(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවා වසර 3 ක් ගතවන තුරු ව්‍යවස්ථා කෙටුම්පතක් සකසා ගත නොහැකි නම් එම මණ්ඩලය හා ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව පවත්වාගෙන යාමෙන් පලක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණු කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ දී අද (11) පැවසීය.
අගමැතිවරයා ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාවලිය කාලය සමඟ යට ගැසූ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එබැවින් තවදුරටත් ඒ වෙනුවෙන් කාලය වැයකිරීම නිරර්ථක ක්‍රියාවක් බව ඔහු කීවේය.
COMMENTS
ආණ්ඩුව වසර 3 ක් අසාර්ථකයි. වසර 3 ක් අසාර්ථකයි..
ඒ තර්කයට අනුව ජේ වී පි එක 1971 සිට අද දක්වා බලයට එන්න ගත් ක්‍රියාමාර්ග සියල්ල අසාර්ථක නිසා ඒ පක්ෂය තිබීමෙන් පලක් නැහැ. දැන් ඉන්න නායකයෝ කොහොමත් ඒ ටික ජනතාවට එත්තුගන්නල හමරයි.
කමක් නැහැ සහෝදරයා ඔයා ඒ අවුරුදු තුන ඇතුළත හොඳටම සාර්ථක වුණානේ...
නූතන ජුජාස් රට පාවා දෙන්නන්ට නායකත්වය සපයන මොහු ජ.වි.ප.ය නැති කෙරුවා... එන ඡනදයකදී බලාගත හැකියි..
ලංකාවේ ඉතාම සාර්ථකම දේශපාලන පක්ෂයනේ.. අනිත් ව්‍යාපාරවල සාර්ථක භාවය මනින්න..
නානාප්‍රකාර තිරිසනුන්ගෙන් පරිපූර්ණ වූ දියවන්නඔය සත්තු වත්තේ ඉන්න හිවල්ලු රෑනේ මෙසේ "හූ " හඬ නගයි..
ජනතා විරෝධය බලවත් නිසා පීල්ල මාරුකරන්න වගේ යන්නේ...
මහජනයාගේ මුදල් වලින් යැපෙන ඔබලා රට පාවා දෙන එක සාධාරණද? තිබුණු ජනමතයත් දැන් ඔබලාට නැතිව ගිහින්...
මණ්ඩලය අසාර්ථකද? නැද්ද? කියන එක පැත්තකින් තියලා මොවුන්ගේ කාලකණ්ණි දේශපාලනය සම්පූර්ණයෙන් පිටු දැකිය යුතුමයි. එදා හයිවේ හදද්දී මහින්දට මාළු ඇඹුල් තියල් ගේන්න මේක හදන්නේ කිව්වා.. ඊයේ, පෙරේදා මාතර බෙලිඅත්‍ත රේල්පාර විවෘත කරද්දී කිලෝමීටරේට ගාන කියලා ඒක හෑල්ලු කරලා ප්‍රයෝජනයක් නැති දෙයක් ගානට දාලා කතා කළා. කිසිම දේක හොඳක් දකින්නේ නැති කුහක දේශපාලනයක් මොවුන් කරන්නේ...
හරිහමන් දේශපාලන කියවීමක් නැති ඔබලා ගැන කණගාටුයි. ජවිපෙ හොඳ නැත්නම් අපි මහින්දගේ රනිල්ගේ හොරුන්ට, දූෂකයින්ට, කුඩුකාරයින්ට ඡන්දෙ දෙමුද?
ජවිපෙ පහුගිය කාලේ මහා අමුතු විදියක් පෙන්නුවේ... ඒ අයට මේ රටේ ප්‍රධාන ජාතිය ආගම කියන දේවල් එච්චර වැදගත් දේවල් නෙමෙයි කියල තමයි කිව්වේ... මොනවා කළත් ඔය ව්‍යවස්ථාවල් වෙනස් කරලා අපිට අපේ රට සුමන්තිරන්ලාට ඕනෑ විදියට නවන්න කරකවන්න කඩන්න දෙන්න බැහැ. මේ වැඩේට උදව් කරන නිසා මට නම් හිතෙන්නේ ඊළඟ මැතිවරණයෙන් මේ හතර පස්දෙනාට විශ්‍රාම සුවය ලැබේවි...!!!
2018 අවසාන වෙන්න වෙනසක් කරන්න ගිය එකට විරුද්ධ වුණා. දැන් කනවෝ..!! කියලා කෑගහනවා..
මෙයාගේ නායකත්වයෙන් ජේවීපී එක විනාශවෙලා ඉවරයි. අත යට සල්ලි ගත්තු එක විජේදාස රාජපක්ෂ හරියට කියලා දුන්නා. ඒවාට කමක් නැහැ. තාජුදීන්ගේ, ලසන්තගේ මරණ ගැන සේරම විස්තර දන්නවා ඒ ගැන කතාකරනවා. එ්ත් තමන්ගේ නායකයාව, ඒ වගේම විජේදාස ලියනආරච්චිලාගේ මරණය ගැන අඩුම වශයෙන් පරීක්ෂණයක්වත් ඉල්ලන්න තරම් කොන්දක් නැහැ.
හලෝ අනුර මේ ආණ්ඩුවත් අසාර්ථකයි.... එ්කයි ජනතාවට මහජන ඡන්දයක් දෙන්න ලැහැස්ති වුනේ. ජනතාවගේ අකමැත්තෙන් රනිල් වගේ ඔය පුටුවේ බලෙන් වාඩිවෙන්න මහින්ද ලැහැස්ති වුනේ නැහැ. එජාපයොත් බය වුනා ජෙප්පොත් බය වුණා ඡන්දයකට යන්න. දන්නවා දෙගොල්ලන්ටම කෙළවෙන බව... බලනවා ලබන සැරේ ජෙප්පන්ට මොකද වෙන්නේ කියලා... කටුකම්බියක එල්ලෙන්නයි වෙන්නේ. අපි කියන්නේ නැහැ මහින්දව අගමැති කරන්න කියලා ජනතාව ඉල්ලන්නේ මහජන ඡන්දයක්...
ලැබුණු "ඩොලර්" ඉවරවෙලා වගේ...