැමගේ සහයෝගය අරගෙන මේ ව්‍යාපෘතිය සාර්ථක කරගත යුතුයි.



අදහස් (7)

උතුර - නැගෙනහිර එකතු කිරීමට අපි එකඟ නෑ

Kumar Monday, 11 February 2019 11:27 AM

අපි එකඟයි...

:       3       63

Hafeel Monday, 11 February 2019 11:45 AM

උතුරු, නැගෙනහිර එකතු කරන එකට විරුද්ධ වෙනවා වගේම, ඔබගේ පක්ෂය මුල් කරගෙන පිහිටුවීමට යන ජාතික ආණ්ඩුවටත් විරුද්ධ වෙන්න.

:       25       119

sena Monday, 11 February 2019 02:11 PM

මමත් එකග නැහැ

:       0       17

nisar Monday, 11 February 2019 02:54 PM

නැගෙනහිර දකුණට යා කෙරුවත් ඒ දිසාවෙනුත් ගිනි ජාලා එන නිසා ටිකක් කල්පනා කරලා බලන්න.

:       49       73

Bamunuarachchi Monday, 11 February 2019 04:14 PM

උතුරු නැගෙනහිර එකතු කරනවා තියා ඔය පලාත්වල තියනවාටත් අපි විරුද්ධයි.

:       22       4

BamunuarachchiTuesday, 12 February 2019 07:02 AM

මොකක්ද මේ කතාව.........

:       0       0

Primas Ignetiyas Tuesday, 12 February 2019 04:25 AM

එකතු කිරීම් ,වෙන්කෙරීම් ගැන තර්ක කර කර අවුරුදු 71 කාලය නාස්ති කළා අන්තිමට මොකද වුනේ දෙමල මුස්ලිම් සිංහල ජීවිත දහස් ගණනක් විනාස වුන එක පමණි. අපි එකතු වී දියුණු වෙමු .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site