(මුදිතා දයානන්ද)
මහජනතාවගේත් රටේත් ආරක්ෂාව ගැන අවම වගකීමක්වත් දැරිය නොහැකි, පාලනයකින් රට තව දුරටත් අනාරක්ෂිතවීම වළක්වා ආණ්ඩුව ගෙදර යැවීමේ අරමුණ ඇතිව ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් හෙට (21) කථානායකට බාර දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (20) පැවසීය.
දිසානායක මහතා මෙසේ පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදීය.
රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ද එහි ඉදිරිපත්ව ඇති කරුණු සැළකිල්ලට ගෙන තීරණයක් ගන්නා බවද කිසිසේත්ම අපරාධකරුවන්ට සහය දැක්වීමේ ප‍්‍රතිපත්තියක තම පක්ෂය නැති බවද දිසානායක මහතා එහිදි පැවසිය.
අප්‍රේල් 21 ප‍්‍රහාරය පිළිබඳව තොරතුරු හැකි බවට මෙරට හා විදේශීය බුද්ධි අංශවලින් ලැබි තිබියදීත් එයට මුහුණ දීමට කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගෙන සිටීමෙන් ජනාධිපතිත් අගමැතිත් කැබිනට් මණ්ඩලයත් ජනතාවගේ ආරක්ෂාව බිංදුවට දමා ඇතැයිද ඔහු පැවසීය.
ඒ අනුව මෙම ප‍්‍රහාරයේ පළමු අපරාධකරුවා වන්නේ ප‍්‍රහාරකයින් වන අතර දෙවැනි අපරාධකරුවා ආණ්ඩුව බවද තෙවැනි අපරාධකරුවා වන්නේ ත‍්‍රස්තයින්ට ආරක්ෂාව හා ආධාර උපකාර සපයන්නන් බවද ඔහු පැවසීය.
ත‍්‍රස්ත කල්ලි හා ඒ අයට ආධාර උපකාර කරන අපරාධකරුවන් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ නීතිමය ක‍්‍රියාමාර්ග ගනිමින් සිටියත් දෙවන අපරාධකරු වන ආණ්ඩුව සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගැනීමට සිදුවන්නේ ජනතාවට බවද දිසානායක මහතා පැවසීය.
ආණ්ඩුව සම්බන්ධයෙන් තමන්ගේ තීරණය ගත හැකි මැතිවරණයක් ජනතාව හමුවේ දැනට නැති බැවින් පාර්ලිමේන්තුව තුළදී ගත හැකි පියවර ගැනිමට තම පක්ෂය තීරණය කළ බවද මෙම විශ්වාසභංගය ඉදිරිපත් කෙරෙන්නේ ඒ අනුව බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම විශ්වාසභංගය ඉදිරිපත් වන්නේ අගමැතිත්, ආරක්ෂක ඇමති ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයත් ඇතළු ආණ්ඩුවට එරෙහිව බවද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇයි මේ ආණ්ඩුව ඔයාලා එක්ක තරහ වේවි එහෙම කළොත්?
ඇත්තටම මේ ආණ්ඩුව ගෙදර යැවිය යුතුයි. 225 දෙනාම ගෙදර යනවා නම් තමයි හොඳ. එවාට රටට ආදරයක් ඇති ජනහිතකාමීන් පිරිසක් පත්කර ගන්නට පුළුවන්..
ජවිපය සෑම මොහොතකම ජනතාව ගොනාට අන්දවමින්, එජාප, අගමැති ඇතුලු නඩයම රකින්න, ඉදිරියට ආවා සේම මේ මොහොතේත් අර අඳින්නේ ඒ දෙයටම තමයි. බදුර්දීන් ඇතුලු නඩය රකින්න හොඳම අවස්ථාව තමයි බොරුවට රජයට විරුද්ධ බව පෙන්වීම... මුළු රටක්ම ආණ්ඩුවට විරුද්ධව පෙලගැසෙමින් සිටින වේලාවේ... බොරු විශ්වාසභංගයක් ගෙනැවිත් අමුතු රඟපෑමකටයි ඔය එන්න හදන්නේ...
බෝට්ටුවක් පෙරලීමට සහයෝගය නොදී පස්ස ගහන මිනිහා නැවක් පෙරලීමට යෝජනා කරයි.
කව්ද යකෝ පැණි "මුට්ටියට" අලවංගුවෙන් ගහපු එකා..? හොඳ වෙලාවට හෙන ගැහැව්වේ නැහැ.
මේ ගොයියෝ ටික හොඳ නාට්‍යයක් රඟපාන්න සැරසෙන්නේ. මේ සැරේ ඡන්දෙන් ඔබතුමා සහ සහචරයින්ගේ අවසානය බලාගන්න පුළුවන්. පක්ෂය කෑවා...
මේ අයම නේද මේ ආණ්ඩුව රැකගන්න පසුගිය වසරේ අවසානයේ මහ ඝෝෂාවක් කළේ?
හරියට බලලා දිනය ලියන්න අමතක කරන්න එපා. ඔය අහවල් භංගෙට...
