(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
අරුවක්කාලු කසල අංගනයට විරෝධය දක්වන පිරිසක් අද (22) පුත්තලමට පැමිණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට අවස්ථාව දෙන්නැයි උද්ඝෝෂණය කරන්නට වූහ.
මේ හේතුවෙන් ජනාධිපතිවරයා සහභාගීවීමට තිබු වැඩසටහන් කිහිපයක් වෙනස් කිරීමට සිදුව තිබේ.
පුත්තලමේ පැවැත්වෙන ග්‍රාම ශක්ති වැඩසටහන සහ නගරයේ විවෘත කිරීම් කිහිපයක් සඳහා ජනාධිපතිවරයා මේ වන විට පුත්තලම නගරයට ගොස් සිටී.
ජනාධිපතිවරයා පළමුව සහභාගී වීමට තිබු උත්සව සභාව අසළ උද්ඝෝෂකයින් රැඳී සිටීම හේතුවෙන් පළමු වැනි විවෘත කිරීමට සහභාගී නොවූ ජනාධිපතිවරයා දිනය අවසානයේ සහභාගී වීමට තිබු වැඩසටහනට ගොස් සිය කතාව අරම්භ කළේය.
පුත්තලම පොලීසිය මෙම උද්ඝෝෂණය නැවැත්වීම සඳහා අධිකරණ නියෝගයක් ගෙන තිබුණ ද අධිකරණ නියෝගය ද නොතකා ඔවුහු විරෝධතාවයෙහි නියැලී සිටිති.
විරෝධතාකරුවන් පවසන්නේ ජනාධිපතිවරයා හමුවී මෙම කසල ප්‍රශ්නය පිළිබඳව තමන්ට සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. නමුත් ඊට අවසරයක් ලබාදිය නොහැකි බව පවසන ආරක්ෂක අංශ මැදිහත්වී උද්ඝෝෂකයෝ නැවැත්වීමට දැඩි පරිශ්‍රමයක් දරති.
පොලීසිය ,පොලිස් විශේෂ කාර්ය බළකාය, කැරලි මර්දන ඒකකය ,ජල ප්‍රහාරක රථද කැඳවා මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබේ.








සබැදි පුවත්
විරෝධතාකරුවන්ට බැටන්පොලු ප්‍රහාර
COMMENTS
මොකද මෙ හැන්ගිලා වැඩකරන්නෙ එ මිනිස්සු එක්ක කතාකරලා ප්‍රස්නය සාධාරනව විසද ගත්තනම් ඉවරනේ මහජනතාවට මුන දෙන්න බැරි ජනාධිපතිගෙන් වැඩක් තියනවද? මතක තියාගන්න ඡන්දය ලගයි මෙ පාර බත් පැකට් එකටයි ගල් බාගෙටයි වැඩෙ අමාරු වෙයි.
අරුවක්කාලු තව මීතොටමුල්ලක් කරන්නද යන්නේ?
සැලසුම් වෙනස්කිරීම වැඩිය ගණන් ගත යුතු නැහැ. හරියට ආප්ප කැවා වගේ.
මේ කසළ අංගනය විද්‍යාණුකූලද. නැත්නම් එය තවත් කුණු ගොඩක්ද ? මිනිසුන් දැනුවත් කරන්න. කොහේවත් තියෙන කුණු ගෙනල්ලා තවත් ප්‍රදේශයක් ගඳ ගස්සවනම් ඒක වැරදියි. මිනිස්සු බයයි ඒකට
මේ මොන පිස්සු වැඩක්ද? දිනපතා ටොන් ගණන් කොළඹ කුණු තොගය කිලෝ මීටර් 100 වැඩි දුරට ගෙනියන්නේ. අද තාක්ෂණ ලෝකයේ කුණු " ප්‍රතිචක්ක්‍රීකරණය" කරන්න ක්‍රම වේද තියද්දී, මේ කරන වැඩ. කොලොන්නාව කුණු කන්ද අනතුරු වෙච්ච කාලේ කතාබහ වුනා, මේ කුණු ප්‍රවාහන කරන සමාගමින් දේශපාලකයෝ කොමිස් ඉල්ලන බව. එහමනං, කොළඹ පුත්තලම කුණු ප්‍රවාහනයේ ලොකු කොමිස් ජාවාරමක් වෙන්න පුළුවන්.
