IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


ඉරාජ්ට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ තනතුරක්

( තිළිණි ද සිල්වා)
 
ශ්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ජනප‍්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතා පත් කරනු ලැබ ඇත.සංචාරක සංවර්ධන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා විසින් අද (14) පත්කිරීම සිදුකර ඇත. මෙම පත්කිරීම වසරක කාලයක් සඳහා වලංගු වේ.

ජනාධිපති ලේකම් ආචාර්ය පි.බී.ජයසුන්දර මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු රජයේ ආයතන සඳහා ප‍්‍රදානීන් තෝරා ගැනීම සඳහා පත් කළ සය පුද්ගල විද්වත් කමිටුව විසින් සංචාරක අමාත්‍යාංශ ලේකම්වරියට කළ දැනුම් දීමකට අනුව ඉරාජ් වීරරත්න මහතා ශ්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කළ බවද සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ පැවසීය.
 
නව පත් කිරීම පිළිබඳව දන්වමින් සංචාරක අමාත්‍යවරයා ඉරාජ් වීරරත්න මහතා වෙත ලිපියක්ද යොමුකර තිබේ.එසේම මෙම තනතුර භාර ගන්නේද යන්න පිළිබඳව සඳහන් කරන ලෙසත් අමාත්‍යවරයා සිය ලිපියෙන් ඔහුට දන්වා යවා ඇත.
 
2002 වසරේ සිට මේ දක්වාම ගායකයෙකු , සංගීත අධ්‍යක්ෂකවරයෙකු හා සංගීත සංයෝජකවරයෙකු ලෙස ක්ෂේත‍්‍රයේ ජනප‍්‍රිය ඉරාජ් වීරරත්න මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකුද වේ.ආසියා කලාපයේ බටහිර හිප් පොප් ගායකයෙකු ලෙසද ජනප‍්‍රිය වී සිටින හෙතෙම පසුගිය කාලයේදී ප‍්‍රසිද්ධ දේශපාලනයේ නිරතවීම හේතුවෙන් සමාජ මාධ්‍ය  ඔස්සේ දැඩි කතා බහට ලක්වූ චරිතයක්ද විය.
 

 



අදහස් (19)

ඉරාජ්ට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ තනතුරක්

mihira Tuesday, 14 January 2020 12:21 PM

කඩේ ගියාට තෑගි...

:       0       1

mihira Tuesday, 14 January 2020 12:28 PM

දෙන්න තිබුණේ කාන්තා කටයුතු...

:       0       1

Raveendra Tuesday, 14 January 2020 12:37 PM

අනේ අම්මපා පසුගිය කාලේ මෙයාගේ සින්දු හිට් කරන්න දත කාපු මහා සංගීතඥ පඩිරුවන නේද? හත්දෙයියනේ සංචාරක මණ්ඩලයට සියලු දෙවිදේවතාවන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා..!!

:       0       1

Asanga Tuesday, 14 January 2020 12:41 PM

දැන් ආණ්ඩුවට කඩේ යාමද මූලික සුදුසුකම?

:       0       1

Buddika Tuesday, 14 January 2020 12:54 PM

නියම වෘත්තිකයෙක්.. මරේ මරු...

:       0       1

රවින් Tuesday, 14 January 2020 01:04 PM

හා හා !! සුදුසුකම්? රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම... අපේ අනාගත බලාපොරොත්තු!!! අපි යන්නේ ඉදිරියටද?

:       0       1

katugampala Tuesday, 14 January 2020 01:04 PM

කඩේ ගියපුවා වගේ ප්‍රතිඵල තමයි..

:       0       1

maalaka Tuesday, 14 January 2020 01:08 PM

නැතුව නැතුව, දර දිය ඇද්ද තරමට සලකන්නත් එපායැ... තමුන්ගේ අතින් යන්නෙත් නෑනේ. එ්කත් බදු ගෙවන තමන්ගේ සේවකයින්ගෙන්නේ..

:       0       1

Lankaputha Tuesday, 14 January 2020 01:39 PM

69 ලක්ෂෙ සනීපද?

:       0       1

lakmal Tuesday, 14 January 2020 01:41 PM

එය එසේම සිදු විය යුතුයි.

