IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් රැසක් අමාරුවේ

(දයාරත්න ඇඹෝගම)
 
විශ්ව විද්‍යාල සිසුන්ට ජල සහ කදුලූ ගෑස් ප‍්‍රහාර එල්ල කිරිම සහ තවත් ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අද (22) පෙරවරු 8 සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන් දුර බැහැරින් රෝහල කරා ප‍්‍රතිකාර ලබා ගැනිමට පැමිණි රෝගිහු විශාල පිරිසක් මහත් දුෂ්කරතාවයකට පත්වුහ.

අනුරාධපුර ශික්ෂණ රෝහලට ගිය අප හට දක්නට ලැබුණේ පදවිය , සිරිපුර, කැබිතිගොල්ලෑව, මැදවච්චිය වැනි ඉතා දුෂ්කර ප‍්‍රදේශ වලින් පැමිණි රෝගින් ප‍්‍රතිකාර ගැනිම සඳහා දියවැඩියාව හෘද රෝග  දනිස් කැක්කුම් සඳහා ප‍්‍රතිකාර ලබා ගැනිමට එම සායනයන් ඉදිරිපිට වාඩිවි සිටි ආකාරයයි.

රජයේ නිලධාරින්ගේ වෛද්‍ය සංගමයේ අනුරාධපුර ශාඛාවේ ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා ගෙන් කළ විමසිමේදි ඔහු පැවසුවේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වෛද්‍යවරුන් 600 ක් පමණ දෙනා මෙම වර්ජනයට එක්ව සිටින බවයි.

වකුගඩු ඒකකයේ සහ හදිසි සේවාවන් පවත්වා ගෙන යන බවත් සායන සහ බාහිර රෝගින් සදහා ප‍්‍රතිකාර කිරිම අත් හිටවා ඇති බවත් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා පැවසිය.

(අනුරාධපුර - දයාරත්න ඇඹෝගම)

 

( පුත්තලම - හිරාන් ප්‍රියංකර)

( මඩකලපුව - ජවුෆර් ඛාන්)



අදහස් (12)

වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් රැසක් අමාරුවේ

පීරිස් Monday, 22 May 2017 04:54 AM

මේ අයට නිසි දඬුවම් පමුණුවන දවස කවදාද?

:       29       9

භාණුක Monday, 22 May 2017 05:29 AM

මේ තරම් නීතියට ගරු නොකරන වෘත්තිය සංගමයක් දැක නැත. රටක නීතියට ගරු නොකිරීම එම රටක අනාගතයට සූභ නිමිත්තක් නොවනු ඇත. වැදගක් වෘත්තිකයන් වශයෙන් වෛද්‍යවරු ක්‍රියා නොකරන්නේනම් අනාගතයේ බිහිවන වෛද්‍යවරුන්ටද එය කළු පැල්ලමක් වීමට පුළුවන. වැදගත් වෛද්‍යවරුන්ටද මෙය කළු පැල්ලමක් එක්කරනු ඇත. දෙවිවරු වගේ මිනිසුන්ගේ ජීවිත බේරන වෛද්‍යවරුත් මේ අතර සිටිනා බව අපේ හැගිමයි. ඔවුන්ට අපේ ප්‍රණාමය

:       30       52

kumar (galf) Monday, 22 May 2017 05:37 AM

අනේ මෙහෙම දොස්තරලා මිනීමරන රටක්!!!

:       9       109

දම්මිකා Monday, 22 May 2017 05:39 AM

ජනතාව විසින් පත්කරන ලද දේශපාලකයන් විසින් ගන්න තීන්දු තීරණ නිසා අපහසු තාවයට පත්වන්නේ ජනතාවමය. වර්ජන වෘත්තිමය අයිතිවාසිකමකි. මහජනයාට වඩාත්ම දැනේනේ සේවාව වෛද්‍ය වෘත්තියයි. එහි ගුණාත්මකභාවය යනු මිනිසුන්ගේ ජීවිතයි. ඔවුන්ගේ සටන ඒ සඳහයි. දේශපාලකයන් මෙයට ඇහුම්කන් නොදෙන්නේ මන්ද.?

:       70       103

සුගත් Monday, 22 May 2017 06:18 AM

පිළියන්දල සමාධි දැරියට සිදුවූ අසාධාරණයට එරෙහිව නුබලා වර්ජනය කරන්නේ කවදාද ?

:       63       57

jim kuru Monday, 22 May 2017 06:35 AM

දොස්තර මහත්වරුන්ට වෙනම ඇපයක් හදමු...