තැනින් තැනට කුණු ගහින් දාල මේ ප්‍රශ්නය බේර ගන්න බැහැ. ලංකාවේ පමණක් නොවේ ලෝකයේ සෑම රටකම කුණු තිබෙනවා ඒවා නිසි පිළිවෙලට විනාශ කරනවා මේ කිසි ක්‍රමයක් නැති එකම රට ලංකාව නිසා මේ වගේ දේවල් සිදු වෙනවා ජනාධිපති වුන දින සිටම මේ දක්වා එය කලේ කට්ටි පැනීම මිසක් වෙන මොනවද
මේ අරුවක්කලු කසල අංගනය ඉදිකරන ප්‍රදේශය ගැන පොඩ්ඩක් ගුගල් මැප් එකෙන් බලන්න කියලා මම මෙතන අදහස් දක්වන හැමෝටම මතක් කරනවා. මෙය ඉදිකිරීමට මේ ස්ථානය තෝරා ගැනීමට පෙර මේ ස්ථානයේ යම් කිසි විශාල කැණීමක් කර තිබෙනවා. ඒ කැනීම් කරපු අයට විරුද්ධව මේ විදිහේ උද්ඝෝෂණ තිබුනේ නැත්තේ ඇයි?
මේ උද්ඝෝෂකයන් එකෙකුටවත් කොළඹ එන්න දෙන්න නරකයි. ඔවුන් එනකොට ගෙන එන හැමදේම උන් එක්කම යවන්න ඕනෑ. කිසිම කඩයකින් කන්න දෙන්න නැතුව ඉන්න ඕනෑ. මොකද ඔවුන් කාලා ඉතුරුවෙන ඉඳුල්වලින් සහ ගෙනැල්ලා දාලා යන සුන්බුන් වලින් තමයි කොළඹ කුණු ප්‍රශ්නේ මෙච්චර උග්‍ර වුනේ... එක බල්ලෙකුටවත් කොළඹ එන්න දෙන්න නරකයි. ඉස්පිරිතාලෙට එන අය කොච්චර කොළොඹ දූෂණය කරනවද? හැම එකටම කොළඹ එන්න ඕනෑ ඕනෑම උද්ඝෝෂණයකට... මොවුන්ගෙන් වැඩිම වැඩිහරිය පිට අය... මොවුන් තමයි කොළඹ ජරා කරන්නේ. මැයි පළවෙනිදාට කොළඹ තහනම් කරන්න ඕනෑ. කොළඹ කුණු අපිට මැනේජ් කරන්න පුළුවන්... පිට අයගේ කුණු තමයි අපිටත් ප්‍රශ්නේ.. පිට එවුන්ගෙන් කොළඹ බේරගන්න සටනයි අපි දැන් කරන්න ඕනෑ...
මේ මිනිස්සු දැනුවත් නැතිව බොරුවට උසිගන්නලා...
ඔය කුණු ගෙනයන කොන්තරාත්තුව පුත්තලමේ ලොක්කට දුන්නනම් ඔය උද්ගෝෂණ නිකන්ම නවතිනවා
ඇරුවක්කාඩුව කසල අංගනය කරන්න යන ප්‍රදේශයේ මිනිස්සු නැති උනත් මේකෙන් ලොකු පාරිසරික බලපෑමක් වෙනව. මොකද අරුවක්කාඩුවෙ ලොකු වලවල් තියනවා. ගිය අය ඉන්නවනම් දැකල ඇති. ඒ වලවල් වලට අවුරුදු ගාණක් කුණු දන්න පුළුවන්. හැබැයි ඒ පැත්තෙ ගමේ අය කියන්නෙ කලින් යෝජිත ප්‍රදේශයේ නෙමෙයිලු දැන් අංගනය හදන්නෙ. ඒ නිසා වෙන පාරිසරික බලපෑම වැඩී කියල තමයි ඒ පැත්තෙ අය කියන්නෙ.
විල්පත්තුව කපද්දි කටේ පිට්‍ටු හිර වෙච්ච උන්දැලා දැන් මේ හුණු ගල් ආවටයකට විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ කුණු බැහැර කරනවට බොරුවට විරුද්ධ වෙලා. මේක තනිකරම වර්ගවාදී දේශපාලනයක්. ඔය පැත්තේ එකෙක්වත් එන්න එපා කොළඹට.
