හර්ෂණ තුෂාර සිල්වා
ඒරෝස්පේස් ලෝන්ග් මාච් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් සමාගම (ඇලිට්) ඔවුන්ගේ ලිපිනය වෙනස් කර ඇති බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිසමට දැනුම් දීමක් නොකරම නෙළුම් කුලුන ඉදි කිරීමේ ව්‍යාපෘතියෙන් ඉවත්ව ඇති බවත් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
නෙළුම් කුලුන ඉදිකිරීම සම්බන්ධයෙන් අත්සන් කරන ලද ව්‍යාපෘතියට චීන සමාගම් දෙකක් අත්සන් තැබූ බවත් චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් ඉම්පෝටර්ස් සහ එක්පෝටර්ස් කෝපරේෂන් (සී.ඊ.අයි.ඊ.සී) ඉන් එක් සමාගක් බවත් අනෙක් සමාගම ඒරෝස්පේස් ලෝන්ග් මාච් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් සමාගම (ඇලිට්) බවත් තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.
නෙළුම් කුලුන ඉදි කිරීම සඳහා ත්‍රෛපාර්ශවීය ගිවිසුමකට අත්සන් තැබූ බවත් ඉන් එක් සමාගමක් පිළිබඳ කිසිදු තොරතුරක් නැති බවත් කුලුන ඉදි කිරීම සඳහා අත්තිකාරම් වශයෙන් ගෙවූ රුපියල් කෝටි 200ක් අතුරුදන් වී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා චෝදනා කළේය. නෙළුම් කුලුන ඉදි කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2018 වසරේ මැදදී දුරකතන ඇමතුමක් දෙමින් ඇලිට් සමාගම පිළිබඳව තොරතුරු සොයන ලෙස දැනුම් දුන් බවත් ඒ අනුව කළ සොයා බැලීම්වලදී ලබාදී තිබූ ලිපිනයේ එවැනි සමාගමක් නොමැති බව අනාවරණය වූ බවත් කරුණාසේන මහතා සඳහන් කර ඇත.
මහත් පරිශ්‍රමයකින් පසුව ඇලිට් සමාගම වෙනත් තැනකට ගෙන ගොස් ඇති බව අනාවරණය වූ බවත් සමාගමේ එවකට සිටි නිලධාරීන්ගෙන් කළ විමසීම්වලදී එම සමාගම නෙළුම් කුලුන ඉදි කිරීමේ ව්‍යාපෘතියේ තවදුරටත් සම්බන්ධ නැති බව දැනුම් දුන් බවත් එම නිවේදනයේ දැක්වේ.
චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ එම අවස්ථාවේදී ඇලිට් සමාගමේ නිලධාරීන් අතර කරන ලද හමුව සම්බන්ධයෙන් තානාපති කාර්යාලය වාර්තාවක් සකස් කර විදුලි සංදේශ නියාමන කොමිසමට දුන් බව ද කරුණාසේන මහතා සඳහන් කර ඇත. චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් ඉම්පෝටර්ස් සහ එක්පෝටර්ස් කෝපරේෂන් (සී.ඊ.අයි.ඊ.සී) සමඟ සබඳතා ඇති කරගැනීමට හැකි වූ බව ද හෙතෙම එහි සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිකුත් කරන බවද කරුණාසේන මහතා සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
COMMENTS
මෙයා පරණතාලේ කෙනෙක්නේ.. ගූගල් කරලා හොයාගන්න දන්නේ නැහැ. කොහොම හරි ඕක හොයාගෙන තියෙන්නේ මුළු චීනයම මාස 6ක් විතර ඇවිදදාට පස්සෙලු. ඔචචර ඕක හොයාගන්න අමාරුයි කියලා දන්නවා නම් ජනාධිපතිතුමාම වැඩේට යනවා.
අනේ අපේ ජනාධිපතිතුමාට මොකද වෙලා තියෙන්නේ?
ලොක්කාම හරියන තානාපති!
ඕක ඉතින් කියන්න දෙයක් නැහැ මේ වංචා හෙළිවෙන නිසයි සාටකයන් ජනපති වරණය පරාජය වුණාම පිස්සු බල්ලන් වගේ හැසිරුනේ .. සිරිලිය කරලා තිබෙන්නේ සුළුපටු වංචාවක්ද ? කෝ ඒ නඩු ? උදයන්ගලා ජාලියලා තවමත් සැඟවිලා .. සාටක ලංගමයට තියලා තිබෙන නය පොලු නඩුවට වෙච්ච දෙයක් නැහැ බැසිල්ගේ මල්වාන නිවසේ නඩුවට මොකද වුනේ ? කුමාරයාගේ හෙල්ස්කොප් නඩුව හැන්ගිලාද? කෝ යෝශිතගේ ක්‍රීඩා ප්‍රචාරක ආයතනයට ප්‍රාග්ධනය හොයාගත් අයුරු නඩුවේ වාර්තා ගිනි අරගෙනද ?මෙහෙම හොර පව්ලකටද රට භාර කරන්න හදන්නේ ?
