IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඒකාබද්ධ විපක්ෂයෙන් කථානායකට ලිපියක්

(ඉෂාන් සංජීව)
පළාත් පාලන සංශෝධන පනතට තමන් එකඟත්වය පළ කළ නමුත් හොර රහසේ වෙනත් සංශෝධන රාශියක් පනතට ඇතුළත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බැවින් ඊට ඉඩ නොදෙන්නැයි ඉල්ලමින් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායකවරයාට අද(23) ලිපියක් ලබා දුන්හ.

‘‘අපි මේ සම්බන්ධයෙන් කතානායකවරයා සමඟ සාකච්ඡා කළා. මෙම පනත ඡන්ද විමසීමකට ලක් නොකරන බව කතානායකවරයා අපිට දැනුම් දුන්නා. නමුත් මෙම පනත හෙට ඡන්ද විමසීමකට ලක් කරන බව සභානායකවරයා දැනුම් දුන්නා. නමුත් තවමත් මන්ත්‍රීවරුන්ට හෝ මැතිවරණ කොමිසමට එම සංශෝධන ඉදිරිපත් කර නැහැ. මේ වනවිට අවුරුදු දෙකයි මාස දෙකක් තිස්සේ මැතිවරණ කල් දමලා. තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ජනතාවට කුමන හෝ මැතිවරණයක් අවශ්‍යයි‘‘ යැයි ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටියේ පළාත් පාලන සංශෝදන පනත පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක් අද (23) මැතිවරණ කොමිසමේ සභාපති හමුවීමට පැමිණි අවස්ථාවේදී ය.



අදහස් (9)

ඒකාබද්ධ විපක්ෂයෙන් කථානායකට ලිපියක්

Dr. Lakshman Fernando Wednesday, 23 August 2017 01:48 PM

මේක නම් නියම වැඩක් නේ...

:       0       0

sahan Wednesday, 23 August 2017 02:50 PM

අනාථ නාථ ලා ටික...

:       0       0

vidya Wednesday, 23 August 2017 07:29 PM

මේ ඔය රස්තියාදු වැඩ කරන්නේ නැතිව අපේ ළිඳ ඉහලා සුද්ද කරලා දෙන්න එනවද?

:       0       0

siri Wednesday, 23 August 2017 08:11 PM

සීරුවෙන්,කොහොමටත් යහපාලනය හොර වැඩවලට අති දක්ෂයි.

:       0       0

ruwan Thursday, 24 August 2017 06:09 AM

බොරු බේගල් ගහන්නේ නැතුව අවංකවම උදව් කලානම් මේක මෙතරම් කල් යන වැඩක් නොවන බව පොඩි ළමයකුට වුණත් තේරෙනවා. මොවුන්ට ඡන්දෙට යන්න තියෙන බයට බොරු බේගල් කියකියා කල් යවන එක තමයි කරන්නේ.

:       52       78

rohana Thursday, 24 August 2017 06:27 AM

ඔතන ඉන්න නානායක්කාර නම් වලපයයි, ගොඩපයයි තියෙන කෙනෙක් නේද? මේ නහින දෙහින කාලේ පිනක් දහමක් කරගෙන ගෙදර හිටියා නම් තමා හොඳ...

:       60       108

slj Thursday, 24 August 2017 04:25 PM

පව් අනේ, මෙතුමාලා මහජන සේවයට කරදර වෙන තරමක්....! අපේ රටේ මොනවා නැතත් හැමදාම හැම පුවත් පතකම සහ චැනෙල් එකකම මැතිවරණය, ව්‍යවස්ථාව සහ පක්ෂ සංවිධානය ගැන විතරයි කතාව. කවුරුවත් කතා කරනවද රට සංවර්ධනය කරන හැටි හෝ එතුමන්ලාගේ සංවර්ධන වැඩපිළිවෙලවල්. අඩු ගානේ අපේ රටට මොකද වෙලා තියන්නේ කියලා බැලුවද? .

:       0       48

Sugath Friday, 25 August 2017 04:00 AM

මේ ගොල්ලන්ගේ වැඩේ දැන් විශ්වාස භංග ගේන එකයි. හොරකම් කරලා මදිවට තවත් තණ්හාව බලයේ ඉන්න. ඩලස් මන්ත්‍රීතුමා නරකද ඔය බඩ බස්සගන්න ව්‍යායාමේ යෙදුනොත්. සෞඛ්‍යයට හිතකර වේවි!!! නිකම් මිනිස්සුන්ව මුළා කරන්න එපා.

:       0       0

palitha Friday, 25 August 2017 07:06 AM

පින් සිද්ද වෙනවා ඔබතුමන්ලාට දැන්වත් මේ රට කරගෙන යන අයට සහයෝගය දෙන්න. නැතිනම් පැත්තකට වෙලා ඉන්න. රටක් ආපස්සට අදින බල ලෝභී ලෝකයේ එකම විපක්ෂය....

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 325 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site