(ඩයනා උදයංගනී)
බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් සහ මහරගම ආසන සංවිධායක ධූරයෙන් තාවකාලිකව ඉවත් කිරීමට එම පක්ෂය පියවර ගෙන තිබේ.
ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම පැවති රැස්වීමකට සහභාගි වී ඇති බැවින් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
මොකද්ද ඒ වැඩේ ? ඔහොම ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම කෙනෙක් ඉතුරුවෙන එකක් නැහැ. මේ අස්සේ ගෝඨාභයට සියයට 50 ලැබෙන්නේ නැති නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඔවුන්ගේ දෙවැනි මනාපය පොහොට්ටුවට ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා හෙළිදරව් කරලා තියෙනවා. ඒ වගේම ජනාධිපතිවරණයේ දී මහජනතාව ඡන්දය පාවිච්චිකරන ආකාරය පිළිබඳ විද්‍යාත්මක පුරෝකථනයක් ස්වාධීන ආයතනයක් වන ‘ජාතික ප්‍රතිපත්ති කේන්ද්‍රය’ විසින් නිකුත් කර තිබෙනවා. එමගින් ඔවුන් කියා ඇත්තේ "මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද හිමි නාම ලේඛනය ලෙස සලකනු ලබන 2018 නාමලේඛනයේ ඒ ඒ දිස්ත්‍රික්ක වලට අයත් ඡන්ද සංඛ්‍යාවන් සහ එම සංඛ්‍යාලේඛන වලට අනුකූලව 2019 ජනාධිපතිවරණයේ දී හංසයා ලකුණින් තරඟ කරන සජිත් ප්‍රේමදාස ලබා ගනු ඇතැයි සැලකෙන ඡන්ද සංඛ්‍යාව 65,26,414 කි. එය ප්‍රතිශතයක් ලෙස 49.29% කි. පොහොට්ටුව ලකුණින් තරඟ කරන ගෝඨාභය රාජපක්ෂ ලබා ගනු ඇතැයි සැලකෙන ඡන්ද සංඛ්‍යාව 61,72,241 යි. එය ප්‍රතිශතයක් ලෙස 46.62% කි."
ගිලෙන නැවෙන් මීයෝ පනිති. ඒකයි ලෝක ස්වභාවය.
එතකොට ගිවිසුම් ගහලා එකඟතාවට ආවේ මොකටද? කැකිල්ලේ තීන්දු...
ශ්රී ලංකා නිදහස් පක්ෂය යළිත් යටිකූට්ටු වැඩකට අර අඳිනවා කියලයි අපිට නම් හිතෙන්නේ.. මොවුන් ඡන්දය මගදා ඉවත්ව සජිත්ට සහාය දැක්වීමට ජනාධිපති එකඟත්වය පළ කර අැති බව දැන ගන්නට අැත. එ් සදහා ඔවුන්ට හූ කියා ගැනීමෙ වැඩ පිළිවෙල අාරම්භ කර අැත්තේද ඔවුන්ය. මෛත්‍රීපාල ජනාධිපතිවරයා අගමැති කරන බව සජිත් පොරොන්දු වීම එයට හේතුවයි. නමුත් ජනතාව ඔහු අගමැති වනවාට කැමැති නැති බව තෙරුම් ගත යුතුයි..
වැඩේ වැරදියි. පොහොට්ටුවේ පුවත් සාකච්චා වල ශ්‍රීලනිප කට්ටිය ඉන්නවා. මෙයාට විතරක් අමුතු නීතියක්.
අනේ හොඳයි...
දේශපාලනය තුල ඉසුරු වසුරු වෙන්නත් වසුරු ඉසුරු වෙන්නත් වැඩි කලක් යන්නේ නැහැ.
දෙගොල්ලෝ ආපහු තරහ වෙලාද?
ඇයි මොකද මේ හදිසියේ
සජිත් මැතිඳුනි, ඔබතුමා පාක්ෂිකයන්ගේ ඉල්ලීමට සවන් නොදී ටීඑන්ඒ සමග ගිවිසුම් ගත වුනොත් ලක්ෂ ගණනක් පාක්ෂිකයන් ඡන්ද පළට නොඑ්වි. අන්තිමට අපි කොහොමද පාරේ බැහැලා යන්නේ... මිනිස්සු මූණට කෙල ගහවි. වැඩ පළවල්වල දැනුත් අපි කොන්වෙලා ඉන්නේ...
හොඳ තීරණයක්...!!!
මේ වගේ අයගෙන් තමයි රට බේරගන්න ඕනේ.. දැක්කනේ මෙයා පුටු ගත්ත හැටි..!!! අපරාධේ කරපු වියදම්... වැඩේ කියන්නේ මේ අය ඒ පැත්තෙන් මේ පැත්තට පනිමින් ඉල්ලම් හොයනවා වගේ කා බී ජොලි කරනවා කොමිස් ගහනවා. අපේ සල්ලි ඉවර කරනවා මේ අය හැදෙනවා ...!!!
'තාවකාලිකව ඉවත් කිරීමට' කියන එකේ තේරුම මොකද්ද? මිනිහෙක් පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධව යනවා නම් ඒ මිනිහා අයින් කරනවකෝ...
ශ්‍රී ලනිපය ට්‍රොජන් අශ්වයෙක් ආකරයට පොහොට්ටුවට සහයෝගය දක්වන බව පැහදිලිව පේනවා.
දැන් එතකොට දුමින්ද, දයාසිරි, වීරකුමාර ගියේ පොහොට්ටුවේ රැස්වීමට නෙමෙයිද? මොකක්ද මේ වෙනස? බන්දුල ගුනවර්ධනගේ රැස්වීමත් ගෝඨාට සහය දෙන්නනේ පවත්වලා තියෙන්නේ.
මොනවද මේ විහිළුව? ඉසුරු දේශප්‍රියව තනතුරුවලින් ඉවත් කරනවා බන්දුල ගුණවර්ධන සංවිධානය කළ ඝෝඨාගේ රැස්වීමට සහභාගිවුනා කියා. නමුත් විජේදාස රාජපක්ෂ පොහොට්ටුවට පැමිණි උත්සවයට සහභාගි වනවා ශ්‍රීලනිපයේ ලේකම් උන්නැහේ.. ඵතකොට දෙන්නට නීති දෙකක්ද ආයුබොවන්...!
අර පාවා දෙන්නා මධ්‍යස්ථව ඉන්නවා කියලා කකුලෙන් අදින්න හදන්නේ. මේ සැරේ අපි මෙයාට අමතක නොවන පාඩමක් උගන්නන්න ඕනෑ..
අපොයි බණ්ඩාරනායක හදපු පක්ෂය කෑවා ..
ඉසුර ගැන නම් පැහැදීමක් නැහැ. නමුත් මෙවන් දැවැන්ත පක්ෂයකට අත්වූ ඉරණමට චන්ද්‍රිකා වග කියන්න ඕනේ..
හූ කීම හරි අතට දැන හූ කියන එක අඩු කරන්න පුළුවන්..
මේක අමූලික අසත්‍ය ප්‍රචාරයක් කියල නේද දැන් කියන්නේ? කොහොමද විශ්වාසයක් තියන්න පුළුවන් කියන එකයි අවුල...
අලුත් අච්චාරුව මෙන්න.. පුටු, බුලත්කොළ, අත, පොහොට්ටු “හූවක්” සමග කාලා බලන්න.