කලා කාරයෝ දේශපාලන රස්සාවල් අරගෙන හම්බ කරගන්න , සැප ගන්න ගියහම අන්තිමට රටටම එපා වෙන තැනකට තල්ලු වෙලා යයි. මෙතුමත් ඒ තත්වයට පත්වෙමින් පවතී
බලල්ලුනේ, හත්පොලේ ගාගන්න එක නවත්වනු.
මෙම කාලකන්නි අවස්ථාවාදී දෙසපලකයන්ගේ බොරු චෝදනා නිසා සත්‍ය වසන්වී ඇත .පසුගිය වසර 5 තුල කිසිම වැදගත් සංවර්දන වැඩක් නොකළ යූ.ඇන්.පී.ය හා ශ්‍රී ලංකා කාරයෝ දෙගොල්ලම මහින්ද කල වැඩට ඉරිසියා කරයි යුද්දය ඉවරකලා .ඒකත් නරක වැඩක්ද ?
ඝෝටා කොහොමද කීවේ ,කව්තුකාගාර වංචාව සිදුකලේ නැහැ කියල නේද? ඔන්න භය වුන තරම ඒ වංචාවේ මුදලෙන් කොටසක් ගෙව්වා නේද ඒ කියන්නේ වංචාව කරලා නොවේද ? එහෙනම් නෙලුම් කුලුනේ වංචාවත් නොකරා කියන සාක්ෂිය කුමක්ද ?අපිට හිතාගන්න බැරි මේවා දැක දැකත් සමහරුන් සාටකයන්ගේ රෙදි හෝදන්නේ ඇයි කියලයි
මිලියන් 200ක් ආගිය අතක් නැතිවීම ගැන නම් සොයන්නම වෙනවා, එත් අර ඒකාලේ නියමිත කාලෙට කලින් ඉක්මනට මහවැලි කොන්තරාත්තු ඉවරකලා කියල ඒ සමාගම් වලට මිලියනගණන් සන්තෝසම් බෝනස් දීල එයින් පස්සේ ඕස්ට්‍රේලියාවෙන් ගෙවල් ගත්තු එව්වා ගැනත් හොයා බලනවානම්? ඒ දුන්නෙත් රටේ ණයට ගත්තු සල්ලි වලින්ම තමයි. ඒ ගෙවල් වලට කියල කළුවර ගස් කපල කවිච්චි පුටු මේස හදපු මිනිස්සු ලග්ගල මාරක රදුන්න පැත්තේ තවමත්ඉ න්නවා මගේ හිතේ. එක කරවපු දෙසපලඥයෝ නම් දැන් මැරිලා එයාලගේ දුව දරුවෝ ඔව්ව දන්නේ නැතුව ඇති ඒ කලේ පොඩි ළමයි නිසා. ඒ ගෘහභාණ්ඩ ගියා කියන්නේ තානාපති කන්තෝරුවල බදු භාණ්ඩත් එක්කල. වෙන එකක් තියා ඒ වැඩේට ගස් කපපු එවුන් මටත් කවිච්චියක් හදල දුන්න. එහෙව් රටේ ඩොලර් මිලියන දෙසීයක් කියන්නේ අරුමයක් නොවෙයි.
දුප්පත් ගම්වල මිනිස්සුන්ට මේ කාබාසිනියා කරන මුදල් වියදම් කරන්න තිබුන නේද මේ වගේ රට කන කාපලුවන් නැවතත්ඡන්දෙ ඉල්ලන හැටි
ප්‍රශ්නෙට පිළිතුරක් නෙමෙයි මේක.මුළු රටටම දෙනගන්ට ඕනේ කෝටි 200ක් අරන් මේ කොම්පෙනිඑක මග හැරියද කියල.එහෙම නැතිව අතර මගදී ඉවත් වීම අපිට ප්‍රස්නයක් නෙමෙයි.කරුණාසේන මහතාගේ පැහැදිලි කිරීමේදී ඒ ගැන කිසිම සඳහනක් නැහැ.අපිට පැහැදිලි වෙනවා ජනාදිපති තුමා මේ කතාව කීවේ කරුණාසේන මහත්තයෙ දීපු තොරතුරු අනුව කියල.කරුණාසේන මහත්තය වහාම රටට තොරතුරු කියන්ට ඕනේ මේ ආයතනය සල්ලි අරන් පැනල ගියාද නැතිද කියල.