ශ්‍රී ලංකාවේ ආරම්භ කළ පළමු ත්‍රස්තවාදී කණ්ඩායම හා 71 හා 89 කාලවලදී මහජන දේපල කෝටි ගණනක් ගිනිතබා විනාශ කළ රටේ ජනතාවගේ රැකියා ලක්ෂ ගණන් අහිමි කල මෙන්ම රාජ්‍ය හා පුද්ගලික බැංකු සමූහයක් මහදවල් මංකොල්ල කෑම හා ගිනි තැබීම් කළ පාදඩ කණඩායමක් ලෙස රටම දනී. අද අයිස් ත්‍රස්තවාදීන්ට උපකාර කිරීම සඳහා බදුර්දීන් මගින් රාජ්‍ය රැකවරණ ලබාදීමට ලාංකීය ත්‍රස්තවාදී කණ්ඩායම් වන ජේ.වී.පී අය සැදී පැහැදී සිටී.
සියල්ලට කලින් රතුහැට්ටකාරයින් පන්නා දැමිය යුතුයි. ඔය කාලකන්නි තමයි පහුගිය වතාවේ ආණ්ඩුව බේරා ගත්තේ.... දැන් ඔය දඟලන්නේ රිෂාඩ් බේරාගන්න.
දැන් ඔයාලගේ හෙළුව වහගන්න මොනවත් කළත්, කිව්වත් ඔයාලත් යහපාලනයේ කොටස්කාරයින් බව අමතක කරන්න එපා...
රතු අලි පැටියන්ට (ජෙප්පෝ) හොඳටම ෂුවර් 113 ක් ගන්න බැහැයි කියලා. එ්කයි මේක ගේන්නේ. ඔවුන් ආණ්ඩුවට විරුද්ධව දිනන යෝජනාවන්ට විරුද්ධයි. පරදින ඒවාට පැනලා සපෝර්ට්... අනේ අනිච්චන් ... ගිය කලක්.
කරත්තවලට බැඳපු මී ගොන් වගේ. එකෙක් එකපැත්තකට යන්න හදද්දී අනිකා වෙන පැත්තකට යන්න දඟලනවා...
ආනයනික ලොකු ලූනු බද්ද ඉහළට... බත් ගොට්ටෝ අපිට එපෝ..!!!
මොකෝ මේ හිටිගමන් වලිගෙ පත්තු කරගෙන? දැන් බොරුවට කෑගහනවා ජනතාව දන්නවා ඔයාලගේ විස්තර, දැන් අන්දවන්න බැහැ.
ආයෙත් අපේ රට කන්න හදන්නේ නැතුව ඉන්න. ඕනෑ වෙලාවට නැට්ට පස්සේ ගහගෙන හැඟෙනවා, වැඩක් නැති වෙලාවට බුරාගෙන එනවා. රටේ මිනිස්සුන්ගේ කාලේ කන්නේ නැතුව ඉන්න, පව් දෙන්නේ නැතුව.
මෙයාලා කියන දේවල් අහන්න එපා. තේරුමක් නැහැ... අලුත් 225 ඕනේ...
අන්න හරි, ඔය හදන්නේ ලකුණු දාගන්න, ඔයාල වෙනමම විශ්වාසභංගයක් ගෙනෙන්න. කවුරු කිව්වත් සැලෙන්න එපා. නැතිනම් මේ යන විදියට තව ටික දවසකින් බුරියානි කෑම නවත්තන්න වෙනවා.
අපි ඕවට නෑ නෑ
ඇයි හත්දෙයියනේ කෝටි දෙකක් ජනතාව මේ 225 දෙනෙකුට ඕනෑ විදියට නටන්නේ? මේ කෝටි දෙකක ජනතාව අතර ඕනැ තරම් ඉන්නවනේ බුද්ධිමත් උගත් විද්වතුන් සහ අධ්‍යාත්මික නියමුවන්. රටේ සහ ජනතාවගේ නාමයෙන් හෝ නූපන් ඉදිරි පරපුරේ නාමයෙන් හෝ ඔබතුමන්ලා කතිකාවක් ඇතිකරගෙන පෙරට එන්න. මේ රට විනාශ වෙන්නයි යන්නේ. හොර දේශපාලකයන් දැන් ජනතාවට තිත්ත වෙලා ඉන්නේ. මෙවන් ඉදිරි පියවරක් ඔබතුමන්ලා ගත්තොත් ජනතා සහය ලැබෙන බවට කිසිදු සැකයක් නැහැ.
මේ කියන දෙපිටකාට්ටු කතා අහල වැඩක් නැහැ.
ජ.වි.පෙ. යැයි කියමින් මොකද්දො අමුතු නාටකයක් නටන , රටක් , ජාතියක් , ආගමක් නැති හිස් මිනිසුනි මෙහි සඳහන් ප්‍රතිචාර කියෙව්වා නම් ඔබ වැනි නිවට නියාලු අදහස් දරන්නන් සමස්ත සමාජයෙන් ම ප්‍රතික්ෂේප වී ඇති වග මොළේ කළඳක් හෝ තිබේ නම් වැටහෙනු ඇත