හරි හරි, අපි ඡන්දෙදි මුළු පුත්තලමම උත්තර දෙන්නම්... අපේ ඔක්කොම ඡන්දයට යන්නේ අලුත්ම කෙනෙකුට... දැනට ඉන්න එක බූරුවෙකුටවත් ඡන්දෙ නැහැ.
ජනතාව අනුන්ගේ කුණුවලට කැමැති නැත. කළ යුත්තේ ප්‍රෙද්ශයේ කුණු එම ප්‍රදේශයේම කලමනාකරණය කිරීමයි. මේ සඳහා කුණු කසල ඇමැතිවරයෙක් පත්කළ යුතුව ඇත. ‘ක්‍රිකට්, මුදල් හා කුණු කසල ඇමැතිධුරය‘ වඩා සුදුසුය.
හරි හරි, අපි ඡන්දෙදි පෘතුගීසීන්ට ඡන්දෙ දෙනවා.
අරුවක්කාලු කසල අංගනය ඉදි කිරීම ජාතික අවශ්‍යතාවයක්. එය නිසි ප්‍රමිතියට ඉදිකිරීම රජය සතු වගකීමක්. එය භාරව ඉන්නේ රටේ නමගිය, වෘතීයමය දේශපාලනඥයෙක්. වැඩේ කරන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියට නමගිය කොරියන් සමාගමක්. ලෝකයේ සංවර්ධිත රටවල්වලත් මෙම ක්‍රමය ආරක්ෂාකාරී, දිගුකාලින සහ විද්‍යාත්මක ක්‍රමවේදයක් ලෙස භාවිතා කරනවා. එය පරිසර හිතකාමී වැඩ පිළිවෙලක් නම්, විද්‍යාත්මක නම්, දත්ත අනුව චක්‍රයට හෝ අවකාශයට හානි නොවෙනවා නම්, භූ විද්‍යාත්මකව සුරක්‌ෂිත නම්, මොනවද මේ අය කියන්නේ? යමක් වෙනුවෙන් උද්ඝෝෂණය කරන්න ඕනෑම අයෙකුට අයිතිය තියෙනවා. හැබැයි ඒ උද්ඝෝෂණ සාධාරණ වෙන්න ඕනේ. හේතු සහිත වෙන්න ඕනේ. විද්‍යාත්මක කරුණු කාරණා අනුව හානිකර බව ඔප්පු කරන්න ඕනේ. අපි කැමතියි ඔය උද්ඝෝෂණය පිටුපස්සේ ඉන්න බදුර්දීන්ට කියන්න විල්පත්තු ප්‍රශ්නය නිසා එකට එක කිරීමක් විදිහට ජාතික අවශ්‍යතා සහ කාරණා පටලවා ගන්න එපා කියලා. ඒ දේශපාලනය නෙමෙයි. කඩාකප්පල්කාරී වැඩ. මේ වැඩේ ඔය උද්ඝෝෂණය නිසා නවතින්නේ නැති බව මතක තියාගත යුතුයි...
ඔයගොල්ලන් නැති වුණාට අපේ ලොක්කගේ ගැලරිය පිනවන කතා අහන්න තව ඕනේතරම් මිනිස්සු ලංකාවේ ඉන්නවා.
"පුත්තලම පොලීසිය මෙම උද්ඝෝෂණය නැවැත්වීම සඳහා අධිකරණ නියෝගයක් ගෙන තිබුණද අධිකරණ නියෝගය ද නොතකා ඔවුහු විරෝධතාවයෙහි නියැලී සිටිති." දකුණේ පුලුවන්ද මෙහෙම කරන්න..? අැයි මේ අයට නඩු දැම්මේ නැත්තේ.. අර අබාධිත රණ විරුවන්ට නම් ගහලා පැන්නුවා, හාමුදුරුවරුන්ටත් ගැහුවා, එතකොට විශ්වවිද්‍යාල සිසුන්ට ගැහුවා. මෙයාලට විතරක් වෙනසක් අැයි? අර හෙල්මට් නොදායන්න අවසර තියෙන අයද මේ අය?
මීරා ලෙබ්බේ ...තමුන් බබා උක්කුන්ද ...? සංජීව කියලා තියෙන්නේ ඇත්ත... මියන්මාරයේදී ඉල්ලන් කාපු ටික මෙහෙදීත් කන්න වෙයි.
හුඟ දෙනෙක් අදහස් දක්වලා තියෙන්නේ මාතෘකාව ගැන පමනක් බලලා. මාතෘකාව ලිපියට ගැලපීමක් නැහැ