දැන් ඇත්ත එළිවෙලා ඉවරය්. මේ අත්තිකාරම් වශයෙන් ගෙවූ රුපියල් කෝටි 200 මැදමුලන පැත්තේ ඇති.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිකුත් කරනබව කියන කතාවේ තේරුම මොකද්ද? ජනාධිපති කියපු විදියට එක් සමාගමක් (ඇලිට්) පිළිබඳ කිසිඳු තොරතුරක් නැති බව ඔබ අනාවරණය කරගෙන තියෙනවා නේ. 'ලබාදී තිබූ ලිපිනයේ එවැනි සමාගමක් නොමැති බව' සහ 'එවැනි සමාගමක් නොමැති බව' කියන්නේ දෙකක් නේද? අපේ තානාපතිතුමාට මේකවත් හරියට පැහැදිලි කරන්න බැහැ වගේ.
ඉවත් වෙයි නෙමේ, මේකේ හැටියට කලින්ම ඉවත් වෙලානේ ඉඳලා තියෙන්නේ...
ඔය සමාගම යෝජනා කරන්නෙත් චීනෙන්. එ්කට වෙනම සල්ලි ගිහිල්ලත් නැත්නම්, වැඩෙත් කෙරිලා නම් මොකක්ද තියෙන ප්‍රශ්නේ?
ලිපිනය වෙනස් වුණා. ගිවිසුමෙන් ඉවත් වුණා.. හරි එතකොට අත්තිකාරම...?
අපරාදේ තානාපතිතුමා ඔච්චර මහන්සි උනේ. අර පවුලේ කෙනෙක්ගෙන් ඇහැව්වනම් චීන්නුන්ගේ වගතුග ලෙහෙසියෙන්ම දැනගන්න තිබුනා.
අයි මොකුත් නොකියන්නේ. මෙයාගේ ගැන අපි නම් දන්නවා උපකුලපති වූ තැන පටන්.
සඳහිරු සෑයේ නිදහන් කරලා තියෙන්නෙත් රේගුවෙන් උස්සපු රත්තරන්ලු. ඉතින් නෙලුම් කුලුන ගැන කවර කතාද?
ඔය එලියට එන්නේ ටික ටික .....
ඔව් අයින් උනේ ඔයාලගේ ආණ්ඩුව ප්‍රොජෙක්ට් එක නවත්තපු නිසා.
ඩේසි අාච්චිගේ මැණික් මල්ල වගේ කතාවක් නේ? කොම්පැනියත් නැහැ ,සල්ලිත් නැහැ.
මේකේ නම වහා වෙනස් කළ යුතුයි දැන්මම. වහල්ලුන්ගේ කොමිස් කුලුන ...
හොයන්නේ බලන්නේ නැතුව දීපු දිරච්ච ලණුව ලොක්කා ගිල්ලා වගේ.
මම දන්නා තරමට නම් ජනපති සහ තානාපති දෙන්නටම නීති සම්බන්ධ ලියවිලි කියවා තේරුම් ගන්න බැහැ. 19වැනි ව්‍යවස්ථාව වගේ...
මේ විස්තරය ප්‍රචාරය වී පැය කිහිපයක් තුළ වහල්ලු ටික ෆේස්බුක්, වට්ස්ඇප් වල හරියට නැටුවා. ඒක නිවැරැදි කරන්න. ඇත්ත නැත්ත සොයා බලන්නෙත් නැතුව...
"නෙළුම් කුලුන ඉදි කිරීම සඳහා ත්‍රෛපාර්ශවීය ගිවිසුමකට අත්සන් තැබූ බවත් ඉන් එක් සමාගමක් පිළිබඳ කිසිදු තොරතුරක් නැති බවත් කුළුණ ඉදිකිරීම සඳහා අත්තිකාරම් වශයෙන් ගෙවූ රුපියල් කෝටි 200ක් අතුරුදන් වී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා චෝදනා කළේය. "එතකොට සිරිසේන හිටියේ හඳේද? ඔහෙත් ඒ කාලේ ඒ ආණ්ඩුවේම නේද හිටියේ...?
මහින්දටයි, වහල්ලුන්ටයි බැරි ඇයි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොමු කරන්න බොරු චෝදනාවක්... ඍජුවම අපිට එල්ල කළා කියලා. බොරුවට මාධ්‍ය සංදර්ශන නොතියා..?
බොරු මාධ්‍ය සංදර්ශන නොතියා නඩුමගට යන්නකෝ...!!!