(සිරිනිහාල් ගමගේ)
වඳුරඹ මැද කිබිය ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල සැරි සැරූ අයිඑස්අයිඑස් ත්‍රස්ත කණ්ඩායමේ නායකයින්ගේ ඡායාරූප දුරකතනයේ සටහන්ව තිබු සැකකටයුතු පුද්ගලයකු වඳුරඹ පොලිසිය අත්අඩංගුවට ගෙන අද (25) බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 05 දින දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.
මෙම පුද්ගලයා සතුව කිසිදු අනන්‍යතාවයක් සහතික කිරීමට හැදුනුම්පතක් හෝ වෙනත් කිසිදු ලේඛනයක් තිබී නැත.
ඔහු පවසන පරිදි කොලබවැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් කැනඩාවේ සේවය කර ලංකාවට නිවාඩුවකට පැමිණි බවත් නම සුරේෂ් ශ්‍රී කාන් බවටත් පොලිසියට පවසා ඇත.
පසුව ඔහු සන්තකයේ වූ භාණ්ඩ පරීක්ෂා කිරීමේදී කැනඩාවේ ආයතනයක සේවක හැඳුනුම්පතක් තිබී එහි නම ලෙස ශ්‍රී කාන් කාන් ලෙස සඳහන්ව තිබී ඇත.
මෙම පුද්ගලයා කුමක් සඳහා මෙම ප්‍රදේශයට පැමිණියේද යන්න විමසීමේදී එම ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේනමක් සමඟ මුහුණු පොතෙන් මිතුරුවී එම ස්වාමීන් වහන්සේව හමුවීමට පැමිණි බව පවසා ඇත.
ඔහු සතුව තිබු ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් වන අයිඑස්අයිඑස් සංවිධානයේ නායකයන්ගේ ඡායාරූප හා ගාල්ල නගරයේ විවිධ ස්ථාන වල ඡායාරුප එම දුරකතනයේ සටහන්ව තිබී හමුවී ඇත.
2025 දෙසැම්බර් මස 18
523
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයිඑස්අයිඑස් ත්‍රස්ත නායකයින්ගේ ඡායාරූප දුරකථනයේ තිබූ අයෙක් රිමාන්ඩ්
saliya Friday, 26 April 2019 04:16 AM
සියලුම අම්මලා ආගම් බේදයක් කරගනේ නැතිව තම දුදරුවන් ගැන සැලකිලිමත් වෙන්න ඕන කාලයක් මේක.