IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇමෙරිකාවේ දේවස්ථානයකට ගෑස් කෑන් සමඟ ලයිටර ගෙනගිය අයෙක් අත්අඩංගුවට

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටි ශාන්ත පැට්‍රික් දේවස්ථානයට ගෑස් කෑන් දෙකක් සහ දල්වන තුනක් (ලයිටර) රැගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නිව්යෝක් පොලිසිය අද (18) ප්‍රකාශ කළේය.

ප්‍රංශයේ පැරිස් නුවර ඓතිහාසික නොත්‍රදාම් දේවස්ථානයේ වහළ කොටස ගිනිගෙන විනාශ වීමෙන්  දින කිහිපයකට පසු මෙය සිදුවිය.

මෝටර් රථයේ ඉන්ධන අවසන් වීම නිසා දේවස්ථානය කෙටි මාර්ගයක් ලෙස භාවිත කරමින් ඒ තුළින් ඉන්ධන පිරවුම්හලක් වෙත ගමන් කළ බව අත්අඩංගුවට පත්වූ පුද්ගලයා ප්‍රකාශ කළේ යැයි නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජෝන් මිලර් මහතා පැවැසීය. 
 
එහෙත් අත්අඩංගුවට ගත් පුද්ගලයා දුන් පිළිතුරු එකිනෙකට පරස්පර යැයි නියෝජ්‍ය පොලිස් කොමසාරිස් මිලර් කීවේය. 

“ඔහුගේ හිතේ මොනවද තිබ්බේ, ඔහු මොනවා කරන්න හැදුවද කියලා අපි දන්නේ නැහැ” යැයි ද හෙතෙම කීවේය. 

අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි වියේ පසුවන මාර්ක් ලැම්පැරෙලෝ නම් පුද්ගලයකු වූ අතර ඔහු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු බව ද පැවසේ. 

නිව්යෝක් නුවර ඉදිර කර තිබෙන ශාන්ත පැට්‍රික් දේවස්ථානය නව ගෝතික ආරට නිර්මාණය කරන ලද්දක් වන අතර මැන්හැට්න්හි හදවත ලෙස හඳුන්වයි. එම දේවස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද්දේ 1878 වසරේදී වන අතර ඉදි කිරීම් අවසන් කරන ලද්දේ 1880 වසරේදීය. මේ අතර 2015 වසරේදී දේවස්ථානයේ පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කළේය.
 
ඒ.එෆ්.පී. ඇසුරිනි 
 
055

 



අදහස් (0)

ඇමෙරිකාවේ දේවස්ථානයකට ගෑස් කෑන් සමඟ ලයිටර ගෙනගිය අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site