(මුදිතා දයානන්ද)
ශී‍්‍ර ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ නියෝජිතවරු පිරිසක් අද (22) ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා හමුවී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.
සිය ගැටලු සඳහා විසඳුම් යෝජනාවලියක්ද ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙත ඉදිරිපත් කිරීම සඳහා ඔවුහු හඳුන්නෙත්ති මහතා වෙත භාරදුන්හ.
පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ දී මෙම හමුව සිදුවිය.
ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ විවිධ අංශවල නිරත වෘත්තිකයන් සහ සාමාජික සංවිධාන මුහුණ දෙන ගැටලු පිළිබඳව ඔවුන්ගේ යෝජනාවලියට ඇතුළත්ව තිබිණ. ජාතික ජනබලවේගය ඉදිරිපත් කර තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය තුළ මේ සම්බන්ධයෙන් ගැඹුරින් සාකච්ඡා කර ඇති බව එහිදී හඳුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට ශී‍්‍ර ලංකා ඉදි කිරීම් කර්මාන්ත මණ්ඩලයේ රංජිත් ගුණතිලක, ප‍්‍රධාන ලේකම්, ඉංජිනේරු නිශ්ශංක එච්. විජේරත්න, ජාතික ඉදිකිරීම් සංසදයේ අධ්‍යක්‍ෂ, එන්. ජී. කේ. කරුණාවංශ, ශී‍්‍ර ලංකා වාස්තු විද්‍යා ආයතනයේ හිටපු සභාපති, වාස්තුවේදී, ඩී. එච්. විජේවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.