:       0       1

Ruhunu Tuesday, 14 January 2020 01:45 PM

අහන්න පුළුවන් ගීතයක් කියන්න බලන්න.

:       0       1

siri Tuesday, 14 January 2020 02:05 PM

මේ මහත්තයාගේ ගීත සහ ඒවායේ වීඩියෝ සංචාරක ප්‍රවධනය සඳහා යොදාගන්නා එකනම් ඒ තරම් නුවණට හුරුවෙන එකක් නැහැ. ඒවායේ අන්තර් ගතවෙලා තියෙන දර්ශන බලලා අපේ රටට අමුතු අමුතු ජාතියේ සංචාරකයින් එන්න බැරි නැති නිසයි එහෙම හිතුනේ. දැන් එතකොට අර ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ තනතුරු දෙකකට මාමා කෙනෙකුයි, නැන්දම්මා කෙනෙකුයි පත් කලෙත් ඔය කියන "රජයේ ආයතන සඳහා ප්‍රධානීන් තෝරා ගැනීම සඳහා පත් කළ සය පුද්ගල විද්වත් කමිටුව" මගින්ද අප්පා?

:       0       1

සේන Tuesday, 14 January 2020 02:17 PM

මේ තණතුර කොතරම් දුරට සුදුසුද කියා නොදනිමි. මොහු ගැන නිවැරදි දර්ශනයක් සමාජය තුළ නැත.

:       0       1

Champa Tuesday, 14 January 2020 02:43 PM

අපූරුයි. පහුගිය කාලේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න වීඩියෝ නිර්මාණය කරපු, කාන්තාවන් යොදවා ඉතා අශීලාචාර නිර්මාණ කරපු මිනිහට ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කරන්න අධ්‍යක්ෂක තනතුරක් දීලා!!! වහල් ආණ්ඩුවටත් හිනා යන පත් වීම වැලක් මේ දවස් වල යූ ටර්න් ආණ්ඩුව කරගෙන යනවා.

:       0       1

Mahesh Uk Tuesday, 14 January 2020 04:08 PM

නියමයි...!!! දේශපාලුවන්ට වඩා නම් හොඳයි..

:       1       1

විජිත් Tuesday, 14 January 2020 06:12 PM

අනේ මන්දා... මේ හාදයා ඉස්කෝලේ ගිහින් තියෙනවද..? ටුවරිසම් කෙසේවෙතත් ඉස්කෝලේ යන කෙල්ලෝ ටිකව බේරාගන්න වේවි... මතකයි නේද දැනට කාලයකට ඉස්සෙල්ලා කාන්තා පාසලකට ගිහිල්ලා. අන්තිමට ප්‍රින්සිපල් මැඩම්ගෙන් කනේ පාරක් කාගෙන ආවා.

:       0       1

prasad Tuesday, 14 January 2020 11:59 PM

Royal, කිව්වම හිතෙන දේවල් මෙතන ලියන්න බැහැ. කමක් නැහැ. උගතෙක් වෙන්න ඇති මගෙ හිතේ... මහාචාර්යවරයෙක්ද?

:       0       2

රජින්ද Wednesday, 15 January 2020 04:13 AM

ආර්ථික විද්‍යාවට ගෞරව උපාධියක් තියෙන සහ යූටියුබ් සමාජ මාධ්‍යයේ නිර්මාණාත්මක චරිතයක් වන මොහු වැන්නන්ගේ දැනුම නිෂ්ඵල දේවලට වඩා රට වෙනුවෙන් නිර්මානාත්මක සේවයක් කළහැකි මෙවැනි කාර්යාංශයක තනතුරකට පත්කොට මොහුගෙන් සංචාරක ක්ෂේත්‍රයට යම්කිසි උදව්වක්, නව නිර්මාණාත්මක අදහස ලබා ගැනීමට උත්සාහ කිරීම වරදක් නොවන බව හැඟීයයි. මෙවැනි අයාලේ ගිය චරිත ඵලදායි ලෙස මෙහෙයවීමෙන් ඇමෙරිකාව ලොව අංක එකේ බලවතෙක් වූ බව නොදන්නා කෙනෙක් නැත.

:       9       0

eresh S kumara Wednesday, 15 January 2020 07:25 AM

මා දන්නා තරමින් ඔහුට උපාධියක් තිබේ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1632 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 496 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site