:       0       5

abaran Monday, 22 May 2017 06:37 AM

සමහර රෝහල්වල රෝගීන්ට නිහඬව තමයි ඉන්න වෙලා තියෙන්නේ

:       0       3

arschloch Monday, 22 May 2017 08:51 AM

සමහර රෝගීන්ට හරියට කෑමක්, බීමක්, විටමින් එකක්වත් දෙන්නේ නැහැ. දන්නෙත් නැහැ. ඒවාට සල්ලිත් මේ අය ළඟ නැහැ. මේ දොස්තරවරුන්ගේ ක්‍රියාකලාපය නම් හොඳ නැහැ..

:       0       5

ප්‍රීති Monday, 22 May 2017 09:48 AM

මීට කලින් අවස්ථාවල වෛද්‍යවරු වර්ජනය කල අවස්ථාවල සමහර මාධ්‍ය මගින් විකාශනය කල ප්‍රවෘත්ති හා පුවත්පත්වල පලකළ අදහස් අනුව බොහෝ දෙනා කියනවා මේ දොස්තරලා කරන වර්ජනය සාධාරණයි කියලා. එවැනි සමාජ වාතාවරණයක් තුළ, අපේ රටේ රෝගීන්ට තියන විශාලම ප්‍රශ්නය තමන්ට තියන රෝගයටත් වඩා ඇත්තේ සයිටම් එකේ අර්බූදයයි. ඉතින් වෛද්‍යවරුන්ට ඒ අයගේ මේ වර්ජනය සාර්ථක කරගන්න ලෙඩ්ඩු ලෙස උදව් කරනවා හැරෙන්න මේ වර්ජනය කඩාකප්පල් කිරීමේ අරමුණින් නැති ලෙඩත් හදාගෙන රෝහල් වලට පැමිණීම මම නම් අනුමත කරන්නේ නැහැ.. ඔය සයිටම් එක වහලා දානකම් ලෙඩ හදාගන්නේ නැතිව ඉන්න බලන්න. අනික ඔබලා වැනි රෝගීන් පිළිබඳ තිබෙන සත්භාවයෙන්ම ඔවුන් පෞද්ගලික රෝහල් වල චැනල් සෙන්ටර් වල ඉතාම කැපවීමෙන් ඔවුන්ගේ සේවාව ඉටු කරනවා. කරුණාකර මෙතන මැසිවිලි නගන්නේ නැතිව ඒ උතුම් "ශ්‍රී ලංකා වෛද්‍ය සේවය" එම ස්ථාන වලින් ලබා ගන්න.

:       7       12

Hafeel Monday, 22 May 2017 10:25 AM

මේ රජය ආපු දවස ඉඳන් කයිවාරු පමණයි. රජයේ දුර්වලකම නිසා තමයි මේ දේ සිදුවෙන්නේ. කනගාටුයි අහිංසක දුප්පත් රෝගීන් අසරණයි. සුළු සුළු ප්‍රශ්නවලට පවා විසඳුම් දෙන්න බැරි මේ රජයේ මැති ඇමතිවරුන්, වරප්‍රාසදවලටනං අඩුවක් නැහැ.

:       1       2

aravinda Monday, 22 May 2017 01:44 PM

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ මේ වැඩ වර්ජන ගැන දින දෙකකට කලින්වත් ගුවන් විදුලිය හෝ රුපවාහිනිය මගින් මහජනයා දැනුවත් කල යුතුයි. එවිට, මේ අසරණ ලෙඩුන් ඉස්පිරිතාලවල පැමිණ රස්තියාදු වීම වළක්වා ගත හැකියි. මීට අමතරව අපේ දේශීය වෛද්‍යවරුන් මීට වඩා රට තුල ප්‍රචලිත කල යුතුයි. මා දන්නා තරමින්, දේශීය වෛද්‍යවරුන්ගේ ආචාර ධර්ම ඔය බටහිර වෛද්‍යවරුන්ට වඩා ඉහළයි.

:       1       9

dhammika Monday, 22 May 2017 05:09 PM

හය හතර නොදන්නා නුගත් පාලකයන්ට එය කියා දීමට උගත් බුද්දිමතුන් දරන උත්සාහයකි ! ?? මේ සියලු දෙනාම හය හතර (දිව්‍ය ලෝක හය සහ අපාය හතර) නොදන්නා බව ඔවුන්වත් නොදනී. සියලු දෙනාගේම මාර්ගය හතර අපාය වෙතය. ඒ නිසා නූගතුන් හා උගතුන් අතර වෙනසක් දැකිය නොහැක.

:       0       3

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 346 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site